tag:blogger.com,1999:blog-3658321043959010078.post5934151319385250737..comments2023-10-14T17:17:46.246+05:30Comments on මගේ අහස - ලංකාවට සිංහලෙන්: ඩනිෂ්ක ගේ සහ සරත් ගුණතුංග ගේ පැනයට පිලිතුරුUnknownnoreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3658321043959010078.post-61744802461052655572008-12-09T15:04:00.000+05:302008-12-09T15:04:00.000+05:30"රාෂියක්ම තිබෙනවා වසර කිහිපයකට පෙර සූර්යයාගේ විද්‍ය..."රාෂියක්ම තිබෙනවා වසර කිහිපයකට පෙර සූර්යයාගේ විද්‍යුත් චුම්භක තරංඟ වල අගය සැලකිය යුතු ලෙස ඉහල ගියා චන්ද්‍රකා, ගුවන් යානා, ආදියට මින් භාධා එල්ල වුනා මේ නාසා දැන් සුර්යයා අප ත්‍රිමාණව නිරීක්ෂණය කරනවා 2012 දී සුර්යයා ගේ උච්ච අවස්ථාවට එලඹීමට නියමිතයි මේ නිසා යම් කරදරයක සේයාවක් දුටුවහොත් විනාඩි 45 ප්‍රථම ඊට සූදානම් වීමට ඉඩ ලැබේවී, ඒ තාක්ෂණයට හා තාරකා විද්‍යාවට පින්සිදු වන්නටයි. මෙවැනි කරුනු දහස් ගනනක් දින ගනනක් පුරා කථා කල හැකි පැණයකි."

සූර්යයාගේ විද්‍යුත් චුම්බක තරංග මීට කලින් ඉහල ගියේ නැද්ද? නොගියා බව දන්නෙ කොහොමද? අහස් යානා වලට වුන බාධක මොනවද? 2012 සූර්යයා උච්ච අවස්ථාවකට එනව නම් එය නවතන්න පුලුවන්ද? එකිනෙකට ඇති ගුරුත්වාකර්ෂණය නිසා අවකාශයේ රැඳී පවත්නා එක් එක් ග්‍රහ ලෝකවල ගුරුත්වාකර්ෂණයට බාධා කලොත් සියලුම ග්‍රහ ලෝක වලට එය බලපාවි නේද?

විනාඩි 45 කට පෙර සූදානම් වන්නේ කුමක් සඳහාද?
මේ ගැන දවස් ගනන් කථා කලත් එයින් අපට වන සෙතක් නැත්නම් කථාකිරීමෙන් ඇති ඵලය කුමක්ද?සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-3658321043959010078.post-27317122156949357202008-12-09T13:40:00.000+05:302008-12-09T13:40:00.000+05:30තරහ වෙන්න එපා, මේ අදහසක් පමණයි.................ඔය ...තරහ වෙන්න එපා, මේ අදහසක් පමණයි.................ඔය සොයා ගන්නා වූ ග්‍රහයින්ගෙන් මිනිස් ප්‍රජාවට කිසියම් යහපතක් වෙයිද?මේ ලෝකයේ මෙතරම් ප්‍රශ්න තිබියදී නොයෙක් ආම්පන්න සහිතව ඔය ලෝක වලට, කෝටි ගනන් වියදම් කරගෙන යන්නේ යන්නන්ගේ උජාරුව පෙන්නනට නේද?

මහත්මයා, කලබල වෙන්න එපා. මගේ පැනය ඉහත දක්වා ඇත. ඔබ ගැටලුවට පමණක් පිලිතුරු දෙන්න. විද්‍යාව පිලිබඳවත් බුද්ධාගම පිලිබඳවත් ලොව තතු පිලිබඳවත් යම් දැනුමක් මටද ඇත.

ජීවය මිහිපිටට ගෙනාවේ වල්ගා තරු? ඒ බව ඔප්පු කර ඇත්ද? සාදක මොනවාද? කිසිවකුගේ මතයක් පිලිගැනීමට නොහැකිය. ජීවය මිහිපිටට ගෙනාවේ කවුරුන්දැයි සෙවීමට ගියහොත් මානසික රෝගියෙක්ව කෙලවර වන බව බුදුරදුන් දක්වා ඇත. තවද, උන්වහන්සේ පුබ්බේනිවාසානුස්සති ඥාණයෙන් කල්ප ගනණක් ඈතට විමසා බලා, එකල්හිත් මිනිස් වාසයක් තිබුණු බවට සඳහන් කර ඇත. විපස්සි බුදුරදුන් සමයෙහි සාමාන්‍ය මිනිස් ආයුෂ අවුරුදු 84000 බවත් බුදු රජානන් වහන්සේ සඳහන් කර ඇත.

"බුදුන් වහන්සේද පිටසක්වල ඇති ලෝක හා සන්නිවේදනය කල හැකි ක්‍රම පිලිබඳව සාකච්ඡා කර ඇත්තේද උන්වහන්සේගේ කුතුහලය සහ මිනිසාට ඒ ගැන සොයා බලා කරුනු පැහැදිලි කිරීම අවශ්‍ය බව උන්වහන්සේට හැගුනු නිසා විය යුතුය. "

ඔබ මෙසේ කීවද මෙවන් දෙයක් කිසිම සූත්‍රයක සඳහන් වී නැත. බුදුන් වහන්සේ සියල්ල දත් සේක. එව්න් උත්තමයෙකුට අගෞරව නොකරන මෙන් මම ඔබතුමාගෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි. උන්වහන්සේ වදාල හැම දෙයක්ම පැහැදිලිවම, ඉතා පිරිසිදුවම් වදාල සේක.

විද්‍යාවත් බුදුවරු අතරත් ඇතේ විශාල පරතරයකි.
මෙලොව පහලවූ බුදුවරු විසිහතර දෙනාම දෙසුවේ එකම ධර්මයකි. එනම් ලොව තූල සදා පවත්නා ආර්ය සත්‍යයන් සතරය. ඒ ආර්ය සත්‍යයන් එදත් අදත් එසේමය. විද්‍යාව එසේ නැත. ඔබ්තුමා වැනි නවකයෙකුට ඔබින ග්රන්ථයක් ඇත. මේ නම් Structure of the scientific revolutions - Thomas Kuhn මෙහි ඉංග්‍රිසි ටිකක් බරපතලය, නමුත් කියවීමෙන් විද්‍යාව ගැන සෑහෙන අවබෝධයක් ලබාගත හැකිය. එහි සඳහන් වන්නේ, In a scientific society, the scientific discoveries are put to test by the scientific people and find the anomalies. Then they put forward another theory. A period of time where one set of scientific discoveries are tested is called a paradigm. අපිත් සිටින්නේ එවන් පැරඩයිමකය. තව අවුරුදු කිහිපයකින් මිහිපිටට ජීවය ගෙනාවේ වෙන තැනකින් බව තව විද්‍යාඥයෙක් පවසනු ඇත. විද්‍යාඥයින්ගේ සොයාගැනීම් සහ මිනිස් මනැස දෙස විචාරාත්මකව බලනවිට විද්‍යාඥයෝ ඇත්ත වශයෙන්ම සියලුම කරුනු නොදන්නා, දන්න සුලු ප්‍රමානයෙන් සිය මහන්තත්වය විදහා දක්වන්නට තැත්කරන විද්‍යා අඥ්යයින් බව කිව හැක.

ඔබට තෙරුවන් සරණයිසරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.com