Monday, June 29, 2009

අඟහරු මතදී ස්පිරිට් රොබෝ වාහනයට කරදරයක් වුනු බව ඔබට පැවසුවා මතකද? මේ ඒ ගැනයි,

අප්‍රෙල් මාසයේ දී ඉතාමත් සිනිඳු පොලවක් මතින් ගමන් කිරීමට ගත් උත්සාහයකදී ස්පිරිට් රොබෝ වාහනය කරදරයකට පත්විය.

එහි එක් රෝදයක් මඟින් හෑරී ඇති වලහි යම් කිසි විශේෂත්වයක් පස් වල ඇති බවට සැක කරන නාසා ආයතනයේ විද්යාඥයන් එහි පස් ාම්පලයක් ගෙන පරීක්ෂා කිරීමට සැරසෙයි.

තවත් වැඩිදුර විස්තර

http://www.astronomy.com/asy/default.aspx?c=a&id=8407


panhida පැණය

මොකද්ද මේ අදුරු අණුක වලා කියන්නේ

පිලිතුර

අදුරු අණුක වලා කියන්නේ හයිඩ්‍රජන් හීලියම් වැනි වායුන් ඊතා ඝණව කැටිවි පවතින මේවා විශ්වයේ තරු නිපදවන ස්ථාණ බවට හදුනාගෙන තිබෙනවා ඒ වගේම විශ්වයේ පිහිටි ඉතා විශාල අදුරු අණුක වලාවන් රාශියක් පිහිටා තිබෙනවා.

Friday, June 26, 2009

අදුරු අණුක දූවිලි වලින් සහ අදුරු අණුක වායුන් වලාවක්

විශ්වයේ පවතින අදුරු අණුක වලාවන් පිලිබඳ කදිම නිදසුනකි මෙම ජායාරුපය. එමගින් පසුබි‍මේ පිහිටි ත‍ාරක‍ා වලින් අප වෙත එන ආලෝකය වැලකී ඇති අයුරු බලන්න.

Tuesday, June 23, 2009

සුපිරි තරු පිපුරුමක් සොයාගත් ලොව ලාබාලම පුද්ගලයා!




2008 නොවැම්බර් මාසයේදී ඇමරිකාවේ නිවුයෝක් හි කැරලයින් මෝර් වයස අවුරුදු 14 තරුණියක් මෙම සොයා ගැනීම සිදුකලාය.

තාරකා විද්‍යා ජායා රැපීකරණයේ නියැලෙන තම පියාගේ අඩිපාරේ යමින් ඇයද අද තාරකා විද්‍යා ගවේෂණයට උරදෙමින් අපට විශ්වය ගැන තව තවත් තොරතුරු සොයමින් උදවු කරයි.

තවත් වැඩිදුර විස්තර
http://www.astronomy.com/asy/default.aspx?c=a&id=8389

Friday, June 19, 2009

සූර්යාගේ අසාමාන්‍ය දීර්ඝ අඩු ක්‍රියාකාරිත්වය!

සුර්යා ද තම න්‍යෂ්ථික ක්‍රියාවලියන් සිදුකරන්නේ වසර 11 කට වරක් තම ක්‍රියා කාරකම් උච්ච අවස්ථාවකට පත්වන ආකාරයටය මෙය පසුගිය වසර සියගනනක් පුරා අඛණ්ඩව සිදුවූ කටයුත්තකි. නමුත් වාර්තාගත ලෙස පසුගිය වර්ෂ කිහිපය තුල සූර්යාගේ පැහැදිලි අඩු ක්‍රියාකාරීත්වයක් වාර්තා විය මෙය සූර්යයා මධ්‍යයේ සිදුවී ඇති යම් පසුබෑමක් විය හැකි බවට අනුමාන කෙරේ. තත්වය කෙසේ වෙතත් පෘථිවිය පුරා විද්‍යාඥයින් සෘරග්‍රහ මණ්ඩලයේ කාලගුණික විපර්යාස කෙරෙහි දැඩි අවදානයක් යොමුකර ඇත්තේ අප කේන්ද්‍රය වන සූර්යයා‍ගේ වෙනස්වීම් කෙලින්ම පෘථිවියටද බලපාන බැවීනි. එසේ හෙයින් අප සියලු දෙනා එක්ව සූර්යයාට ඉක්මන් සුවය ප්‍රාර්ථණා කරමු.

තවත් වැඩිදුර විස්තර
http://www.astronomy.com/asy/default.aspx?c=a&id=8380

Wednesday, June 17, 2009

මෙවරත් අගෝස්තු මාසයේදී අඟහරු සඳ තරම් විශාව වෙයිද?



වසර 2003 දී අඟහරු පොලවට ඊතා ආසන්න පිහිටීමකට පැමිනීම නිසා 25% තරම් ප්‍රමාණයේන් විශාලවී අපට දර්ෂණය විය. ඒ වසරේදී ද ඊ මේල් මගින් අඟහරු, සඳ තරම් විශාලව පෙනෙන බවට අසත්‍ය ඊ මේල් පණිවුඩයක් ලොව පුරා පැතිර ගියේය එතැන් සිට පසුගිය වසර 5 පුර‍ාම මෙම අසත්‍ය ඊ මේල් පණිවුඩය පැමිණියේය. මෙවරද එය ක්‍රියාකාරී වී ඇති බවට තොරතුරු ලැබී ඇත. එනිසා මෙම දැනුම් දීම ඊ මේල් භාවිතා කරන දයාබර ඔබටයි මෙම පණිවුඩය ඔබගේ ඊ මේල් ලිපිණයටද ලැබෙනු ඇත කරුණාකර එය තවත් අයට යැවීමෙන් වලකින්න.

Friday, June 12, 2009

අප ක්ෂිරපථ මන්දාකිණිය මධ්‍යයේ නව තාරකා ඉපදී ඇති බව සොයා ගනී!



මෙම සොයා ගැනීම නාසා ආයතනයේ ස්පිට්සර් අභ්‍යාවකාෂ දුරේක්ෂය මගින් පසුගියදා අධෝරක්ත කිරණ මගින් කරන ලද නිරීක්ෂණයකින් සනාත කොට ගෙන ඇත.

ආලෝක වර්ෂ 600 පමන විශ්කම්භයකින් යුත් අප ක්ෂිරපථ මන්දාකිණියේ මධ්‍යය ඊතා සංකීර්ණ ක්‍රියාවලීන්ගෙන් යුත් ප්‍රදේෂයකි.


තවත් වැඩිදුර විස්තර

Wednesday, June 10, 2009

ඔබ සියලු දේනා ඔරයන් තාරකා රාශිය දැක තිබේනවා නේද?



ඔරයන් තාරකා රාශියේ පිහිටි බීටල්ජූස් තාරකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600 ඈතින් පිහිටා ඇති අතර ඔරයන් තාරකා රාශියේ පිහිටි දෙවැනි ඉතාම දීප්තියේන් වැඩි තාරකාවයි. මෙය අප සූර්යයා මෙන් 20 ගුනයක් පමන විශාල රතුයෝධ තාරකාවකි.

මෑතදී කැලිෆෝනියා විශ්ව විද්‍යාලය මගින් කරන ලද නිරික්ෂණයකදි පසුගිය වසර 15 දී බීටල්ජූස් තාරකාව 15% පමන ප්‍රමාණයෙන් කුඩ‍ා වී ඇති බව සොයා ගෙන ඇත, බීටල්ජූස් තාරකාවේ විශාලත්වය අප පෘථිවියේ කක්ෂය මෙන් 5 වරක් එනම් පෘථිවිය සූර්යයා වටා ගමන් කරන මාර්ගය මෙන් 5 වරක් විශාලය. බීටල්ජූස් තාරකාවේ මෙම කුඩා වීමට හේතුව තවමත් සොයාගෙන නොමැති අතර එය තවත් විශ්වයේ සැඟවුනු අභිරහසක් වෙයි. මේ ගැන විවිධ පර්යේෂණ කරන ලොව පුරා විද්‍යාඥයින් නුදුරු දිනයකදීම මෙම අභිරහස විසඳනු ඇත.

තවත් වැඩිදුර විස්තර

http://www.astronomy.com/asy/default.aspx?c=a&id=8342
http://en.wikipedia.org/wiki/Betelgeuse

Tuesday, June 9, 2009

විෂාල කලු කුහරයක් ගැන.......


කන්‍යා මණ්දාකිණි පොකුරේ පිහි‍ටා ඇති M87 ඉලිප්සාකාර මණ්දාකිණිය අපට ආලෝක වර්ෂ මිලියන 55 පමණ ඈතින් පිහිටා ඇත. මෙහි විශ්කම්භය ආ.ව. 120,000 පමණ බව සොයා ගෙන ඇත. මෙහි මධ්‍යයේ විශාල කලු කුහරයක් පිහිටා ඇති බව කලක සිට දැනගෙන සිටියත් මෑතදී පරිගණක භාවිතයේන් කරන ලද ගනනය කිරීම් වලට අනුව M87 කලු කුහරය සුර්යයාගේ ස්කන්ධය මෙන් බිලියන 6.4 පමන බරක් දරාගෙන සිටින බව අනාවරණය වී ඇත.

Monday, June 8, 2009

පැනයට පිලිතුරු


රංගික ලක්රුවන් ගේ පැනය
ඇත්තටම කොහොමද අයියෙ ඔය අව්රෝරා ඇතිවෙන්නෙ. සූර්යයාගේ බලපෑමකින් නේද?ලංකාවෙත් ඕව පේනවනම් මරු!!!


පිලිතුර

ඔවු ධ්‍රැව ආසන්න ප්‍රදේශ වල රාත්‍රී කාලයට දැකගතහැකි මෙම සිදුවීම අයනීකරණය වූ ඉලෙක්ට්‍රොන ඉහල අයන ගෝලය හරහා ඇතුලු වීමේදී හට ගැනේ, ලංකාව මෙන් සමකය ආසන්න රට වලට මෙම සිදූවීම දර්ෂණය නොවේ එය ධ්‍රැව ආසන්න ප්‍රදේෂ වලටම පමනක් සීමාවූ පරිසරයේ අනර්ඝ නිර්මාණයකි.

Friday, June 5, 2009

බ්‍රහස්පති ග්‍රහයා මත පිහිටි අවුරෝරා හෙවත් උතුරු එලි


හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය මගින් ගනු ලැබූ ජායාරුපයකි.

Wednesday, June 3, 2009

නිරීක්ෂණ කඳවුරු මාලාවක්.....

2009 අන්තර්ජාතික තාරකා විද්‍යා වසර වෙනුවෙන් නිරීක්ෂණ කඳවුරු මාලාවක් එකවර පසුගිය මාසයේ 2-5 දක්වා ලොව පුරා සංවිදානය කර තිබිණි.

Monday, June 1, 2009

අඟහරු මතදී ස්පිරිට් කරදරයකට පත්වී

අඟහරු මත එහා මෙහා යමින් වසර පහක් පුරා තොරතුරු සෙවීමේ යෙදී සිටි ස්පිරිට් රොබෝ වාහනය ඉතාමත් සිනිඳු පොලවක් මතින් ගමන් කිරීමට ගත් උත්සාහයකදී පසු ගිය මාසයේදී කරදරයකට පත්විය.

සිනිඳු පොලවක් මත, ස්පිරිට් හිරවී ගමන් කරගත නොහැකිව සිටින අයුරු ජායාරුයෙන්
දැක්වෙයි.

ඔබට යම් තාරකා විද්යාත්මක ගැටලුවක් වෙතොත් මා වෙත යොමුකරන්න