Tuesday, August 18, 2009

පර්සියස් උල්කාපාත වර්ෂාව මේ වසරේ දර්ෂණය වුණු ආකාරය

ජායාරූප රාෂියක එකතුවකින් නිමැවුණු මෙම ජායාරූපය මේ වසරේ පර්සියස් උල්කාපාත වර්ෂාව විදහා දක්වයි. අප ලංකාවේ බෝහෝ ප්‍රදේෂවලට වැසි සහිත කාලගුණයක් පැවති හෙයින් මෙය නිරීක්ෂණය කල වුණු නමුත් නොවැම්බර් මාසයේ දී ඇතිවන ලියෝනිඩ්ස් උල්කාපාත වර්ෂාව මේ වසරේ අසාමාණ්‍ය ලෙස වැඩි උල්කාපාත ප්‍රමාණයක් දර්ෂණය වනු ඇතැයි බලාපොරෝත්තු වන අතරම එය ලංකාවේ අපටද හොදින් දර්ශණය වනු ඇත.

Wednesday, August 12, 2009

ඉන්දියාවේ අජන්තා ගල් ලෙන් පිහිටි භූමිය පොලව සමග ගැටුනු උල්කාවක නිසා ඇති වුවක්ද?



ඇමරිකාවේ ඇරිසෝනා හි පිහිටි වඩාත් ප්‍රසිද්ධ ආවාටය සමග අජන්තා ගල් ලෙන් පිහිටි භූමිය සංසන්ධනාත්මකව බැලීමේදි මා සිතට මෙම අදහස පහල විය. ඔබ විවෘත මණසකින් බලන්න. ඔබ මේ ගැන සිතන්නේ කුමක්ද?. ‍ලෝව වට‍ා මෙවැනි තැන් 45 පමන පිහිටා ඇත.

Tuesday, August 11, 2009

පර්සියස් උල්කාපාත වර්ෂාව අගෝස්තු 11-13 දක්වා





මේ දිනවල පෝය පසුවී දින කිහිපයක් වුවද 12 වෙනි දින අලුයම 3.00 – 5.00 ත් අතර පැහැදිලි අහසකදී පැයකට උල්කාපාත 80 පමන ඔබට දැකගත හැකි වනු ඇත. ඔබට පර්සියස් ත‍ාරකා රාශිය ‍සොයා ග‍ැනීමට අසීරු නම් මීට ඉහත මා නිර්මාණය කර පල කල තරු සිතියම ප්‍රයෝජනයට ගන්න (http://mageahasa.blogspot.com/2009/07/blog-post_23.html )

ඔබට පර්සියස් උල්කාපාත වර්ෂාව ගැන වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත වෙබ් පිටු වෙත යොමු වන්න.
http://www.ahasa.net/index.php?option=com_content&view=article&id=69:2009-&catid=31:top-stories&Itemid=46
http://news.nationalgeographic.com/news/2009/08/090810-perseid-meteor-shower.html
http://www.skyandtelescope.com/observing/highlights/36787804.html
http://www.earthsky.org/article/earthskys-meteor-shower-guide

Thursday, August 6, 2009

වසර 10 කින් සැතපුම් බිලියන 3 ක දුරක් ගමන් කරන නිවු හෝරයිසන් යානය ප්ලුටෝ වටා තවත් කුඩා චන්ද්‍රයින් දෙදෙනෙකු පිහිටා ඇති බව සනාථ කරයි!.



2006 ජනවාරි 19 දින පෘථිවියෙන් ප්ලුටෝ බලා යෑමට ගමන් ඇරඹූ නිවු හෝරයිසන් යානය මේ වන විට සෙනසුරු ග්‍රහයාගේ කක්ෂයද පසුකරමින් සිටියි. 2005 හබල් දුරේක්ෂය මගින් කල මෙම සෝයා ගැනීම මේ වනවිට නැවත වරක් නිවු හෝරයිසන් යානය මගින්ද සනාථ කොට ඇත. නිවු හෝරයිසන් යානය 2015 ජූලි 14 දින ප්ලුටෝ වෙත යැමට නියමිතය.

තවත් වැඩිදුර විස්තර
http://en.wikipedia.org/wiki/New_Horizons
http://www.nasa.gov/mission_pages/newhorizons/main/index.html

Tuesday, August 4, 2009

මෙම ජායා රෑපයේ මණ්දාකිණි කෙ‍ාපමන ඔබට පෙනෙනවාද?

හබල් අභ්‍යායකාශ දුරේක්ෂය මගින් ගනු ලැබු මෙම ජායා රෑපය විවිධ හැඩයේන් විවිධ ප්‍රමාණයේ මණ්දාකිණි 10,000 පමන ඇත. අප ජීවත් වන ක්ෂිරපථ මණ්දාකිණියේ තාරුකා බිලියන 100 – 300 අතර ප්‍රමාණයක් පවතී.