Thursday, July 17, 2008

ලෝව සතු විශාලතම ඇස!

අපට ඇස ඉතාම සංවේදී අවයවයකි. අප වටා සිදුවන බෝහෝදේ මොලයට දන්වන්නේ එමගිනි. නමුත් එය හා සම්බන්ධ එහි ක්‍රයාකාරීත්වයට ඉතාම වැදගත් තවත් එක් දෙයක් වෙයි, ඒ ආලෝකයයි. අපේ ඇස ක්‍රයාකරන්නේ ඇසට ලැබෙන ආලෝක කිරණ පණිවුඩ බවට හරවා මොලය වෙත ගෙන යෑම මගිනි. ආලෝකය නොමැතිවිට සිදුවන දේ ඔබට සිතාගත හැකිය, ඒ කලුවරේ ජරමරය ඔබද රඟපා ඇති බව මම හෙඳින්ම දන්නෙමි. ඒ ලංකාවේ විදුලිබල මණ්ඩලයට පින්සිදුවන්නටය.

අප වටා සිදුවන දේ දැනගැනීම අපට ඉතාම වැදගත් කරුනක් වෙයි, පෟථිවිය වටා පරිසරයේ සිදුවන දේ දැන සිටීයද ඒ ආකාරයෙන්ම වැදගත්ය. එවිට අපට විශ්වයෙන් සිදුවිය හැකි කරදර ගැන යම් අවබෝදයක් ලැබෙනවා සේම ඒවායින් ආරක්ෂාවීමටත් හැකි වෙනවා. පෟථිවිය වටා ඇති නියර් අර්ත් ඈස්ට්‍රොයිඩ්ස් (Near Earth Asteroids) දැනට 5450 පමණද හදුනාගෙන තිබෙනවා තවද සූර්යයාගේ අඩු වැඩිවන කිරණ ගැන මෙන්ම සූර්යා ආසන්නයේ ඇති තාරකා වල ජීවන චක්‍රය ගැනද සෙවිල්ලෙන් ඉන්න ඕනා. මේ නිසා පෟථිවිය වටා විශාල ප්‍රමාණයේ දුරේක්ෂ 20කටත් වැඩිය පිහිටවලා තියෙනවා. ඒ අතරින් විශාලම එක දැනට අප්‍රිකා මහද්වීපයේ පිහිටලා තියෙනවා එහි භාවිතා කරන දර්පනයේ විශාලත්වය මීටර 11 වනවා. නියර් අර්ත් ඈස්ට්‍රොයිඩ්ස් වැඩසටහන යටතේ 1993 දී ජපානය විසන් ලංකාවට සෙ.මි 45 දුරේක්ෂයක් ලබා දුන්නා ඔබටත් මතක ඇති. අපිට අයිති අහසේ යම් කොටසක් අධ්‍යයනය කරන්න, නමුත් අවාසනාවකට තාමත් ඒකනම් තියෙන්නේ කෟතුක භාන්ඩයක් විධියටම තමයි. ලංකාවටවත් අහස නිරීක්ෂකයින්ට වත්, පාසැල් සිසුන්ටවත් ඒකෙන් නම් ප්‍රයෝජනයක් නැති හැඩයි.

මේවට තමයි කියන්නේ යුද්දෙට නැති කඩුව, කොස් කොටන්නද කියලා. ලැබිලා අවුරුදු 15 කුත් වුනා තාමත් බලදාරින්ට නින්ද ගිහින්......

No comments: