Thursday, July 31, 2008

2008 අගෝස්තු 01 දින සිදුවන අර්ධ සූර්යක් ග්‍රහණය

හෙට සවස ඉර බැස යන්නට මත්තෙන් සවස 5.00 – 6.00 අතර සිදුවීමට නියම්ත සූර්ය ග්‍රහණය දැක බලා ගැනීමට ඔබටද අවස්ථාවක් උදාවනු ඇත. මෙය නිරීක්ෂණයට හෙඳම තැන බස්නාහිර පලාතේ ජීවත්වන ඔබට මුහුදු වෙරලයි. නමුත් සූරයයා වඩාත් ප්‍රබල නිසා ඉර දිහා කෙලින්ම බැලීම සිදු නොකල යතුය. එය ඔබේ ඇස් වලට ඉතාම අහිතකරය, දුරේක්ෂ, ප්‍රිස්ම දෙනෙති ආදියද කිසිසේත් භාවිතා නොකල යුතුය,

මෙය නිරීක්ෂණයට වඩා යෝග්‍ය ක්‍රමය ජායාරැප වල කලු පැහැ සේයා පටල - නෙගටිව් කිහිපයක් එකට තැබීමෙන් හෝ යකඩ පෑස්සීමේදි මුහුන ආවරණය කරන කණ්නාඩියද මේ සඳහා ඉතා සුදුසුය. තවද පහන් දැලි තැවරු වීදුරුවක්ද ඔබට භාවිතාකල හැක. කිසිවක් නොමැතිව සුර්යයා දෙස බැලුව හෝත් ඔබේ ඇස් අන්ධ වනු ඇත. නැවත වරක් ඔබට 2009 ජනවාරි 26 සහ ජූලි 22 යන දිනයන්හිදී මෙවැනිම අර්ධ සූර්යක් ග්‍රහණ දැක ගැනීමට වාසනාව හිමි වනු ඇත.



Wednesday, July 30, 2008

නාසා ආයතනය සිය 50 වන සංවත්සරය සමරමින්

1958 දී ඇමරිකානු අභ්‍යාවකාශ වැඩසටහන වෙනුවෙන් ඇරඹුනු නාසා හෙවත් National Aeronautics and Space Administration ආයතනය සිය 50 වන සංවත්සරය මේ වසරේදී සමරයි. පසුගිය වසර 50 පුරා විවිධ ජයග්‍රහන මෙන්ම විවිධ කම්කටොලුද විඳ දරා ගනිමින් මිනිසාගේ පැවැත්මට හා විද්‍යාවේ උන්නතියට නාසා ආයතනය මගින් සිදුවු සේවාව අගයකල යුතුමය.


Monday, July 28, 2008

අනාගතයේදී සෙනසුරුට මෙන් පෟථිවිය වටාත් වලල්ලක් සෑදෙයිද?

සෟරග්‍රහ මණ්ඩලයේ නිල්පාටින් බබලන අපේ පෟථිවිය ඉතා අලංකාර දර්ෂනයක් මවයි. නමුත් අද පෟථිව්ය වටා ඉහල අභ්‍යාවකාෂයේ එකතුවීඇති අපද්‍රව්‍ය නිසා එහි අලංකාරයද ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර එමගින් අවදානමද වැඩිවෙමින් පවතී. 1957 ඔක්තෝම්බර් 4 වන දින මිනිසා විශාල ඉදිරි පිම්මකි පනිමින් මිනිසා විසින් නිර්යානය කල ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රකාව රුසියානුවන් විසින් අභයාවකාෂගත කරන ලදි. එදා සිට අද දක්වා රටවල් රාශියක් විසින් චන්ද්‍රකා උඩුගුවනට යවා ඇත.

නමුත් ගැටලුව වන්නේ දැනට උඩුගුවනේ ඇති චන්ද්‍රකා 6000 තරම් ප්‍රමානයෙන් ක්‍රයාකරන ප්‍රමානය 15% පමන ප්‍රතිශතයක් වීමය ඉතිරි සියල්ල ඔහේ පාවෙමින් අභ්‍යාවකාෂ අපද්‍රව්‍ය බවට පත්වී ඇත.
එසේම අභ්‍යාවකාෂයේදී පුපුරුවා හැර ඇති චන්ද්‍රකා කොටස් දහස් ගනනකට වෙන්වී පෟථිවිය වටා වේගයේන් බ්‍රමනය වෙමින් පවතී වරක් අභ්‍යාවකාශ ගතවන යානයක වීදුරුවක මෙම කොටසක් ගැටී වීදුරුව ඉරිතැලී තිබුනුබවද අසන්නට ලැබිනි. මෙය දිනෙන් දින ගැටලුවක් වනු ඇති බව මේ නිසා පෙනීයයි.



Saturday, July 26, 2008

විශාලතම, ස්කන්ධය වැඩිම තරු ගැන තොරතුරු බිඳක්

විකීපීඩියා ඇසුරෙනි

දැනට සොයාගෙන ඇති තාරුකා අතරින් වඩා විශාලතම තාරකාව කානිස් මේජර් හෙවත් මහ බල්ලා තාරකා රාශියේ පිහිටා ඇති VY Canis Majoris නම් තාරකාවයි. එහි විශ්කම්භය සූර්යයා මෙන් 1800-2100 පමන වන බව සොයා ගෙන ඇති අතර පෟථිවියට ආලෝක වර්ෂ 5000 ඈතින් පිහිටා ඇත.

ස්කන්ධයෙන් වැඩිම තරුකාව ලෙස කරීනා තාරකා රාශියේ පිහිටා ඇති ඊටා කරීනා තාරකාව හැදින්විය හැක. එය සූර්යයා මෙන් 150 ගුනයක් ස්කන්ධයක් වන අතර දීප්තිය සූර්යයා මෙන් මිලියන හතරක් පමන වෙයි. මෙහි දීප්තිය හා ස්කන්ධය අනුව නුදුරු අනාගතයේදීම සුපර් නෝවා පිපුරුමක් ලෙස පිපිරී යෑමට නියමිතය.



වර්ෂය පුරා ඔබට දැකගත හැකි උල්කාපාත වර්ෂා

විවිද කාලවලදි ඍරග්‍රහ මණ්ඩලය වෙත පැමිනෙන වල්ගාතරු චමත් කාරජනක දර්ෂනයක් මවමින් සතික්හිපයක් අහසේ පසුවෙයි, එසේම ඍරග්‍රහ මණ්ඩලය හරහා යන ගමනේදී තම කුඩා කොටස් මග විසිරුවමින් ඇදීයයි. පසුකලෙක එම වල්ගාතරු ගමන් කල මාර්ගය අසලින් පෘථිවිය ගමන් කිරීමේදී එම කොටස් පෘථිවි ගුරුත්වාකර්ෂණයට හසුවී වායුගෝලයේදි දැවීයයි. මෙම සංසිද්ධිය අප උල්කාපාත වර්ෂාවක් ලෙස හදුන්වමු එවන් සෑම වර්ෂයකම දැක ගත හැකි උල්කාපාත වර්ෂා කිහිපයක් ඔබේ අවධානයට හා නිරීක්ෂනයට යොමු කරන්නෙමු.

පාදකවන තාරකා රාශිය කාලය

ක්වොඩ්රන්ට්ඩ්ස් - ජනවාරි මුල් සතිය
ලයිරිඩ්ස් - අප්‍රේල් අග
පි පුපිඩිස් - අප්‍රේල් අග
ඊටා ඇක්වේරිඩ්ස් - මැයි මුල
ඇරිට්ඩ්ස් - ජූනි මැද
ජූන් බූටිඩ්ස් - ජූනි අග
දකුනු ඩෙල්ටා ඇක්වේරිඩ්ස් - ජූලි අග
පර්සිඩ්ස් - අගෝස්තු මැද
ඩ්රැකෝනිඩ්ස් - ඔක්තෝම්බර් මුල
ඔරින්ඩ්ස් - ඔක්තෝම්බර් අග
දකුනු ටොරිඩ්ස් - නොවැම්බර් මුල
උතුරු ටොරිඩ්ස් - නොවැම්බර් මැද
ලියොනිඩ්ස් - නොවැම්බර් මැද
ජෙමිනිඩ්ස් - දෙසැම්බර් මැද
යුර්සිඩ්ස් - දෙසැම්බර් අග

Thursday, July 24, 2008

"2009 අන්තර්ජාතික තාරකා විද්‍යා වසර"

මිනිසා පෟථිවිය මත පහල වු දා සිට අවට ඇති දේ ගැන මෙන්ම අහසෙහි සිදුවන දේවල් ගැනද සිහින මවන්නට ඇත. මේ කුතුහලය තවත් මාවතකට යොමුකරමින් කාච යොදාගනිම්න් සකස් කල ලොව ප්‍රතම දුරේක්ෂය 1609 දී නිපදවන ලදි. එය ප්‍රතම වරට 1610 ජනවාරි 7, දී ගැලීලියෝ ගැලීලි විසින් බ්‍රහස්පති නිරීක්ෂනය කරීමට හා ඒ වටා තිබු චන්ද්‍රයින් නිරීක්ෂනයට යොදාගන්නා ලදි. 2009 වර්ෂයට මෙම සිද්ධි මාලාවේ එනම් නුතණ නිරීක්ෂන තාරකා වීද්‍යාවේ ආරම්භය සනිටුහන් වී 400 වන සංවත්සරය යෙදෙයි. මේ නිසා ලොව පුරා රටවල් එක්වී 2009 වර්ෂය "අන්තර්ජාතික තාරකා විද්‍යා වසර" ලෙස නම් කෙට ඇත මේ නිසා 2009 වසර තුල ලොවපුරා ජනයාගේ අවධානය විවිධ වු තාරකා විද්‍යා ක්‍රියා කාරකමි වලට යොමු වනු ඇත. ලංකාව තුලද ක්‍රියාකාරකම් රාශියක් සංවිධානය කරමින් සජීවිව මේ හා සම්බන්ධ වීමට අප අදහස් කරන්නමු.

Wednesday, July 23, 2008

Kosala Atapattu ගේ පැණයට පිලිතුරු

Kosala Atapattu ගේ පැණය
පෝලාරිස් තාරකාව ආලෝක වර්ෂ 430 ක් පමන ඈත වන නිසා, මෙම තරුව දැන් නැති වෙන්නත් පුලුවන්.

පෝලාරිස් තාරකාව F7 ඝණයේ තාරකාවකි. එබැවින් එය අපගේ සූර්යයාට වඩා 1.5 ගුනයක් පමන විශාලත්වයක් සහිතය මේනිසාම එහි ආයු කාලය බිලියන 3 කට පමන සීමා වෙයි. එහි පිහිටීම ආලෝක වර්ෂ 430 ඈතීන් නිසා එහි අභාවයෙන් වර්ෂ 430 කට පසු අපට ඒ බව දැනගත හැකි වනු ඇත.

මෙම ප්‍රවෘත්තිය
www.universetoday.com ඇසුරෙනි.

පෝලාරිස් හෙවත් ද්‍රැව තාරකාව අවසානයට ලංවීද?

Polaris A (Pole Star) with its two stellar companions, Polaris Ab and Polaris B.
Artist impression. Credit: NASA

රාත්‍රී අහසේ සෑම තාරකාවක්ම වර්ෂය පුරා ගමන් කරමින් විවිධ මාස වලට අහසේ විවිධ තාරකා රාෂි මවන බව අප දනිමු. නමුත් රෑ අහසේ තාරුකා අතරින් එලෙස ගමන් නොකර හැමදාම එකම තැන පිහිටන තාරකාවක් වෙයි. ඒ පෟථිවියේ උතුරු ද්‍රැවයට ඉහලින් පිහිටන ද්‍රැව තාරකාවයි.

පෝලාරිස් හෙවත් ද්‍රැව තාරකාව විචල්‍ය තාරකාවකි එනම් තාරකා දෙකකින් සමන්විත එකිනෙකා වටා කරකැවෙමින් පවතින පද්ධතියකි. මේ නිසා මෙහි දීප්තිය සෑම දින 4 කට වරක්ම අඩු වැඩි වෙයි. මෙය පසුගිය සියවස තුලදීම ස්ථායි අගයක්වන 10% ලෙස පැවතින. නමුත් මෑත 10 වසර තුල එම අගය 2% දක්වා අඩුවී ඇතිබව තාරකා විද්‍යා නිරීක්ෂකයින් විසින් දැන් සෙයා ගෙන ඇත. මෙය ගැටලු සහගත තත්වයකි. මේ නිසා දැන් පෝලාරිස් තාරකාවට සිදුවන්නේ කුමක්දැයි සියලු දෙනා විමසිලිව සිටිති.


Monday, July 21, 2008

මිනිසා සඳමත පා තැබීම යලි සිහිපත් කරමු

"That's one small step for man; one giant leap for mankind". 1969 ජූලි මස 20 දින සඳ මතට තම ප්‍රථම පියවර තබමින් නීල් ආම්ස්ට්‍රෝන් එසේ පැවසුවේ, ඉතිහාසයට අලුත් පිටුවක් එක් කරමිනි. සඳ මත පැය 2 මිනිත්තු 36 ගතකරමින්, චන්ද්‍ර පාෂාණද කිලෝ 21.55 රැගෙන ජූලි මස 24දා නැවත නිරුපද්‍රතව පෟථිවිය මතට ගොඩබැස්සේය. ඒ අයිතිහාසික ගමන අපි මෙසේ සිහිපත් කරමු.




"සඳ මත හෝරා කිහිපයක්"

දිනය සටහන් වුයේ වසර 2019 අගෝස්තු 19 වන දා ලෙසයි. ඒ වනවිට මිනිසා සඳ මත ජනාවාස ඇතිකර වසර කිහිපයක්ම ගෙවී ගොස් ඇත, න්‍යෂ්ථික තාක්ෂණය අභ්‍යාවකාශ ගමන් සඳහා යෝදාගැනීම ආරම්භ වනවාත් සමගම අභ්‍යාවකාෂ ගමන් ගැන දැඩි ප්‍රබෝදයක් ඇතිවිය. මේ නිසාම සඳ මතුපිට විශාල දුරේක්ෂ කිහිපයක්ම ඉතා ඉක්මනින් ඉදිවිය. ජපානය, චීනය සහ ඉන්දියාව එක්වී ඇතිකරගත් අභ්‍යාවකාශ ඒජන්සිය ආසියාවට මහත්වු කීර්තියක් අත්කර දෙන්නට සමත්විය.

අභ්‍යාවකාශ සංචාර ව්‍යාපාරයද ඉක්මනින් දියුනුවිය. සඳ මත ඇති එක් නිරීක්ෂනාගාරයක් වෙත අවෂ්‍ය උපකරන ගෙන යෑම සඳහා නාසා ආයතනය විසින් සංවිධානය කරන සාමාන්‍ය ගමන් වාරයක් සඳහා කුමාරි තොරාගෙන තිබිනි. ඒය කුඩා කල සිටම කුමාරි තුලවු තිබුනු සිහිනයක් සැබෑවිමකි. කුමාරි අපේ කතාවේ ප්‍රධාන නිලියයි. ඇය අනුරාදපුර ප්‍රදේශයේ ඉපිද ගමේ පාසැලෙන් අකුරු උගත් ගොවි දියනියක් වූවාය. කුඩා අවදියේ සිටම තාරුකා සමග පෙමින් වෙලීසිටි ඈ පියා සමග රාත්‍රියේ හේනේ පැලට වී සිටීමටද මහත් කැමැත්තක් දැක්වුවාය. ඒසේ සිටින විට සඳ තාරුකා දෙස බලමින් පියාගෙන් ඉවරයක් නැති ප්‍රශ්න වැලක් අසීමට පුරුදු වී සිටි ඈ පසුව පසුව පොත පතින් උගත් දෑ පියානන්ට ඉගැන්වීමටද සමත් වුවාය. තම දියනියගේ දැඩි උනන්දුව හොඳින් තේරුම්ගත් කුමාරිගේ පියා ඇයට උසස් අධ්‍යාපණයක් ලබා දුන්නේය. උසස් පෙල වීභාගය ඉහලින්ම සමත් වු ඇය විශ්ව විද්‍යාලය අධ්‍යාපනය ඇරඹුවාය. ඇයගේ දැඩි උත්සාහය සහ කැපවීම නිසා ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක් සඳහා විදේශ ශිෂ්‍යත්වයක් ලැබුවාය, එය ඇයට මෙන්ම ඇය උගත් ගමටද, ගමේ පාසැලටද කුමාරිගේ ගොවි දේමාපියන්ටද අප්‍රමාණ ගෟරවයක් ගෙන ආවාය. වසර කිහිපයක් ඇමරිකාවේදි වැඩිදුටත් ඉගෙන ගත් කුමාරි දිගින් දිගටම තම අහස සමග වු සම්බන්දය වැඩිදියුනු කරගත්තාය. එහිදී නාසා ආයතනය විසින් පවත්වන ලද ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකදී සියල්ලන් මවිත කරවමින් සියලුම ප්‍රශ්න වලට ඉතා සාර්තකව නිවැරද්ව පිලිතුරු සපයමින් පලමුවන තැන ලැබුවාය.

එය ඇගේ ජීවිතයම වෙනස් මගකට ගෙන ගියාය. ප්‍රථම ස්ථානය දිනා ගැනීම සහ ඇයගේ උත්සාහය අගය කිරීම පිනිස නාසා ආයතනය ඇයව ගගනගාමින් පුහුනු කරවන වැඩසටහන වෙත යොමු කරවුවාය. එතැන් සිට අවුරුදු තුනක කාලයක් ඒ සඳහා කැපවු ඇය ඉක්මනින් ලංකාවටද කිර්තියක් අත්කර දෙමින් ගගනගාමිනියකවුවාය. එදින සතුටු කඳුලු දෑසේහි රඳවාගෙන තම දයාබර දෙමාපියන් දුරකථනයෙන් ඇමතූ ඈ, පියාට කීවේ ලඟදීම දවසක ඈ අනුරාදපුරයේ අහසේ පායන චන්ද්‍රයා මත සිට හේනෙ පැල්රකින තම පියාට අතවනන බවයි.

එසේ කියු ඇයගේ එම පැතුමද අද සඵල වී ඇත. තව පැය කිහිපයකින් ඇය චන්ද්‍රයා වෙත යන
"ෆරන්ටියර් 7" යානය වෙත පියනගනු ඇත. න්‍යෂ්ථික බලයෙන් ක්‍රයා කරන ෆරන්ටියර් 7 යානය වඩා ඉඩ පහසුකම් ඇති තරමක් විශාල යානයකි. කුමාරි ඇතුලු හයදෙනෙකු ඇතුලත් මෙම චන්ද්‍ර සංචාරය කුමාරිට නම් ජීවිතයේ විශාල පිම්මකි. පැයකට පමන පසු අභ්‍යාවකාශ ගමන සඳහා සූදානම් වු ඇය බුදුන් වැඳ සිත සැහැල්ලු කර ගත්තාය. ඊට පැය කිහිපයකට පසු යානය ගුවන් ගත විය. තරමක වේගයෙන් අහසට නැගුනු යානාව ක්‍රමයෙන් න්‍යෂ්ථික බලය ලබා ගනිමින් පෟථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදීමට අවශ්‍ය වේගය ලබා ගත්තේය.

තමා වාඩිවී සිටින ආසනයට තදින් බැදඳමා ඇති කුමාරි තමා දැන් ගමන් කරන්නේ තත්පරයට කිලෝමිටර් එකොලහකටත් වැඩි වේගයකින් බැවු මතක් කර ගත්තාය. න්‍යෂ්ථික තාක්ෂණයට පින්සිදු වන්නට පැය කිහිපයක ගමනකින් ඔවුන් චන්ද්‍රයා මත පිහිටුවා ඇති ගුවන් පථයට යානාව නියමුවන් විසින් ගොඩ බැස්වීය.

මෙය කුමාරිගේ සිහින සැබෑ වීමකි, යානය පාලන මැදිරිය හා සම්බන්ධ කිරිමෙන් පසුව චන්ද්‍ර මධ්‍යස්ථානය වෙත පිය නගන දෙරටුව විවර වුනි.

"ඔන්න අපි කුමාරිව හඳට අරගෙන ආවා, යැයි සිනාවකින් මුව සරසාගත් කැප්ටන් ස්ටිව් පැවසීය"

"දැන් ඉතින් අපිට බඩ ගිනියි, ඔන්න කුමාරි ගානේ සංග්‍රහයක්නමි ඔනමයි" පසු පසින් පැමිනි දෙවැනියා විලියම්ද කිවේය.

"හරි හරි අර භොජනාගාරයට යමුකෝ, කෑම ඕන තරම් ඇති එතන" කුමාරිද සිය සගයින්ට සිනාසෙමින් පිලිතුරු දුන්නාය.

ඔවුන් චන්ද්‍ර මධ්‍යස්ථාණය වෙත ලඟාවී ටික වේලාවකින් ඇයට තම ආදරණිය දෙමාපියන්ට ඇමතීමට අවස්ථාව ලැබුනාය. එය ඇගේ නෙතට කඳුලු එක්කල හැඟුම්බර මොහොතක් වුයේය. පැය කිහිපයකින් සියල්ල සාමාන්‍ය ආකාරයට පත්විය, පෟථිවියේ සිට ගෙන ආ භාන්ඩ අදාල ස්ථාන වෙත ගෙනයමින් තිබිනි හදිසියේම මහා හඬක් නංවමින් හදිසි අනතුරු නලා ක්‍රියාත්මක විය. කුමාරිට මෙය අලුත් අත්දැකීමක් මෙන්ම සිතට බියක්ද ගෙන ආවාය. වහාම ඇය පාලන මැදිරිය වෙත දිව ගියාය, පාලන මැදිරිය වෙත දිව එන කුමාරිගේ මුහුන දුර තියාම දුටු කැප්ටන් ස්ටීව් බයවෙන්න එපා කෙල්ලේ මේක උල්කාපාත වර්ෂාවක් යැයි පැවේය. සියලුදෙනා පරිගණක තිර දෙස බලමින් සිදුවී ඇති දෙය ගැන තොරතුරු රුස්කලෝය.

පසුව පාලන මැදිරියේ ප්‍රධානියා කැප්ටන් මයිකල් පැවසූවේ එතරම් අලාභයක් නෙමැති බවත්, නමුත් යානය චන්ද්‍ර අංගනය වෙත ගොඩබසින අවස්ථාවේදි අපට මෙම තත්වයට මුහුන දීමට සිදුවිනි නම් තත්වය වෙනස් වන්නට ඉඩ තිබුනු බවත්ය.

කුමාරිට කුඩා කල සිටම කිහිප අවස්තාවක්ම උල්කාපාත වර්ෂා නරබා ඇති බව මතකයේ ඇත, නමුත් මේ ආකාරයට කිසිදා බිය වුයේ නම් නැත. පෟථිවිය මතදි තරු සිතියමක්ද අතින් ගෙන තම මිතුරියන්ද සමගින් පැදුරක් මත නිදාගෙන කතන්දර කියමින්ද, සිනහ වෙමින්ද වායගෝලයේ ගැටෙමින් දැවීයන උල්කාපාත නිරීක්ෂණය කලා ඇයගේ සිහියට ආවාය. පෟථිවියේ වායුගෝලයට පින්සිදු වෙන්නට ඇයට කිසිවිටෙක පෟථිවිය මතදී බියක් නෙදැනුනාය. මේ ගැන සිතමින් තම සගයින් සමග යලිත් වතාවක් යානාවට ගොඩවු ඇය කුලුදුල් අත්දැකීම් දෙකක්ද සමගින් සඳට ආයුබෝවන් කීවේ නැවත එන බලාපෝරෝත්තුවද සිතේ දල්වාගෙනය.

Saturday, July 19, 2008

වසර තුනකට පසු වාමණ ග්‍රහයා "මකේ මකේ" ලෙස නම් කරයි.

වසර 2005 මාර්තු 31 දින, තිදෙනෙකුගේ කණ්ඩායමක් විසින් මෙම වාමන ග්‍රහයා සෙයා ගන්නා ලදි. මෙය ඍරග්‍රහ මණ්ඩලයේ වාමන ග්‍රහයින් අතරින් තුන්වන විශාලතම ග්‍රහයා වන අතර කුයිපර් වලල්ලේ ඇති වස්තූන් අතරද පිහිටන විශාල වස්තුවක් වෙයි. වසර තුනක් පුරා පැවති විවාද අවසන් කරමින් මෙයට මකේ මකේ නම ලබාදීමට තීරණය කලබව ජූලි 14 දින ඇමරිකානු භූවිද්‍යා සමාලෝචන ආයතනය විස්න් ප්‍රකාෂයට පත් කරන ලදි.

ප්ලූටෝ වාමණ ග්‍රහයා මෙන් 2/3 පමන විශාලත්වයක් ඇති මෙම ග්‍රහයා නක්ෂත්‍ර ඒකක 52, එනම් සූර්යා සිට පෟථිවියට ඇති දුර මෙන් 52 වාරයක් වෙයි. මකේ මකේ වාමන ග්‍රහයාට තම කක්ෂය වටා එක් වටයක් යෑමට වසර 310 ගතවන අතර සූර්යාගෙන් තරමක් ඈතින් මේවනවිට පිහිටන මෙම වාමන ග්‍රහයා 2033 දී සූර්යයාට දුරින්ම පිහිටයි. මකේ මකේ සතුව චන්ද්‍රයින් පිහිටා නොමැති අතර එහි දීප්ති විශාලනය 16.5 වෙයි.

Thursday, July 17, 2008

ලෝව සතු විශාලතම ඇස!

අපට ඇස ඉතාම සංවේදී අවයවයකි. අප වටා සිදුවන බෝහෝදේ මොලයට දන්වන්නේ එමගිනි. නමුත් එය හා සම්බන්ධ එහි ක්‍රයාකාරීත්වයට ඉතාම වැදගත් තවත් එක් දෙයක් වෙයි, ඒ ආලෝකයයි. අපේ ඇස ක්‍රයාකරන්නේ ඇසට ලැබෙන ආලෝක කිරණ පණිවුඩ බවට හරවා මොලය වෙත ගෙන යෑම මගිනි. ආලෝකය නොමැතිවිට සිදුවන දේ ඔබට සිතාගත හැකිය, ඒ කලුවරේ ජරමරය ඔබද රඟපා ඇති බව මම හෙඳින්ම දන්නෙමි. ඒ ලංකාවේ විදුලිබල මණ්ඩලයට පින්සිදුවන්නටය.

අප වටා සිදුවන දේ දැනගැනීම අපට ඉතාම වැදගත් කරුනක් වෙයි, පෟථිවිය වටා පරිසරයේ සිදුවන දේ දැන සිටීයද ඒ ආකාරයෙන්ම වැදගත්ය. එවිට අපට විශ්වයෙන් සිදුවිය හැකි කරදර ගැන යම් අවබෝදයක් ලැබෙනවා සේම ඒවායින් ආරක්ෂාවීමටත් හැකි වෙනවා. පෟථිවිය වටා ඇති නියර් අර්ත් ඈස්ට්‍රොයිඩ්ස් (Near Earth Asteroids) දැනට 5450 පමණද හදුනාගෙන තිබෙනවා තවද සූර්යයාගේ අඩු වැඩිවන කිරණ ගැන මෙන්ම සූර්යා ආසන්නයේ ඇති තාරකා වල ජීවන චක්‍රය ගැනද සෙවිල්ලෙන් ඉන්න ඕනා. මේ නිසා පෟථිවිය වටා විශාල ප්‍රමාණයේ දුරේක්ෂ 20කටත් වැඩිය පිහිටවලා තියෙනවා. ඒ අතරින් විශාලම එක දැනට අප්‍රිකා මහද්වීපයේ පිහිටලා තියෙනවා එහි භාවිතා කරන දර්පනයේ විශාලත්වය මීටර 11 වනවා. නියර් අර්ත් ඈස්ට්‍රොයිඩ්ස් වැඩසටහන යටතේ 1993 දී ජපානය විසන් ලංකාවට සෙ.මි 45 දුරේක්ෂයක් ලබා දුන්නා ඔබටත් මතක ඇති. අපිට අයිති අහසේ යම් කොටසක් අධ්‍යයනය කරන්න, නමුත් අවාසනාවකට තාමත් ඒකනම් තියෙන්නේ කෟතුක භාන්ඩයක් විධියටම තමයි. ලංකාවටවත් අහස නිරීක්ෂකයින්ට වත්, පාසැල් සිසුන්ටවත් ඒකෙන් නම් ප්‍රයෝජනයක් නැති හැඩයි.

මේවට තමයි කියන්නේ යුද්දෙට නැති කඩුව, කොස් කොටන්නද කියලා. ලැබිලා අවුරුදු 15 කුත් වුනා තාමත් බලදාරින්ට නින්ද ගිහින්......

Wednesday, July 16, 2008

වඳ වෙලා යන ලැයිස්තුවට තවත් සාමාජිකයෙක්!

පෟථිවිය මත බිහිවුනු විද්‍යාවන් ගෙන් පැරණිම සහ මවු විද්‍යාව තමයි තාරකා විද්‍යාව. විද්‍යාව ගැන දැනගන්නට තියා රොදය සොයා ගන්නති ඉස්සර ඉඳන් මිනිස්සු අහස දිහා බලාගෙන සඳ තරු ගැන හිතන්නට ඇති. කාලයාගේ ඇවෑමෙන් මේවායේ සම්බන්ධය තේරුම්ගත් මිනිසා ඒවාට ගණිත ක්‍රම සකසා ගනිමින් නක්ෂත්‍රය නිර්මාණය කර ගත්තා, ඒ වගේම ඒව භාවිතා කරල අනාවැකිපවා කිවුවා.

නමුත් මේවා හරියට විකාශණය නෙවීම නිසා වසර දහස් ගනනක් යනනොට ඒවායේ සත්‍යතාවය ගැටලුවක් වේලා. ඒ හරියට නොදැන කරන්නට යෑම නිසයි. නමුත් මේවාට අද සමිමතයන් නෑ වග කිව හැකි කෙනෙක් නෑ ඒ නිසාම අද කවුරැත් ගනන් නොගන්න දේවල් බවට පත් වෙලා. සෑම ගණිත සිද්ධාන්තයකම යම් යමි වෙනස් කම් කල යුතුයි. නිවැරදිව පවත්වා ගැනීමට යම් යම් අගයන් එකතුකල යුතුයි අඩු කලයුතුයි. නමුත් මෙ නිවැරදි කිරීම් කෙතරම් දුරට සාර්ථකව සිදුවනවද, එසේ නොවෙනවද යන්න නම් මට ඇති විශාලම ගැටලුවක්. මොකද අද වෙන කොට තාරකා විද්‍යාවට අනුව නිරීක්ෂණ වලදී අපට පේනවා සූර්යයා මීණ රාශියේන් මේශියට මාරුවීම හෙවත් සිංහල ජනයාට උදාවන සිංහල අවුරුද්ද ලබන්නේ අප්‍රියේල් මාසයේ නෙව මැයි මාසයේ බව. ඉතිං මේතරමක වෙනසක් සිදුවෙද්දී මට හිතෙනවා අද නක්ෂත්‍රයටත් හිමි වෙලා තියෙන තැන වඳවෙලා යන ලැයිස්තුව තමයි කියලා.

Kosala Atapattu ගේ පැණයට පිලිතුරු

Kosala Atapattu ගේ පැණයපෘථිවිය මත ජලය ඇතිවීමටත් වල්ගා තරු උපකාරි වුනු බව සමහරුන්ගෙ මතයක් තියෙනවා නෙද?

ඍරග්‍රහ මණ්ඩලයේ ඉතාම අලංකාරව නිල් පැහැයේන් බබලන ග්‍රහයා අපේ පෟථිවියයි. ඒ එහි ඇති 70% පමන වන ජලයෙන් පිරුනු සාගර නිසයි. පෟථිවිය මත මෙතරම් ප්‍රමාණයක් ජලය පිහිටීම තවමත් හරියට විසදලා නැති ප්‍රශ්ණයක්.

ඒ ගැන මතවාද ගනනාවක්ම තියෙනවා, පෟථිවිය සැකසී සීතල වන අවදියේදී ඉන් පිටවුනු විවිද වායුන්, වායුගෝලය තුල නැවත ඝණීභවණය වී ද්‍රව ජලය ලෙස පෟථිවිය මත ඉතිරි වු බව ඉන් එක අදහසක්.

පෟථිවිය සිසිල් වන සමයේදී සුලභව සිදුවන්නට ඇතැයි සිතන විවිද උට් වලාවෙන් මිදී ආ ග්‍රහක සහ වල්ගාතරු පෟථිවිය හා ගැටීමෙන්, ඒ මතට ජලය ගෙන ආ බවටද මතයක් පවතී.

Fossurgeon ගේ පැණයට පිලිතුරු

fossurgeon ගේ පැණය
මෙම වල්ගා තරු ලොවට කදා වැටුණු අවස්ථා වලදී, එවා තුල මෙලොව නැති සංයෝග සොයා ගත්ත ද?

වල්ගාතරුවක් සාමාන්‍යසෙන් ½ කි.මි. සිට 50 කි.මි. පමන විශාල විය හැකිය. ඒවායේ බෝහෝමයක් අඩංගු වන්නේ ගල්, දූවිලි මෙන්ම ඝණීභවණය වූ විවිධ වායු වර්ගයි, ඒ වායු අතර මීතේන්, කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක් සයිඩ් ද වනවා මේ නිසාම තමයි වල්ගාතරු කිලිටි හිම බෝල ලේස හදුන්වන්නේත්.

තවද වල්ගාතරු වල අන්තර්ගතයට විවිධ වු කාබනික ද්‍රව්‍යද ඇතුලත් වෙයි. මෙතනෝල්, හයිඩ්‍රජන් සයනයිඩ්, පෝමැල්ඩිහයිඩ්, එතනෝල් හා ඊතේන්ද වඩා සංකීර්ණ රසායණික ද්‍රව්‍යවන හයිඩ්‍රොකාබන් මෙන්ම ඇමයිනෝ අම්ල ද අඩංගුය.

1939 ලංකා වේ උපත ලැබූ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ලාංකිකයකු ලෙස තාරකා විද්‍යාවට ඉමහත් සේවාවක් සිදුකර ඇත ඒ වල්ගාතරු වල අන්තර්ගතය ගැන වැඩිදුර පර්යේෂණ සිදුකිරීම මගින් 70 සහ 80 දශක වලදීය. පෟථිවිය මුල් කාලයේ පෟථිවිය හා ගැටුනු වල්ගාතරු සුලභ බවත් එමගින් පෟථිවිය මත ජීවීන් ඇතිවීයට මුලික වශයෙන් අවශ්‍යය රසායනික ද්‍රව්‍ය ගෙනැවිත් පෟථිවිය මත ජීවීන් ඇතිවීමට ඍජුලෙස දායක වන්නට ඇති බව මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද අදහසට අද මහත් වු පිලිගැනීමක් ඇත.

Tuesday, July 15, 2008

තරුවක් සමග වරුවක්

අපි කාගෙන් හරි දවල්ටත් තරු පේනවාදැයි අහන්නේ කාටහරි කරදරයක් වුනහමයි. නමුත් සත්‍යනම් අපි හැමෝම දවල් තරු දකිනවා, නැත්තම් දැකලා තියෙනවා. මම එහෙම කිවුවෙ අපිට දවල්ට පේන තරුව වෙන කවුරුවත් නෙවෙයි අපේ සූර්යයා. එයා නිසා තමයි පෟථිවිය මත සියලුම ජීවීන් ඇතිවුනේ අදටත් පවතින්නේ මේ ගැන තේරුම් ගත්ත අපේ අතීතයේ හිටපු ඊතාම දියුනු මිනිස්සු සූර්ය වන්දනාව කලා. නමුත් අද සියල්ල නොමිලයේම ලැබෙන නිසා ඒ ගැන කිසීම තැකීමක් ගරුකිරීමක් නෑ, ඒකම මිනිසුන්ගේ අවසානයටත් කවදා හරි හේතු වේවි.

ගහ කොළ, සතා සිවුපාවුන්ට අයිති වෙලා තිබුනු මේ ලෝකය අද එක් සත්වයින් කොටසක් විතරක් තම අයිතියට අරගෙන. සතුන් ගහ කොළ අපට වඩා බුද්ධිමත්, අපට වඩා දියුනුයි, අපට වඩා ඒ අයව හදා වඩා ගෙන පෝෂණය කරන මහ පෝලවට ආදරෙයි. ඒ නිසා තමයි ගහ කොළ හිරු එලිය අරගෙන ඒ වෙනුවට වාතය පිරිසිදු කරලා මුදාහරින්නේ. සතා සිවුපාවනුත් ගහ කොළ වල පැවැත්මට වගේම විකාෂණයටත් කරන මෙහෙය අති මහත්.

නමුත් මහ පෝලෝවට, විශ්වය කියන පරිසරය විසින් හැදුව පෟථිවියට අපි මොනවද දීල තියෙන්නේ?, අපි මොනවද දෙන්නේ? මේ ටික අපි ප්‍රමාද නොවී තේරුම් ගත්තොතින් අපේ දරුවන්ටත් කියල දීල ආනාගතයටත් යම්දෙයක් ඉතිරි කරන්නට හැකි වේවි, ඉතින් අපි කියා නෙසිතා මම යමක් කරමි යැයි සිතා කටයුතු කරන්න, අනේකා ඔබව නිතැතින්ම අනුගමණය කරාවි. එවිට ඔබත් අප තරුවෙන් ආශීර්වාද ලැබුවකු බවට පත්වෙවි.

චන්දිම ගේ පැණයට පිලිතුරැ

චන්දිම ගේ පැණය
දැනට වසර 10කට විතර පලමු මම දුටුව දෙයක්:මහඉලුප්පල්ලම දි මාස කීපයක් පුරා දිනපතා රාත්‍රියෙ මම නිරීක්ශනය කලා මුදුන් අහසෙ නිවෙමින් දල්වෙන කුඩා තරුවක් වැනි දෙයක්. හැමදාම එකම තැන. චලනයක් නැහැ. නිවෙමින් දල්වෙනවා. චන්ද්‍රිකාවක් විය හැකියි ද ?

සාමාන්‍යයේන් අපි තරුවක් දිහා බලාගෙන ඉන්න කොට අපට පෙනෙන්නේ ඒක නිවෙමින් දැල්වෙන විදියට තමයි, ඒක අපේ ඇස මගින් ඇතිකරන තත්වයක් තරුවකින් ලැබෙන ආලෝකය ඊතාම කුඩා නිසා. නමුත් තරමක් විශාල ග්‍රහයකු දිහා බැලුවොත් අපට ස්ථායි වස්තුවක් විදියට තරමක් හෙදින් පෙනෙනවා, ඒක තරුවක් සහ ග්‍රහ ලෝවක් වෙන් කර හදුනාගත හැකි එක්විදියක්. මෙම වස්තුව පිහිටි තාරකා රාශිය ඔබ දන්නේ නමි එය නැවත වරක් බැලීමේදිද තිබිය යුතුය. එය චන්ද්‍රිකාවක් වීමටද පුලුවන භූ ස්ථායී ක්කෂවල රඳවා ඇති චන්ද්‍රිකා ද බොහෝමයි. නමුත් මාස කිහිපයක්ම පසුබිමි තාරකා රශි ක්‍රමයෙන් වෙනස් වුවද එකම ස්ථානයක එය පැවතුනානම් බොහෝවිට එය කෘතීම චන්ද්‍රිකාවක් වීයට ඉඩ ඇත.

පැණයට පිලිතුරැ

situvili ගේ පැණය
තොරතුරු දැක්වුවාට ස්තුතියි. පියවි ඇසින් බලන්න එච්චරටම අමාරුද? ප්‍රිස්ම දෙනිතියකින් නැතුව පැහැදිලිව බලන්න බැරිද?

වලාකුලු වලින් සහ ආලෝක දුෂණයෙන් තොර අහසක් සහිත ස්ථාණයකදි ඊතාම ලෙහෙසියෙන් පුලුවනි, උත්සාහ ගත්තොත් පුලුවන් වේවි නිසැකවම. අපි කලින් භාවිතා කලේ මෙවැනි අවස්ථා වල කොලඹින් පිට ප්‍රදේශයකට ගොස් පාසැල් සිසුන්ද සහභාගිකරගෙන ඔවුනටද දැනුමක් ලබාදෙමින් නිරීක්ෂණ කටයුතුවල යෙදීමයි.

පැණයට පිලිතුරැ

Fossurgeon ගේ පැණය
වල්ගා තරු කෙතෙක් කල් පවතිනවද?


වල්ගාතරැවක් ලෙස නම් ලබන්නේ සූර්යයාගේ ගුරැත්වාකර්ෂණයට හසුවී සෟරග්‍රහ මණ්ඩලව වෙත ඇදී එන විශාල වස්තූන්, සූර්ය කිරණ හමුවේ අලංකාර වල්ගයක්ද සමගින් අහසේ දර්ෂණය වීමෙන්ය. එවැනි වස්තුවක් පෟථිවියට ලංවී දීප්ති විශාලනය 6 පමන වු විට අපට පැහැදිලි අහසක පියවි ඇසින් දැකගත හැකිය. විශ්වයේ පවතින අනෙක් වස්තූන්ගේ ආයු කාලය හා සැසදීමේදි වල්ගාතරැවල ආයු කාලය අඩු යැයි කිවහැක ඒ ඒවා නිරන්තරයෙන්ම තම අවසානය තෙක් තම කෙටස් විශ්වයට මුදාහරිමින් ගමන් කිරීම නිසාය. එසේම අතරමගදී ග්‍රහයකු හෝ ගැටීමද නැතහෝත් සූර්යයා මතට කඩා වැටීමද සිදුවිය හැකිය. හේල් බෝප් වල්ගාතරැව බ්‍රහස්පතිමතට කඩාවැටීම ඔබට මතක ඇති. තවද තම ජීවිත කාලය දීර්ඝ කර ගනිම්න් සූර්යයා වට සැරිසරන හේලිගේ වල්ගාතරැව 1986 දී පෟථිවියට දර්ෂණය වු අතර නැවත වරක් 2061 දී අප හමුවීමට පැමිනෙනු ඇත. සූර්යයා ආසන්නයේදී විසිරැවන කොටස් ඇති ප්‍රදේෂ හරහා පසුකලෙක පෟථිවිය ගමන් කිරීමේදී පෟථිවි ගුරැත්වාකර්ෂණයට හසුවන කොටස් අපේ වායුගෝලයේදි දැවෙමින් රාත්‍රී අහසේහි උල්කාපාත වර්ෂා ඇතිකරයි. අහස නිරීක්ෂකයින්ට උල්කාපාත වර්ෂා වසර පුරා දැකගත හැකි ත්‍රාසජනක අවස්ථාවකි.

Monday, July 14, 2008

පියවි ඇසින් නිරීක්ෂණය කල හැකි වල්ගාතරැවක් පායලා

2007 නොවැම්බර් 20 දින සොයා ගැනුනු, C/2007 W1 ( Boattini ) බෝට්ටිනි වල්ගාතරැව එහි උපරිම දීප්තියට පත්වෙලා මේ දිනවල Aries - මේෂ තාරකා රශියේ ගමන් කරනවා. දැනට දීප්ති විශාලනය 5.5 වන වල්ගාතරැව අහස නිරීක්ෂණය කර ඇති අයකුට ඊතාම පහසුවෙන් සොයාගත හැකිවනු ඇත. පියවි ඇසින් නිරීක්ෂණය කරනවිට ඊතාම කුඩා තරැවක් ලෙස දැකිය හැකි මෙය ප්‍රිස්ම දෙනෙතියකින් නිරීක්ෂණයට ඊතාම හොඳයි.







තාරකා විද්‍යාවට ඇලුම්කරන්නෙකුකු නම්, ඔබ ඉගෙන ගතයුතු මූලික දේ

පෘථිවිය මත තමා සිටින ස්ථානයේ පිහිටීම සහ දිශාවන්
තරැ සිතියමක් භාවිතා කරන ආකාරය
තාරකා රාශි භාවිතයෙන් දිශාව සොයා ගැනීම
ප්‍රධාන තාරකා රාශි 12 සමග ඔබට පෙනෙන තාරකා රාශි හදුනා ගැනීම
තාරකා රාශි වල ඇති ගැඹුරැ ආකාෂ වස්තු හදුනා ගැනීම
ප්‍රිස්ම දෙනෙතියක් (බයිනොකියුලර් දුරදක්නයක්) භාවිතා කරන ආකාරය
චන්ද්‍ර නිරීක්ෂනය, සහ සිතියම් ගත කිරීම
ග්‍රහ චලිතය සහ ඒවායේ පිහිටීම නිරීක්ෂණය
දුරේක්ෂයක් භාවිතා කරන ආකාරය සහ එහි සිද්ධාන්ත
වල්ගාතරැ, උල්කාපාත වර්ෂා නිරීක්ෂණය
සුර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ නිරීක්ෂණය
විශ්වයේ පවතින අනෙකුත් දෑ නිහාරිකා, තරැ පොකුරැ, මන්දාකිණි අධ්‍යයනය
රොකට් සහ අභ්‍යාවකාෂ යානා ගැන දැනුම ලබා ගැනීම
මේ ආදී කරැනු රාශියක් ඇත, මුලිකවම අවශ්‍ය වන්නේ ඔබගේ ඇති ඇල්ම සහ උනන්දුවයි. ඔබ සතුව එය ඇත්නම් ඉහත කරැනු සියල්ල ඉක්මනින් ඔබ සතු වනු ඇත.
පැණයක් ඇතොත් මා වෙත යොමු කරන්න, මම ඔබට උදවු කරන්නම්.

Sunday, July 13, 2008

අද තාරකා විද්‍යාව සහ එහි ආනාගතය

අද වනවිට හැමදෙයක්ම වගේ වානිජමය මුහුනුවරක් අරගෙන. තාරකා විද්‍යාවත් අද ධනවතුන්ට මුදල් ගෙවා අභ්‍යාවකාශ සංචාරයක් ලබාගත හැකිතරම් දියුනු තත්වයකට පත් වෙලා, එය ඉක්මනින්ම සාමාන්‍ය ගුවන්ගමනක් තත්වයට වැඩිකල් නෙගොස්ම පත්වේවි. මුලින් සෝවියට් රැසියාව හා ඇමරිකාව අභ්‍යාවකාෂය ජයගන්න තියුනු තරඟයක හිටියත් අද වනවිට ජපානය, යුරෝපා එකමුතුව වගේම චීනය ඉන්දියාව වගේ රටවලුත් අභ්‍යාවකාෂ යුගයට පිවිසිලා. සඳ ජයගැනීමට එක් රටක් උත්සාහ කරන විට තව රටක් අඳහරැ ජයගැනීමට සැරසෙනවා, මේනිසාම ඉක්මනින් නැවතවරක් හොඳ තරඟයක් ඇතිවේවි. මම හෝඳ තරඟයක් කිවුවෙ සෑම විටම තාරකා විද්‍යාව ජයගන්නා විට එයට සම්බන්ද අනෙක් සියලුම විද්‍යාවන් ජයග්‍රහන රාෂියක්ම ලබාගෙන තියේවි. තාරකා විද්‍යාව විද්‍යාවන්ගේ මවු විද්‍යාව වෙන්නෙත් මෙන්න මේනිසාමයි.

අද ලංකාවෙ තරැණයෙක් ජලයේන් ක්‍රියාකරන වාහනයක් නිපදවුවා සේම, හෙට තවත් අයකු ආලෝකය ශක්තිය බවට හරවන අලුත් ක්‍රමයක් සොයා ගනීවි. අභ්‍යාවකාෂ යානා වලට න්‍යෂ්ථික ශක්තිය භාවිතයට ගැනීමත් සමගම සඳට මෙන්ම අඟහරැටත් පැය කිහිපයකින් ගිහින් එන්න හැකියාව ලැබේවි. මේ හැම දෙයක්ම සඳහා සියලුම දෙනාගේ සහය මෙන්ම කැපවීමත් අවෂ්ශම කාරනාවකි. නව සොයා ගැනීම් වගේම නව අදහස් මිනිසා ජයග්‍රහනය තෙක් රැගෙන යාවි, ඔබත් අදම සිතට ගෙන තමන් නියැලෙන කාරණය කුමක් වුවත් එය වඩා හෙඳින් ඉටු කරන්න, එවිට ඔබත් ජයග්‍රහණයේ කොටස් කරැවකු වනවා නෙඅනුමානයි.

Saturday, July 12, 2008

බ්‍රහස්පති මත තිබූ තුන් වන රතු ලපය අතුරැදහන් !


2008 මැයි මාසයේ ගන්නා ලද ජායාරෑප වල පැහැදිලිව කුඩා තුන්වන රතු ලපයක්ද දිස්විය, නමුත් වසර 300කටත් වඩා පැරනි යෝද රතු ලපයට ඉරිසියා සිති පසුගිය දිනවලදී කුඩා තුන් වන ලපය ගිලගෙන ඇත. විෂාල සුලි කුණාටුවක් වබ යෝද රතු ලපය පලලින් 24-40.000km සහ උසින් 12- 14.00km විශාල වන අතර ප්‍රෟතුවිය මෙන් තුන් ගුනයක් පමන විශාලය.

තාරකා විද්‍යාවට සම්බන්ධව මෙතෙක් නිර්මාණම වුනු හොඳම චිත්‍රපටි

2005 War of the Worlds - වෝර් ඔෆ ද වර්ල්ඩ්ස්
2004 The Day after Tomorrow - ද ඩේ ආෆ්ටර් ටුමෝරෝ
2004 Alien vs Predator - ඒලියන් වෝස් ප්‍රඩේටර්
2003 The Core - ද කෝර්
2002 Solaris - සොලාරිස්
2002 Men In Black II - මෙන් ඉන් බ්ලැක් 2
2002 Signs - සයින්ස්
2001 A.I. - ඒ. අයි.
1998 Deep Impact - ඩීප් ඉම්පැක්ට්
1998 Armageddon - ආමගොඩ්න්
1997 Men in Black - මෙන් ඉන් බ්ලැක්
1997 Contact - කන්ටැක්ට්
1996 Independence day - ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ
1995 Apollo 13 - ඇපලෝ 13
1987 Predator - ප්‍රඩේටර්
1986 Star Trek IV - ස්ටාර් ටෑරැක් 4
1984 2010: The Year We Make Contact – 2010 ද ඉයර් වී මේක් කන්ටැක්
1982 E.T - ඊ.ටි.
1979 Alien - ඒලියන්
1977 Star Wars - ස්ටාර් වෝර්ස්
1968 2001: A Space Odyssey – 2001 අ ස්පේස් ඔඩසි

Wednesday, July 9, 2008

තාරකා විද්‍යා ගැටලු වලට පිලිතුරැ

ඔබ ගේ ඕනෑම තාරකා විද්‍යා ගැටලුවක් මා වෙත සිංහලෙන් හෝ English වලින් comments ලෙස යෙමු කරන්න, මම ඊට පිලිතුරැ සපයන්නම්.


නිලන්ත පියසිරි මහතාගේ පැනය

කළු කුහර හරහා වෙනත් මානයකට ගමන් කළ හැකි බැව් සැබෑද? එමගින් සමාන්තර විශ්ව ගැන කියැවෙන/ලියැවෙන දේ සැබෑ ද?


කළු කුහරයක් යනු විශාල ප්‍රමානයේ තාරකාවක් පිපිරී යෑම නිසා නිර්මාණය වීමක් එවැනි කළු කුහර විෂ්වයේ පවතින බව අද වනවිට තාරකා විද්‍යාව මගින් සනාත කොට ඇත. එහෙත් කළු කුහරයක් මගින් ඇතිකරන ප්‍රභල ගුරැත්වාකර්ෂන බලය නිසා ඒ වෙත ඇදී යන තාරකා වලින් පිටවන ආලෝකයට පවා ඉන් මිදී ඒමට නෙහැකි වෙයි. මෙම සීමාව ඉවෙන්ට් හොරයිසන් ලෙස නම්කර ඇත. එම සීමාවෙන් ඇතුලුවන දේ ගැන නිරීක්ෂණයට ප්‍රෘථුවිය මත තාක්ෂණය තවම දියුනු වී නොමැත. එබැවින් ඒ ගැන තවමත් ඇත්තේ අදහස් සහ මතවාද පමනකි. ස්ථිර විද්‍යාත්මක පිලිතුරක් තවම ඒ ගැන නොමැත. මගේ පෘද්ගලික අදහස නම් කළු කුහරයක් තුලදී පදාර්ත නැවත ශන්තිය බවට හරවා නැවත විශ්වයට මුදාහැර විශ්වයේ සමතුලිත බව ආරක්ෂා කරන විශ්වයේ එක් වස්තුවක් බවයි.

Monday, July 7, 2008

අඟහරැ ගැන සෙයන "ෆීනික්ස්"

2007 අගෝස්තු 4 වනදා ගුවන් ගතවු ෆීනික්ස්, 2008 මැයි 25 දින අඟහරැ මතට ගොඩබසින ලදි. එතැන් පටන් ඇරඹුනු ෆීනික්ස් යානයේ පර්යේෂන අද විවිධ සෙයා ගැනීම් වලට මුල්වී ඇත. මිනිසකු අඟහරැ ජය ගන්නා දවස වැඩි ඈතකට නෙයවන්නට ෆීනික්ස් යානාව කරැනු එක්රැස් කරනවා ඇත.

ෆීනික්ස් මගින් ගනු ලැබූ ජායාරෑප කිහිපයක්







Thursday, July 3, 2008

"විශිෂ්ටතම සොයාගැනීම"


"ඇලිස් ඔයා තවම ඔතන වැඩ ඉවර නැද්ද?" ඒ මහාචාර්ය කාලෝගේ කටහඩයි, ඇලිස්, මහාචාර්ය කාලෝ, පීටර් සහ මැක්ස් ඇන්ටාක්ටික් ප්‍රදේෂයට පැමිනියේ කිසිදාක මිනිසා විසින් පා තබා නෙතිබුනු ඇන්ටාක්ටිකාවේ හිමෙන්වැසී පැවති ප්‍රදේෂයකටය. නමුත් අද තත්වය ඊට වඩා බෙහෙවින් වෙනස්වී ඇත, පරිසර උෂ්ණත්වය ඉහල යෑමත් සමගම පෟථුවිය මතවු හිම තට්ටු දියවීම ආරම්භ විනි, ග්ලැසියර එකින් එක කුඩා කොටස් වලට කැඩීයමින් පෟථුවිය ප්‍රබළ පරිසර ගැටලුවකට මැදි කලේය.

අද වනවිට ඇන්ටාක්ටිකාව මත හිම තට්ටු නැත, ඉතිරි වී ඇත්තේ හමායන සීත සුලඟ පමනකි. මේනිසා අද මහාචාර්ය කාලෝ ඇතුලු පිරිසට වඩා පහසුවෙන් තම භූවිද්‍යා කැණීම් කටයුතු සිදුකල හැකිය ඒ මීට වසර දහස් ගනනකට ප්‍රථමද ඇන්ටාක්ටිකාවේ මිනිසුන් ජීවත්වුබව සණාථ කිරීමට හැකි සාක්ෂි සොයා ගැනීමටය. වසර දහස් ගනනක් හිමතට්ටු වලින් වැසීපැවතීම නිසා ඒවා සොබාදහම විසින් මනාව ආරක්ෂාකරගෙන ආනාගතය වෙත ගෙනවිත් ඇති බවත් අපට සොයා ගැනීමට ඇත්තේ ස්ථානය පමනක් බවත් මහාචාර්ය වරයාගේ අදහසයි.

මහාචාර්ය කාලෝ ලොව පුරා ගොස් කල සෝයා ගැනීම් නිසා අද වනවිට ඉපැරණි ශිෂ්ටාචාර ගැන මෙන්ම ඩය්නසෝරයන්ගේ පරපුර සවිමත් කරමින් කල සොයා ගැනීම් ලොව ඉතිහාසයට අලුත් තොරතුරැ රාෂියක් එක් කලාසේම මහාචාර්ය කාලෝවද තව තවත් ප්‍රසිද්ධියට පත්කරවීය. මේ නිසාම මහාචාර්ය කාලෝට ඔහුගේ පර්යේෂණ සඳහා මුදල් සොයා ගැනීමේ කිසිඳු ගැටලුවක් නොවීය, තිබුනේ වේලාව සොයාගැනීම පිළිබඳ ගැටලුව පමනකි. ඔහු වඩ වඩා ප්‍රසිද්ධියට පත් වන විට ලොව පුරා විවිධ ආයතන වලින් දේෂණ සඳහා ලැබෙන ඇරයුම්ද වැඩිවිය.

ඇලිස්ට මහාචාර්ය කාලෝගේ පර්යේෂණ වලට සම්බන්ධ වීමට ලැබෙන්නේද තරමක අසාමාන්‍ය සිද්ධියක් නිසාය, වරක් මහාචාර්ය වරයා දේෂණයකදී පෟථුවිය මත ජීවීන් ඇතිවීම හා මිනිසා නිර්මාණය වීම ගැන අදහස් පල කරමින් කියා සිටියේ ඩය්නසෝරය්න් පෟථුවිය මත බිහිවී විකාෂණය වීම හා අද පෟථුවිය මත රජ කරන මිනිසා බිහිවී අද සිටින දියුනු තත්වයට පැමිණිමට ගතවී ඇති කාලය සැලකිය යුතු ලෙස සන්සන්දනාත්මකව බැලීමේදී අඩු බවයි. මේ ගැන අසන්නට ලැබුනු ඇලිස් කලේ එයට පිලිතුරැ සපයමින් මිනිසාගේ පරිණාමය ගැන දීර්ඝ ලෙස කරැනු දක්වමින් පුවත් පතක ලිපියක් පලකිරීමය. එහිදී කාලෝගේ අදහස් දැඩිලෙස විවේචණය කල ඇලිස්, පුදුමයට පත්වුයේ ඊට මාස කිහිපයකට පසු දිනක් උදෑසන තමාට උදෑසන සුභපැතුමක්ද සමඟින් තම ආලින්දයට ගොඩවු මහාචාර්ය කාලෝ දැකීමෙනි.

"දුව ඔයාට බෝහෝම ස්තුතියි මගේ අදහස් වලට ප්‍රතිචාර දැක්වීම ගැන, බෝහෝම දෙනා කරන්නෙ අහගෙන ඉඳල හරි කියවල හරි පස්සෙ අමතක කරල දාන එකනේ, මම ඔයාගේ උත්සාහය අගය කරනවා, මම ඔයා ගැන පහුගිය කාලෙ සොයා බැලුවා, ඔයා පුරාවිද්‍යාව ගැන බොහෝම දැනුම වගේම ලොකු කැමැත්තකුත් තියෙනවා නේද?"

මෙසේ කථාව ඇරඹු ඔහු පවසා සිටියේ තමන් කරන පර්යේෂන තමන්ට පමනක් නෙව මුලු ලොවටම බවත්, ඒ සඳහා විවේචණය කරනවාටත් වඩා දායකත්වයක් තම කණ්ඩායමට එකතුවීම මගින් ඇලිස්ට කල හැකිබව පෙන්වා දෙමින් ආරාධණාවක්ද කරමිනි. ඔහුගේ කාරැණික ආරාධණය ඉමහත් සතුටින් පිලිගත් ඇලිස් ඊට සතියකට පසු ඊජිප්තුවේ කල කැනීම් සඳහා එක්වුනේ ඇයගේ ජීවිතයේ අලුත් පරිච්ජේදයක් අරබමිනි.

පීටර් සහ මැක්ස් මහාචාර්ය කාලෝ පීථාධිපතීත්වය දැරැ විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව ගැන ක්‍රියාකාරී ජ්‍යෙෂ්ඨයෝ දේදේනෙකි. ඇලිස් සම්බන්ධ වනවිටත් ඔවුන් මහාචාර්ය කාලෝ සමග වසර තුනක්ම සම්පුර්න කර සිටියහ.

මෙතෙක් කිසිඳු කැනීමක් සිදුනොකල ඇන්ටාක්ටිකාවේ පර්යේෂණය කිරීම තරමක අසාමාන්‍ය අදහසක් වුවද මෙම පර්යේෂණ ගමන ගැන කරැනු දක්වමින් ආරම්භයේදී මහාචාර්ය වරයා කියා සිටියේ ගවේෂනයට මෙවැනි ස්ථානයක් ලැබීමද අප ලැබු ජයග්‍රහනයක් බවයි.

පීටර් සහ මැක්ස් පොලව ගැබුරට කිරන යවමින් පෙලව යට යම් දෙයක් වැලලී ඇත්දැයි නිරීක්ෂනය කරමින් පසුවිය, හදිසියේම අපැහැදිලි යමක් යන්ත්‍රයේ තරයේ දිස්විය,

"
මහාචාර්ය කාලෝ පොඩ්ඩකට මෙහාට ඇවිත් මේ තිරය පරීක්ෂා කරන්නැයි", ඇලිස් ඉල්ලා සිටියාය.
"කෝ බලන්න ඇලිස් සොයා ගත්තේ හිම සපත්තුවක්ද නැත්නම් බිලීපිත්තක්ද බලමු" යැයි කියමින් මහාචාර්ය වරයා ඇලිස් අසලට පැමිනියේය. විනාඩි කිහිපයක්ම තිරයේ දර්ෂණය වන දෙය තේරැම් ගැනීමට උත්සහ කල මහාචාර්යවරයා "පීටර් ඔය උපකරණය තව අඟල් හයක් විතර දකුනට ගන්න" යැයි කීය. සුලු වේලාවකින් නැවතත් තිරය මත ක්‍රමයෙන් යමක් දර්ෂණය වන්නට විය, අඩි හතක් පමන දිගින්ද අඩි දෙකක් පමන පලලකින්ද සමන්විත යමක් පොලව අභ්‍යන්තරයේ පවතින බැව් තිරයේ අපැහැදිලි දර්ෂණයේන් සිතාගතහැකිය. "මහාචාර්ය තුමා, මොකක් වුනත් වැඩිය ගැඹුරක නම් නෙවෙයි තියේන්නේ, අඩි දහයක් විතර ගැඹුරින් ඇතිබව තමයි පෙන්වන්නේ" යැයි ඇලිස් පැවසුවාය.

"හොඳයි, පීටර්, මැක්ස් ඔතන ඉඳන් අඩි පහලොවක වෘතාකාර ප්‍රදේෂයක් ආවරණය වන විදියට අඩි දහයක් ඟැඹුර සිතියම් ගතකරන්න, ඊට පස්සේ බලමු මොකක්ද කරන්න ඕන කියලා" මහාචාර්ය කාලෝ පැවසීය. ඉතිරි පැයකිහිපය වේගයෙන් ගෙවී ගිය අතර සවස් වනවිට පීටර් සහ මැක්ස් ඔවුන්ගේ රාජකාරි අවසන් කොට සිටියහ, එහිදි තවත් එවැනිම හැඩ සහිත වස්තූන් දෙකක් ඒ අසලම පිහිටා ඇති බව සිතියමේ සටහන් විය, මහාචාර්ය කාලෝගේ අදහස වුයේ පසුදිනම කැනීම් කටයුතු ආරම්භ කලයුතු බවයි. බලාපොරොත්තු සහගතව ගෙවෙන සෑම පැයක්ම දැන් සියල්ලන්ටම අලුත් උද්යෝගයක් මෙන්ම අලුත් ජවයක්ද ලබාදී ඇතිසේය, පසුදින කරන්නට ඇති දේ ගැන සිතමින් ඇලිස් නින්දට ගියාය.

සියල්ලන්ම තරමක් කලියේන්ම අවදි වී උදෑසනින්ම තම කටයුතුවල නිරත විය, ඒ සෑම දෙනාගේම ඇති උද්යෝගය නිසාය, දිවා කාලය වනවිට උදවුවට පැමින සිටි පිරිස වස්තුන් පිහිටි බිම අඩි නවයක් පමන හාරා පස් ඉවත් කරන ලදි ඊලඟට අපි සියලු දෙනා මාරැවෙන් මාරැවට ඉතා ප්‍රවේසමෙන් කැනීම් කටයුතු සිදුකලෙමු. ගල්කැබලි එක ලඟ එක හොඳින් අසුරා ඒ මැද තබා තිබූ දේහය සියවස් ගනනාවක් පුරා ඉතා හෙඳින් ආරක්ෂා වී තිබිනි ඒ ඝනව පැවති හිම තට්ටුවලට පින්සිදු වන්නටය, ඔවුන්ගේ සම පවා හොඳින් සංරක්ෂණය වී තිබුනේ ඔවුන් ජීවමානව සිටිනා ලෙසිනි.

"මේ මැද තියෙන දේහය වඩා වැදගත්, උසස් පුද්ගලයකුගේ වගෙයි, ඔහු ගේ අත් එකට තබා ඇති ආකාරයෙන් ඒ බව පේනවා දෙපැත්තෙන් සිටින්නෙ ඔහුගේ බිරිඳ සහ දුව වෙන්න පුලුවන්, කොහොම උනත් මේ තුන්දෙනා සෑහෙන කාලයක් අපි එනකම් බලන් ඉඳල තියේනවා, අපි කාබන් පරීක්ෂාවක් කරල දැන ගනිමු මේ තුන්දෙනා කොච්චර වයසද කියලා" එසේ කියු මහාචාර්ය වරයා ගේ ඇස් දීප්තිමත්ව තිබිනි ඒ ඔහුගේ තවත් උත්සාහයක් මල් ඵල ගන්නට ආසන්නව ඇති නිසාය.

ඊලඟ දින දෙක තුලදී ඊතා ප්‍රවේසමෙන් ගොඩට ගත් දේහ තුන අපේ පර්යේෂණාගාරය වෙත ගෙනඑන ලදි, එසේම මැක්ස් සහ ඇලිස් ප්‍රවේසමෙන් ඉවත් කරගත් කොටස් කිහිපයක් වයස තීරණය කිරීම සඳහා පරීක්ෂාවට යොමු කරන ලදි,

"මහාචාර්ය කාලෝ, ඉක්මනින් පර්යේෂණාගාරයට එන්න ඔබව පුදුම කරවන්නයි මගේ සූදානම"
පීටර් දුරකථනයේන් මහාචාර්ය අමතනු ඇසුනු ඇලිස් හා මැක්ස් ද ඉක්මනින් පීටර් අසලට ගියහ.

"ඩෝක්ටර් බලන්න මම, මේ නායක තුමාගෙ අත් දෙකට මැදිව අපට හැංඟිලා තිබුනු දෙය" කියමින් එහි ලඟාවු මහාචාර්ය අත යම්කිසිවක් තැබීය. කාසියක් තරම වු එය දෙපැත්තෙන්ම පිම්බී තිබිනි, විවිධ කැටයම් වැනි හැඩතල හා අක්ෂර ඒ වටා වු අතර මැද ඉතා සිහින් සිරැරක් හා ඊට සාපේක්ෂව විශාල හිසක් සහ ඇස් ඇති රෑපයක් විය. සියල්ලෝම එකිනෙකාගේ මුහුනු බලමින් තැති ගත් අයුරින් විනාඩි කිහිපයක් නිශ්ශබ්දව පසුවිය.

එය කිසිසේත් ඔවුන් විසින් නිර්මාණය කර ගත්තක් විය නොහැකිය, ඒ අක්ෂර, ඒ රෑපය මිනිසා දක්වන එකක් නම් නෙවිනි, ප්‍රශ්ණ රාෂියක් එකවර සිතට නැගී එන මොහොතක, කාබන් පරීක්ෂාව භාරගත් විද්‍යාගාරයේ ජෙනී පර්යේෂනාගාරයට ඇතුලු විය.

"මහාචාර්ය කාලෝ, ඔයා මට ගෙනාපු හොඳම තෑග්ග මේක, කාබන් පරීක්ෂාව අනුව මේක වසර හාරදහසක් විතර පැරණියි, ඔයාට මොකද හිතෙන්නේ ඔයා හොයාගත්තු පැරණිම මමිය ගැන" ජෙනී මහාචාර්ය කාලෝගෙන් ඇසුවාය, පිලිතුරැ දීගත නොහැකි ප්‍රශ්ණ රාෂියක් හමුවේ මහාචාර්ය කාලෝ නිරැත්තරව බලා සිටියේය. ඒ අතිතය ප්‍රශ්ණ රාෂියකට අද ඔහුට පිලිතුරැ සපයා තිබුනු නිසාය.



2008 ජූලි මස 3 වැනිදා
එච්. එල්. ඩෙෂාන් චානක ද සිල්වා