Friday, November 21, 2008

මෙය පෘථීවියෙන් ඔබ්බට ගොස් පෘථීවියේ ගනු ලැබූ ප්‍රථම ජායා රැපයයි. ඒ 1966 ලුනා ඕබ්ටර් 1 යානය මගිනි.


අඟහරු මත සාගර තිබූ බව සනාථ කල හැකි සාදක හමුවෙයි!

අඟහරු වටා බ්‍රමණය වෙමින් කරුනු සොයන මාර්ස් ඔඩසි යානයේ ගැමා කිරණ නිරීක්ෂන උපකරණ භාවිතමයන් කරන ලද පර්යේෂණ වලදී වසර දහස් ගනනක‍ට පෙර අඟහරු මත විශාල ප්‍රදේෂයක් පුරා සාගර පැතිර තිබූ බවට සාදක හමුවී ඇත.

Tuesday, November 18, 2008

ලියොනිඩ්ස් උල්කාපාත වර්ෂාව මේ දිනවලදී නරබන්න



මේ දිනවල ඔබේ ප්‍රදේශයේ අහස පැහැදිලි නම් ලියොනිඩ්ස් උල්කාපාත වර්ෂාව නරබන්න. ඔබට පැයකට 10 – 20 අතර උල්කාපාත ප්‍රමානයක් සිංහ තාරකා රාශිය පසුබිම් කරගෙන දර්ෂණය වනු ඇත. මෙය සෑම වසරකම නොවැම්බර් මස 13 සි‍‍ට 21 දක්වා දැකගත හැකිය.

ලියොනිඩ්ස් ලෙස නම් කර ඇත්‍.තේ එය ලියෝ හෙවත් සිංහ රාශිය පසුබිම් කරගෙන සිදුවන නිසාය. මෙම උල්කාපාත වර්ෂාව ටෙම්පල්-ටෝටල් වල්ගාතරුව සූර්යා වට ගමන් කිරීම නිසා බිහිවී ඇති අතර සෑම වර්ෂයකම අපට අලංකාර උල්කාපාත වර්ෂාවක් ඇතිකරයි.

Monday, November 17, 2008

සැඟවුනු කුසලතාවයන් සෙයාගන්නට ආරාධනයක්

තාරකා විද්‍ර්‍යාව නිසා මිනිසාට හිම්වුදෑ බොහෝයි විවිධ පරීක්ෂණ සහ සොයා ගැනීමි නිසා වෛද්‍ය විද්‍යාව ආදී විවිධ ක්ෂේත්‍රයන් දියුනු විය. මේ වන විට සඳ ජය‍ෙගන ඇත මිනිසා අඟහරුද ජය ගැනීමට සිහින දකිති. ඒ සිහිනද නුදුරු අනාගතයේදී සාර්ථක වනු ඇත පියවරෙන් පියවර ඉදිරියට යන මිනිසා අනාගතයේදී අප ග්‍රහ පද්ධතියෙන්ද ඔබ්බට යමින් විශ්ව ගවේෂණයටද පියවර තබනු ඇත ඒවාට අවශ්‍ය තාක්ෂණය සහ කලයුතු සොයාගැනීම් තවමත් අපතුල සැඟවී ඇත. එබැවින් මගේ මේ ආරාධනය වඩා පුලුල් මනසකින් විශ්වය දෙස බලා ඔබේ සැඟවුනු කුසලතාවයන් සෙයාගන්නටයි.

Friday, November 14, 2008

ලොව ප්‍රථම වරට සෘරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි ග්‍රහ මණ්ඩලයක් ජායා රැප ගත කරයි.



පෙගෙසස් තාරකා රාෂියේ පිහිටා ඇති එච්.ආර්. 8799 (HR8799) නම් තරුව වටා මෙම ග්‍රහ පද්ධතිය පිහි‍‍ටා ඇත. අපට ආ‍ලෝක වර්ෂ 140 ඈතින්ද, අප ග්‍රහ මණ්ඩලය මෙන් 1.5 පමන ප්‍රමානයෙන්ද යුත් මෙහි තරුව වටා ග්‍රහයින් තුන් දෙනෙකු පිහිටා ඇති බව දැනට සනාථ කර ඇත එයින් ග්‍රහයින් බී හා සී නමින් ජායා රෑප‍යේ දැක්වෙයි.
තවත් වැඩිදුර විස්තර
http://www.astronomy.com/asy/default.aspx?c=a&id=7595

Thursday, November 13, 2008

සෙනසුරු ග්‍රහයා ගේ පුදුම උපදවන අවිරෝරා දර්ෂණයක්!

වෙනත් කිසිම ග්‍රහයකු මත නොදුටු අවිරෝරා (උතුරු එලි) දර්ෂණයක් කැසිනි යානය මගින් සෙනසුරු ග්‍රහයා ගේ ජායා රැප ගතකර ඇත. මෙය පුදුම උපදවන සොයාගැනීමකි. මෙය කැසිනි යානාවේ අධෝරක්ත කැමරාව මගින් කල සොයා ගැනීමකි.

Friday, November 7, 2008

එන්සෙල්ඩස් චන්ද්‍රයාගේ මෙතෙක් ගත් සමීපතම ජායා රැපයක්

කැසිනි යානාව මගින් ගනුලැබූ සෙනසුරු ග්‍රහයා ගේ එක් චන්ද්‍රයක්‍ර වන එන්සෙල්ඩස් (Enceladus) ග්‍රහයාගේ මෙතෙක් ගත් සමීපතම ජායා රැපය මෙහි දැක්වෙයි. ග්‍රහයා ගේ මතුපිට මනාව දැකගත හැකි මෙම ජායා රැපය කි.මි. 1700 පමන ග්‍රහයා‍ට සමීපවී ගනු ලැබුවකි.

Tuesday, November 4, 2008

ෆීනික්ස් යානාව මගින් අඟහරු ග්‍රහයාගේ ගනු ලැබූ නවතම ජායාරැප
















හබල් දුරේක්ෂය නැවතත් යථා තත්වයට!



පසු ගිය 27-28 දිනවලදී ගනු ලැබූ මෙම ජායා රැප ඒආර්පී 147 නමි එකිනෙක ඇදගන්නා මන්දාකිනියක් දැක්වෙයි.