Wednesday, June 18, 2008

බලාපොරොත්තුව


ෂාන් යානයේ දොරටුව ලඟ රැඳීසිටින්නේ ඉන් බැස ගෙන අවසන් වරට පෟථුවිය මත රාජකාරි නිමකර, පෟථුවිය මතින් නික්මෙන්නා බවට පත් වීමටය.

ඒ වන විටත් අභ්‍යාවකාෂ ඇඳුමින් සැරසී සිටි ෂාන් සීරැවෙන් යානාවෙන් පිටතට පැමින ඔවුන්ගේ යානය ගොඩ බා තිබුනු ආක්ටික් ප්‍රදේශයේ තරමක් ඉදිරියට ගමන් කලේය.

රත්වු වාකඳක් ඔහුගේ ඇඟේ දැවටෙමින් ගමන් ගත් බවක් ඔහුට දැනිනි, සූර්යා ක්ෂිතිජයෙන් පහල වුවත් ප්‍රබලව පිටවන සුර්ය කිරණ අද පෟථුවිය මිනිස් වාසයට නුසුදුසු තැනක් බවට පත්කර වසර කිහිපයක්ම ගේවී ගොස් හමාරය. අද පෟථුවියද සිකුරැ, අඟහරැ මෙන් කිසිඳු ගහ කොලක් නැති පාලු කාන්තාරයක් බවට පත් වී ඇත, ඒ හදිසියේම සුර්යාගේ ක්‍රියාකාරීත්වය බලාපොරොත්තු නොවු ලෙස ඉහල යෑමත් සමගය. එමගින් ඇතිවු ප්‍රබල සුර්ය කුණාටු හා ප්‍රබල චුම්බක තරංඟ මිහිමත ජීවීන් මෙන්ම ඔවුන් නිර්මාණය කරගෙන තිබුනු තාක්ෂණයද පෟථුවිය මතින් අතුගා දැම්මේ ඉතා සුලුකාල පරාසයක් තුලය.

මෙම භායානක ඉරණමට ගොදුරැ වී ඉන් තවමත් ඉතිරි වී සිටින්නේ ඉතා සුලු පිරිසකි ඒ අතර ෂාන්ද වෙයි. ඔහුගේ අද අවසාන රාජකාරිය වී ඇත්තේද නිසල පෟථුවිය මත පාරිසරික වෙනස්වීම් පිලිබඳ තොරතුරැ එක්රැස් කිරීමට එහි සවිකර තිබූ උපකරණයක් නැවත හෝප් මවු යානය වෙත ආපසු රැගෙන ඒමය.

අමාරැවෙන් ඉදිරියට ඇදුනු ෂාන් බිම තබා තිබුනු උපකරණය ඔහු වෙතට සීරැවෙන් ලංකර ගත්තේ තරමක ආයාසයකින්ය, ඒ එහි ඇති තොරතුරැ තවමත් ජීවත්වන පිරිසට නැවත බලාපොරොත්තුවක් ඇතිකර හැකි බව ඔහු දන්නා නිසාය.

නැවත වරක් යානාව වෙත යෑමට හැරනු ඔහු වට පිට මදක් අයේත් හොඳින් බලා සුසුමක් හෙලීය, ඒ මිහිකතට ඔහුගේ අවසාන ආචාරයයි. යානාව දොරටුව සමිපයේ සිට වුඩිස් බලා සිටියේ උපකරණ සමග එන තම සගයාට උදවු කිරිමටය. ෂාන් දොරටුවට සමීප වෙත්ම වුඩිස් අත දිගුකර උපකරණය ඔහු අතට ගත්තේය, ෂාන්ද ඒ සමගම යානාවට ගොඩවිය, ඔවුන් සමග යානාව අභ්‍යාවකාෂගතවිය, ඒ අඟහරැ ග්‍රහයාගේ රාත්‍රි පැත්තෙහි නවතා ඇති හෝප් මවු යානාව වෙත යෑමටය. ෂාන්, වුඩ්ස්, කෙලී, හා සයිමන් රැගත් එක්ස්102 යානය රැසියානුවන් ගේ නිර්මාණයකි. එය අදටද මෙසේ ක්‍රියා කිරී තත්වයෙන් පවතින්නේ එහි සියලුම ක්‍රියාකාරිත්වය පරිගණක වලින් තොරව යාන්ත්‍රිකව ක්‍රියාකරන නිසාය. සුර්ය සුලඟත් සමගම පෟථුවිය මතවු සියලුම ඉලෙක්ට්‍රොනික උපකරන විනාශ විය. මේ නිසාම දුර දිග කල්පනා කර නෙතිබුන පෟථුවි ප්‍රබලයෝ ක්ෂණිකව අසරන තත්වයකට පත්විය, සියලුම කෟතීම චණ්ද්‍රිකා, පරිගණක පද්දති මෙන්ම මිනිසා ගේ එදිනෙදා වැඩ කටයුතු වලින් සියයට අනුවක්ම සිදුකල අන්තර්ජාල සේවා ආයතනද මෝහෝතකින් විනාශවිය. දුරකථන ජාලා අක්‍රිය වීම බොහෝදෙනා මහත්වු කලබලයකට මෙන්ම තම පවුල් වෙත යෑමට නොහැකිව අසරණද කරවීය.

ඒ සියල්ල දැන් සිදුවී හමාරය, දැන් ඉතිරිවී සිටින සුලු පිරිසට තීරණය කිරීමට ඉතිරි වී ඇත්තේ එකම පැනයකට පිලිතුරක් පමනකි, ඒ පෟථුවිය මත ජීවත්වු මිලියන ගනනක් සත්වයින්ගෙන් අද ඉතිරි වි සිටින සුලු මානවයින් පිරිසගේ අනාගතය කුමක්ද යන්නයි.

ෂාන් ඇතුලු පිරිස හෝප් යානයට ලඟාවන විටත් ඔවුන් විසින් පෟථුවිය මතවු උපකරණයෙන් ගන්නා ලද දත්ත විශ්ලේෂණයට සියල්ල සුදානම්ව තිබිනි. මවු යානාව සමග සම්බන්ද වු වහාම කෙලී හා වුඩ්ස් විසින් උපකරණය ප්‍රධාන පරික්ෂණාගාරය වෙත ගෙන ගිය බැවින් ෂාන්ගේ රාජකාරි අවසන්වී තිබිනි.

තම කුටිය වෙත පියනගමින් සිටි ෂාන් දෙස හමුවු කිහිපදෙනා බැලුවේ මහත්වු බලාපෝරෝත්තු සහගත අයුරකින් බව ෂාන්ට ඔවුන්ගේ මුහුනු වලින් ප්‍රත්‍යක්ෂ විය. කුටිය වෙත ගිය වහා ඔහු සයනයට ගෝඩවුයේ වෙහෙසකර ගමන් මහන්සිය නිවාගැනීමටය.
නැවත දෙනෙත් හැර බලන විට හෝරා කිහිපයක්ම ඉක්ම ගොස් තිබිනි, වහා සයනයෙන් බැස ගත් ඔහු දුරකථනය අතට ගෙන පාලන මැදිරියේ සිටින කෙලී වෙත ඇමතුමක් ගත්තේය.

"හලෝ ෂාන් කොහොමද දැන්ද ඇහැරැනේ"
"ඔවු කෙලී, කොහොමද උපකරණයේ තොරතුරැ විශ්ලේෂණය ඉවරද?"
"ඔවු ඒත් පෟථුවියේ තත්වය සතුටුදායක නෑ, අපිට ආපහු කවදාවත් පෟථුවියේ නම් ජීවත්වෙන්න බෑ."
"මොනවා එතකොට අපි දැන් මොකද කරන්නේ?"
"ඒක ගැන දැන්මම කියන්න අමාරැයි, නමුත් ඉක්මනටම තීරණයක් ගනීවි."

ඒ වචන ෂාන්ගේ සියලුම බලාපොරොත්තු බිඳ දැමීය, වසර දහස් ගනනක් පෟථුවියේ රජ කල මිනිසුන්ට අද තවදුරටත් ජීවත් වීමට ඇති අය්තිය අහෝසි කරදමා ඇති සේය. සියලු උත්සාහයන් ආසාර්තක වී ඇති බවක් ෂාන්ට හැඟුනි, කැප්ටන් සේත් හමුවී වැඩිදුර විස්තර දැනගත යුතුයැයි සිතූ ඔහු සෙමින් පාලන මැදිරිය වෙත පිය නැගීය.

පාලන මැදිරියට ඇතුලුවනවාත් සමගම යම් කලබලයක ස්වරෑපයක් දිස්වුනු පාලන මැදිරියේ පිරිස රේඩාර් තිරය මත වු යම්කිසි වස්තුවක් නිරීක්ෂනය කරන බවක් පේනිනි,

ඒ සමගම රැසියානු ජාතික ලියනොවුගේ කටහඬ අවදි විය, "කැප්ටන් මොකක් උනත් පෟථුවියේ දෙසට ඇදීඑන මේ වස්තුව පුදුම වේගයකින් තමයි එන්නේ, " "අපි තව ටිකක් විපරම් කරල බලමු මේ මොකක්ද කියලා" කැප්ටන් අය්සැක් පැවසීය.

"කැප්ටන් අපට ඒ යානයෙන් පණිවුඩයක් ලැබෙනවා," කියමින් ලියනොවු යානාවේ සන්නිවේදන පද්ධතියට එය සම්බන්ද කලේය.
මුලින් තරමක අපැහැදිලි ශබ්ද රාෂියක් පැමිනියද පසුව එය වඩා පැහැදිලිව සියලුදෙනාට නැවත බලාපොරොත්තුවක් සේම භීතියක්ද ඇති කලේය.

එම පණිවුඩයෙන් කියවුනේ තමන් විසින් පෟථුවිය මත ඇතිකරනු ලැබු ජීවය තරැව විසින් විනාශකිරීමට උත්සහ ගෙනඇති බවත්, සාර්ථක ප්‍රතිළුල ගෙනදුන් එම ජීවීන් එසේ විනාශ වීමට ඉඩ නෙදෙන බවත්ය.
තවද පෟථුවියේ මිනිසාට සමාන ජීවීන් සිටින තැනකට අපව ගෙනයෑමට ඔවුන් සූදානම් බවත්ය.

ඒ සමගම යානාව තුල දැඩි නිශ්ෂබ්දතාවයක් ඇතිවිය, සියලු දෙනා භීතියෙන් ඇලලී ඇති සැටි ඔවුන්ගේ මුහුනු වලින් මනාව පිලිඹිබුවිය.
වසර දහස් ගනනක් පුරා විවිධ වු භාධක හමුවේ අසරන වු අපි අන්කවරදාකටත් වඩා අද අසරනය, වරින් වර පෟථුවියේ නෙයෙක් දෙසින් පියාඹන පීරිසි ගැන අසන්නට ලැබුනද ඔවූන් විසින් මානවයාට බලපෑමක් සිදුකල අවස්ථාවක් ගැන අපට ඉතිහාසයේ අසන්නට නොලැබිනි, නුමුත් අද අප අසරනය, ඔවුන්ගේ උදවුව හැර වෙනත් කලහැකි දෙයක් අපට ඉතිරිවී ඇද්ද?
___________________________________
මෙය මගේ ප්‍රථම විද්‍යා ප්‍රබන්ධයයි, එබැවින් ඔබේ අදහස් මට ඉදිරියට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

Tuesday, June 10, 2008

2008 අගෝස්තු චන්ද්‍ර ග්‍රහණය

2008 අගෝස්තු 16 දින සිදුවන චන්ද්‍ර ග්‍රහණය, අහස පැහැදිලිව තිබුනහොත් ශ්‍රී ලංකා වාසී සියලු දෙනාට නැවත වරක් තාරකා විද්‍යා සිදුවීමක් දැක බලා ගැනීමට වාසනාව හිමිවනු ඇත.