Thursday, July 3, 2008

"විශිෂ්ටතම සොයාගැනීම"


"ඇලිස් ඔයා තවම ඔතන වැඩ ඉවර නැද්ද?" ඒ මහාචාර්ය කාලෝගේ කටහඩයි, ඇලිස්, මහාචාර්ය කාලෝ, පීටර් සහ මැක්ස් ඇන්ටාක්ටික් ප්‍රදේෂයට පැමිනියේ කිසිදාක මිනිසා විසින් පා තබා නෙතිබුනු ඇන්ටාක්ටිකාවේ හිමෙන්වැසී පැවති ප්‍රදේෂයකටය. නමුත් අද තත්වය ඊට වඩා බෙහෙවින් වෙනස්වී ඇත, පරිසර උෂ්ණත්වය ඉහල යෑමත් සමගම පෟථුවිය මතවු හිම තට්ටු දියවීම ආරම්භ විනි, ග්ලැසියර එකින් එක කුඩා කොටස් වලට කැඩීයමින් පෟථුවිය ප්‍රබළ පරිසර ගැටලුවකට මැදි කලේය.

අද වනවිට ඇන්ටාක්ටිකාව මත හිම තට්ටු නැත, ඉතිරි වී ඇත්තේ හමායන සීත සුලඟ පමනකි. මේනිසා අද මහාචාර්ය කාලෝ ඇතුලු පිරිසට වඩා පහසුවෙන් තම භූවිද්‍යා කැණීම් කටයුතු සිදුකල හැකිය ඒ මීට වසර දහස් ගනනකට ප්‍රථමද ඇන්ටාක්ටිකාවේ මිනිසුන් ජීවත්වුබව සණාථ කිරීමට හැකි සාක්ෂි සොයා ගැනීමටය. වසර දහස් ගනනක් හිමතට්ටු වලින් වැසීපැවතීම නිසා ඒවා සොබාදහම විසින් මනාව ආරක්ෂාකරගෙන ආනාගතය වෙත ගෙනවිත් ඇති බවත් අපට සොයා ගැනීමට ඇත්තේ ස්ථානය පමනක් බවත් මහාචාර්ය වරයාගේ අදහසයි.

මහාචාර්ය කාලෝ ලොව පුරා ගොස් කල සෝයා ගැනීම් නිසා අද වනවිට ඉපැරණි ශිෂ්ටාචාර ගැන මෙන්ම ඩය්නසෝරයන්ගේ පරපුර සවිමත් කරමින් කල සොයා ගැනීම් ලොව ඉතිහාසයට අලුත් තොරතුරැ රාෂියක් එක් කලාසේම මහාචාර්ය කාලෝවද තව තවත් ප්‍රසිද්ධියට පත්කරවීය. මේ නිසාම මහාචාර්ය කාලෝට ඔහුගේ පර්යේෂණ සඳහා මුදල් සොයා ගැනීමේ කිසිඳු ගැටලුවක් නොවීය, තිබුනේ වේලාව සොයාගැනීම පිළිබඳ ගැටලුව පමනකි. ඔහු වඩ වඩා ප්‍රසිද්ධියට පත් වන විට ලොව පුරා විවිධ ආයතන වලින් දේෂණ සඳහා ලැබෙන ඇරයුම්ද වැඩිවිය.

ඇලිස්ට මහාචාර්ය කාලෝගේ පර්යේෂණ වලට සම්බන්ධ වීමට ලැබෙන්නේද තරමක අසාමාන්‍ය සිද්ධියක් නිසාය, වරක් මහාචාර්ය වරයා දේෂණයකදී පෟථුවිය මත ජීවීන් ඇතිවීම හා මිනිසා නිර්මාණය වීම ගැන අදහස් පල කරමින් කියා සිටියේ ඩය්නසෝරය්න් පෟථුවිය මත බිහිවී විකාෂණය වීම හා අද පෟථුවිය මත රජ කරන මිනිසා බිහිවී අද සිටින දියුනු තත්වයට පැමිණිමට ගතවී ඇති කාලය සැලකිය යුතු ලෙස සන්සන්දනාත්මකව බැලීමේදී අඩු බවයි. මේ ගැන අසන්නට ලැබුනු ඇලිස් කලේ එයට පිලිතුරැ සපයමින් මිනිසාගේ පරිණාමය ගැන දීර්ඝ ලෙස කරැනු දක්වමින් පුවත් පතක ලිපියක් පලකිරීමය. එහිදී කාලෝගේ අදහස් දැඩිලෙස විවේචණය කල ඇලිස්, පුදුමයට පත්වුයේ ඊට මාස කිහිපයකට පසු දිනක් උදෑසන තමාට උදෑසන සුභපැතුමක්ද සමඟින් තම ආලින්දයට ගොඩවු මහාචාර්ය කාලෝ දැකීමෙනි.

"දුව ඔයාට බෝහෝම ස්තුතියි මගේ අදහස් වලට ප්‍රතිචාර දැක්වීම ගැන, බෝහෝම දෙනා කරන්නෙ අහගෙන ඉඳල හරි කියවල හරි පස්සෙ අමතක කරල දාන එකනේ, මම ඔයාගේ උත්සාහය අගය කරනවා, මම ඔයා ගැන පහුගිය කාලෙ සොයා බැලුවා, ඔයා පුරාවිද්‍යාව ගැන බොහෝම දැනුම වගේම ලොකු කැමැත්තකුත් තියෙනවා නේද?"

මෙසේ කථාව ඇරඹු ඔහු පවසා සිටියේ තමන් කරන පර්යේෂන තමන්ට පමනක් නෙව මුලු ලොවටම බවත්, ඒ සඳහා විවේචණය කරනවාටත් වඩා දායකත්වයක් තම කණ්ඩායමට එකතුවීම මගින් ඇලිස්ට කල හැකිබව පෙන්වා දෙමින් ආරාධණාවක්ද කරමිනි. ඔහුගේ කාරැණික ආරාධණය ඉමහත් සතුටින් පිලිගත් ඇලිස් ඊට සතියකට පසු ඊජිප්තුවේ කල කැනීම් සඳහා එක්වුනේ ඇයගේ ජීවිතයේ අලුත් පරිච්ජේදයක් අරබමිනි.

පීටර් සහ මැක්ස් මහාචාර්ය කාලෝ පීථාධිපතීත්වය දැරැ විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව ගැන ක්‍රියාකාරී ජ්‍යෙෂ්ඨයෝ දේදේනෙකි. ඇලිස් සම්බන්ධ වනවිටත් ඔවුන් මහාචාර්ය කාලෝ සමග වසර තුනක්ම සම්පුර්න කර සිටියහ.

මෙතෙක් කිසිඳු කැනීමක් සිදුනොකල ඇන්ටාක්ටිකාවේ පර්යේෂණය කිරීම තරමක අසාමාන්‍ය අදහසක් වුවද මෙම පර්යේෂණ ගමන ගැන කරැනු දක්වමින් ආරම්භයේදී මහාචාර්ය වරයා කියා සිටියේ ගවේෂනයට මෙවැනි ස්ථානයක් ලැබීමද අප ලැබු ජයග්‍රහනයක් බවයි.

පීටර් සහ මැක්ස් පොලව ගැබුරට කිරන යවමින් පෙලව යට යම් දෙයක් වැලලී ඇත්දැයි නිරීක්ෂනය කරමින් පසුවිය, හදිසියේම අපැහැදිලි යමක් යන්ත්‍රයේ තරයේ දිස්විය,

"
මහාචාර්ය කාලෝ පොඩ්ඩකට මෙහාට ඇවිත් මේ තිරය පරීක්ෂා කරන්නැයි", ඇලිස් ඉල්ලා සිටියාය.
"කෝ බලන්න ඇලිස් සොයා ගත්තේ හිම සපත්තුවක්ද නැත්නම් බිලීපිත්තක්ද බලමු" යැයි කියමින් මහාචාර්ය වරයා ඇලිස් අසලට පැමිනියේය. විනාඩි කිහිපයක්ම තිරයේ දර්ෂණය වන දෙය තේරැම් ගැනීමට උත්සහ කල මහාචාර්යවරයා "පීටර් ඔය උපකරණය තව අඟල් හයක් විතර දකුනට ගන්න" යැයි කීය. සුලු වේලාවකින් නැවතත් තිරය මත ක්‍රමයෙන් යමක් දර්ෂණය වන්නට විය, අඩි හතක් පමන දිගින්ද අඩි දෙකක් පමන පලලකින්ද සමන්විත යමක් පොලව අභ්‍යන්තරයේ පවතින බැව් තිරයේ අපැහැදිලි දර්ෂණයේන් සිතාගතහැකිය. "මහාචාර්ය තුමා, මොකක් වුනත් වැඩිය ගැඹුරක නම් නෙවෙයි තියේන්නේ, අඩි දහයක් විතර ගැඹුරින් ඇතිබව තමයි පෙන්වන්නේ" යැයි ඇලිස් පැවසුවාය.

"හොඳයි, පීටර්, මැක්ස් ඔතන ඉඳන් අඩි පහලොවක වෘතාකාර ප්‍රදේෂයක් ආවරණය වන විදියට අඩි දහයක් ඟැඹුර සිතියම් ගතකරන්න, ඊට පස්සේ බලමු මොකක්ද කරන්න ඕන කියලා" මහාචාර්ය කාලෝ පැවසීය. ඉතිරි පැයකිහිපය වේගයෙන් ගෙවී ගිය අතර සවස් වනවිට පීටර් සහ මැක්ස් ඔවුන්ගේ රාජකාරි අවසන් කොට සිටියහ, එහිදි තවත් එවැනිම හැඩ සහිත වස්තූන් දෙකක් ඒ අසලම පිහිටා ඇති බව සිතියමේ සටහන් විය, මහාචාර්ය කාලෝගේ අදහස වුයේ පසුදිනම කැනීම් කටයුතු ආරම්භ කලයුතු බවයි. බලාපොරොත්තු සහගතව ගෙවෙන සෑම පැයක්ම දැන් සියල්ලන්ටම අලුත් උද්යෝගයක් මෙන්ම අලුත් ජවයක්ද ලබාදී ඇතිසේය, පසුදින කරන්නට ඇති දේ ගැන සිතමින් ඇලිස් නින්දට ගියාය.

සියල්ලන්ම තරමක් කලියේන්ම අවදි වී උදෑසනින්ම තම කටයුතුවල නිරත විය, ඒ සෑම දෙනාගේම ඇති උද්යෝගය නිසාය, දිවා කාලය වනවිට උදවුවට පැමින සිටි පිරිස වස්තුන් පිහිටි බිම අඩි නවයක් පමන හාරා පස් ඉවත් කරන ලදි ඊලඟට අපි සියලු දෙනා මාරැවෙන් මාරැවට ඉතා ප්‍රවේසමෙන් කැනීම් කටයුතු සිදුකලෙමු. ගල්කැබලි එක ලඟ එක හොඳින් අසුරා ඒ මැද තබා තිබූ දේහය සියවස් ගනනාවක් පුරා ඉතා හෙඳින් ආරක්ෂා වී තිබිනි ඒ ඝනව පැවති හිම තට්ටුවලට පින්සිදු වන්නටය, ඔවුන්ගේ සම පවා හොඳින් සංරක්ෂණය වී තිබුනේ ඔවුන් ජීවමානව සිටිනා ලෙසිනි.

"මේ මැද තියෙන දේහය වඩා වැදගත්, උසස් පුද්ගලයකුගේ වගෙයි, ඔහු ගේ අත් එකට තබා ඇති ආකාරයෙන් ඒ බව පේනවා දෙපැත්තෙන් සිටින්නෙ ඔහුගේ බිරිඳ සහ දුව වෙන්න පුලුවන්, කොහොම උනත් මේ තුන්දෙනා සෑහෙන කාලයක් අපි එනකම් බලන් ඉඳල තියේනවා, අපි කාබන් පරීක්ෂාවක් කරල දැන ගනිමු මේ තුන්දෙනා කොච්චර වයසද කියලා" එසේ කියු මහාචාර්ය වරයා ගේ ඇස් දීප්තිමත්ව තිබිනි ඒ ඔහුගේ තවත් උත්සාහයක් මල් ඵල ගන්නට ආසන්නව ඇති නිසාය.

ඊලඟ දින දෙක තුලදී ඊතා ප්‍රවේසමෙන් ගොඩට ගත් දේහ තුන අපේ පර්යේෂණාගාරය වෙත ගෙනඑන ලදි, එසේම මැක්ස් සහ ඇලිස් ප්‍රවේසමෙන් ඉවත් කරගත් කොටස් කිහිපයක් වයස තීරණය කිරීම සඳහා පරීක්ෂාවට යොමු කරන ලදි,

"මහාචාර්ය කාලෝ, ඉක්මනින් පර්යේෂණාගාරයට එන්න ඔබව පුදුම කරවන්නයි මගේ සූදානම"
පීටර් දුරකථනයේන් මහාචාර්ය අමතනු ඇසුනු ඇලිස් හා මැක්ස් ද ඉක්මනින් පීටර් අසලට ගියහ.

"ඩෝක්ටර් බලන්න මම, මේ නායක තුමාගෙ අත් දෙකට මැදිව අපට හැංඟිලා තිබුනු දෙය" කියමින් එහි ලඟාවු මහාචාර්ය අත යම්කිසිවක් තැබීය. කාසියක් තරම වු එය දෙපැත්තෙන්ම පිම්බී තිබිනි, විවිධ කැටයම් වැනි හැඩතල හා අක්ෂර ඒ වටා වු අතර මැද ඉතා සිහින් සිරැරක් හා ඊට සාපේක්ෂව විශාල හිසක් සහ ඇස් ඇති රෑපයක් විය. සියල්ලෝම එකිනෙකාගේ මුහුනු බලමින් තැති ගත් අයුරින් විනාඩි කිහිපයක් නිශ්ශබ්දව පසුවිය.

එය කිසිසේත් ඔවුන් විසින් නිර්මාණය කර ගත්තක් විය නොහැකිය, ඒ අක්ෂර, ඒ රෑපය මිනිසා දක්වන එකක් නම් නෙවිනි, ප්‍රශ්ණ රාෂියක් එකවර සිතට නැගී එන මොහොතක, කාබන් පරීක්ෂාව භාරගත් විද්‍යාගාරයේ ජෙනී පර්යේෂනාගාරයට ඇතුලු විය.

"මහාචාර්ය කාලෝ, ඔයා මට ගෙනාපු හොඳම තෑග්ග මේක, කාබන් පරීක්ෂාව අනුව මේක වසර හාරදහසක් විතර පැරණියි, ඔයාට මොකද හිතෙන්නේ ඔයා හොයාගත්තු පැරණිම මමිය ගැන" ජෙනී මහාචාර්ය කාලෝගෙන් ඇසුවාය, පිලිතුරැ දීගත නොහැකි ප්‍රශ්ණ රාෂියක් හමුවේ මහාචාර්ය කාලෝ නිරැත්තරව බලා සිටියේය. ඒ අතිතය ප්‍රශ්ණ රාෂියකට අද ඔහුට පිලිතුරැ සපයා තිබුනු නිසාය.



2008 ජූලි මස 3 වැනිදා
එච්. එල්. ඩෙෂාන් චානක ද සිල්වා

5 comments:

Leo Sadeepa said...

අනර්ග කතාවක්...මේක කොටස් වශයෙන් ලියන එකක්ද ?

ඩනිෂ්ක said...

සුභපැතුම් මිතුර!
දිගටම ලියන්න

www.ahasa.net said...

විශිෂ්ඨ නිර්මාණයක් චානක. කථාව කියවන විට මට ඒක මැවිල පෙනුනා වගේ මගේ අදහස.

situvili said...

හරිම අපුරු කථාව.ඒ වගේම රසවත්. දිගටම ලියන්න. මගෙනුත් සුභ පැතුම්. :)

keerthi said...

නියම වැඩක්, දිගටම ලියන්න... මගෙන් සුබ පැතුම්.