Friday, July 31, 2009

පොලව රැක ගැනීම උදෙසා නාසා ආයතනයෙන් නව වෙබ් අඩවියක්



සූර්යයා කේන්ද්‍ර කරගනිම්න් අපව පසු කරමින් විශ්වයේ සැරිසරණ ග්‍රහක දහස් ගනනක් වෙයි ඒවායේන් අප පොලවට හානියක් නැතැයි අපට සිතීමට කිසිදු ඉඩක් නැත. ඉතිහාසය පුරා වරින් වර පොලව හා ග්‍රහක ගැටුණු අවස්ථා එමටය. මේ නිසා අහස නිරීක්ෂණයට සක්‍රියව දායක වන සියලු දෙනාට වඩා නිවැරදි දත්ත ලබා දෙමින් පොලව ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා දායක කර ගැනීමට නව වෙබ් අඩවියක් ස්ථාපනය කර ඇත.

ලංකාවේද මෙවැනි විශ්වයේ සැරිසරණ ග්‍රහක නිරික්ෂණයට දුරේක්ෂයක් සවිකර තිබුනද ඊන් මේ දක්වා නිරීක්ෂණය කල ග්‍රහකයක් ගැන අසන්නටවත් නැත.

වෙබ් අඩවියේ ලිපිණය -

http://www.jpl.nasa.gov/asteroidwatch/

Wednesday, July 29, 2009

NGC1097 නම් ලද මේ අලංකාර සර්පිලාකාර මණ්දාකිණිය

අපට ආලෝක වර්ෂ මිලියන 50 පමන ඈතින් ෆෝර්නෙක්ස් තාරකා රාශිය පසුබිමින් පිහිටා ඇත. මෙහි මද්‍යයේ විශාල සුපිරි කලු කුහරයක් ඇති බව‍ට විශ්වාස කෙරේ. තරු සිතියමක් හා ප්‍රිස්මදෙනෙතියක් උපයෝගී කරගෙන තාරකා රාශිවල පිහිටි මෙවැනි ගැබුරු ආකාශ වස්තූන් ගේ පිහිටීම ඔබටද නිරීක්ෂණය කල හැක

Monday, July 27, 2009

බ්‍රහස්පති සමග ගැටීම හබල් අභ්‍යාටකාෂ දුරේක්ෂයේ ඇසින්



හබල් අභ්‍යාටකාෂ දුරේක්ෂය අලුත් කිරීමෙන් අනතුරුව තවමත් එහි ක්‍රියාකාරීත්වය පිලිබඳව පර්යේෂණ 100% අවසන්ව නැතත් එම පරීක්ෂණ මදකට පමා කොට හබල් අභ්‍යාටකාෂ දුරේක්ෂය නින්දෙන් අවදි කර බ්‍රහස්පති සමග ගැටුනු යම් දෙයක් නිසා හටගත් කලු පැහැ පැල්ලම නිරීක්ෂණයට කටයුතු යෙදිනි. ඒ විරල අවස්ථාව හබල් අභ්‍යාටකාෂ දුරේක්ෂය සටහන් කරගත්තේ මේ ආකාරයටය.

Friday, July 24, 2009

පසුගියදා බ්‍රහස්පති මතට කඩා වැටෙන්න‍ට ඇත්තේ කුමක් විය හැකිද?























ඔස්ට්‍රේලියානු ජාතික තාරකා නිරීක්ශකයකු වන ඇන්තනි වෙස්ලි පසුගිය ජූලි 17-19 දිනවලදී බ්‍රහස්පති මත පෙර නොවු ලපයක් නිරීක්ෂණය කලේය එය 1994 වසරේ බ්‍රහස්පති මතට කඩා වැටුනු ෂුමේකර් ලෙවී 9 වල්ගාතරුව බ්‍රහස්පති සමග ගැටුනු අවස්ථාවේ අප නිරීක්ෂණය කල ලප වලට බෙහෙවින් සමානය.

මේ පුවත සැලවීමත් සමග ලොව පුරා දුරේක්ෂ බ්‍රහස්පති වෙතට යොමුවිය. මෙහි විශේෂත්වයන් දෙකකි එකක් නම් මෙම වස්තුව කුමක් වුවද අපට එ ගැන කිසිම තෝරතුරක් කලින් හසු නොවීම සහ ඊතාම කෙටි කාලයක් දර්ෂණය වන මෙවැනි ලපයක් අධ්‍යයනයට නැවත වරක් අවස්ථාව ලබා දෙමින් එය ඇන්තනි වෙස්ලිගේ නෙතට හසුවීමය.






Thursday, July 23, 2009

රාත්‍රී අහස නිරීක්ෂණය කරන්නට මෙන්න ඔබට සිංහල තරු සිතියමක්


මේ දිනවල රාත්‍රී අහස පැහැදිලියි, තරු සිතියමක් අරගෙන රාත්‍රී අහස නිරීක්ෂණය ඇරඹුවහොත් ඹ්නම ආධුනිකයකුට තරු රාශි කිහිපයක් ලේසියෙන්ම හදුනාගත හැකියි. මගේ උපදෙස ආධුනිකයකුට නම් මේ දිනවල රාත්‍රී 8.00 ට පමන ඹරයන් තාරකා රාශිය බටහිර අහසෙහි පහසුවෙන්ම හදුනාගන්න පුලුවනි, එතැන් සිට ඒ වටා ඇති තාරකාවන් සහ තාරකා රාශි ඹබට එකින් එක හදුනා ගැනීමට හැකිවනු ඇත. යම් කිසිවක් ඹබට මගෙන් දැනගැනීමට අවශ්‍යනම් මෙහි සටහනක් තබන්න.

මෙම තාරකා සිතියම 2003 වසරේ අප පිහිටවු ආධුණික තාරකා විද්‍යා ඇකඩමියෙහි ප්‍රථම තාරකා විද්‍යා පාසැල සඳහා මම සකස් කල තාරකා විද්‍යා සිතියමක්. ඔබ සියලු දෙනා මෙයින් යම් අලුත් දෙයක් ඉගෙන ගනු ඇතැයි මම බලාපොරෝත්තු වෙමි.

Wednesday, July 22, 2009

අර්ධ සූර්ය ග්‍රහණය නිරීක්ෂණය කලෙමි.








උදෑසනින්ම අවදි වු මම ඔබ සියලු දෙන‍ාගේ ආශ්වාදය පිනිස ජායාරෑප කිහිපයක් ගැනීමේ අරමුනින් දුරේක්ෂයද කැමරා උපකරනද රැගෙන 5.30 ට පමන මා ජීවත් වන හොරණ කනන්විල ප්‍රදේෂයේ සැරිසැරුවෙමි. ඉර උදාවත් සමග අර්ධ සූර්ය ග්‍රහණය ආරම්භවී තිබීම නිසා ජායාරැප ගැනීම සඳහා තිබුනේ ඉතාම ස්වල්ප කාලයකි.
මෙම ජායාරෑප ගැනීම සඳහා ඊතාම සුදුසු මනස්කාන්ත වෙල්යායක් තෝරගත්තද ඊතාම ඝන කලු වලා පටලයකින් නැගෙනහිර ක්ෂිතිජය වැසී තිබිනි. නමුත් වරින් වර අර්ධ සූර්ය ග්‍රහණය නිරීක්ෂණය කිරීමට මට අවස්තාව උදා උනද එය ජායාරෑප ගැනීමට තරම් ප්‍රමානවත් නොවීය. ඒ අවස්තාව මගේ ජංගම දුරකථනයේ කැමරාව සටහන් කරගත්තේ මෙසේය.


Tuesday, July 21, 2009

හෙට එනම් ජූලි 22 උදෑසන දැකගත හැකි අර්ධ සූර්ය ග්‍රහණය






හෙට අලුයම 6.00 සිට 7.15 අතර නැගෙන හිරින් ඉර උදාවත් සමගම සිදුවන මෙම සූර්ය ග්‍රහණය අහස පැහැදිලි ස්ථානයන්ට අලංකාරව දැකගත හැකි වනු ඇත. මෙවැනි සූර්ය ග්‍රහණ නිරීක්ෂණයේදි තම දෑස් පරිස්සම් කර ගැනීමට සිටලුදෙනා වගබලා ගත යුතුය. මෙහිදී 37% පමන සුර්යයාගේ වැසෙනු නිරීක්ෂණය කල හැක ලංකාවට 22 දින 6.08 ට හිරැ උදාවනු ඇත.

තවත් වැඩිදුර විස්තර
http://www.docstoc.com/docs/796674/Total-Solar-Eclipse-of-July-MB http://eclipse.gsfc.nasa.gov/SEgoogle/SEgoogle2001/SE2009Jul22Tgoogle.html

ඇපලෝ 11,12,14,15,16, සහ 17 යානා සඳ මතුපිට ගොඩ බසින ලද ස්ථාන

ඇපලෝ 13 යානාවට සිදුවු කරදර රාශියක් හමුවේ සද මතුපිටට ‍ගොඩබැසීමට නොහැකිවිය ඒ පිලිබඳව ඇපලෝ 13 නමින් චිත්‍රපටයක්ද නිර්මාණය වී ඇත.

තවත් වැඩිදුර විස්තර
http://www.nasa.gov/mission_pages/LRO/multimedia/lroimages/apollosites.html

Monday, July 20, 2009

මිනිසා සඳ ජයගෙන අද‍ට වසර 40යි!












අදින් දශක හතරකට පෙර 1969 ජූලි 20 වන දින ඇමරිකානු ජාතික නීල් ආම්ස්ට්‍රෝන් සිය පා සඳ මත තබමින් සඳ ජය ගත්තේය. තිදෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් මේ සඳහා එක්වුනු අතර තවත් සිය ගනනක් පොලව මත සිට ඔවුනට සහය විය මේ ආචාරය සඳ ජය ගැනීමට සහය වුනු සියලු දෙනා‍ටමයි!.



Thursday, July 16, 2009

ලොව විශාලතම දුරේක්ෂය සිය ප්‍රථය නිරීක්ෂණයට සූදානමින්!

ගැලිලියෝ ගැලිලි සිය කුඩා දුරේක්ෂයේන් අහස නිරීක්ෂණය කර වසර 400 පරෙන මේ වසරේදී ස්පාන්‍යා, කැනේරි දුපතේ පිහිටුවා ඇති මෙම දුරේක්ෂයෙහි අවතල දර්පණය මීටර 10.4 ද එය කොටස් 36 ක එකතුවක්ද වෙයි. මුහුදු මට්ටමේන් අඩි 7,874 උසින් පිහිටා ඇති මෙය ලංකාවේ සිරීපාදය නැතහෝත් සමනල කන්දට (අඩි 7,359) වඩ‍ා තවත් අඩි 500 පමන උසින් පිහිටා ඇත.

තවත් වැඩිදුර විස්තර
http://www.astronomy.com/asy/default.aspx?c=a&id=8442

Tuesday, July 14, 2009

අප ‍ෙසෟරග්‍රහ මණ්ඩලය

අප ‍ෙසෟරග්‍රහ මණ්ඩලය ප්‍රමාණය දැක්වෙන රූපයක්, මෙමගින් අප සිටින පෟථුවියහි ප්‍රමාණය ගැන ඔබට යම් අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත.

රූපය මත ක්ලික් කර විශාල කර නරඹන්න

Thursday, July 9, 2009

මිටර 50 විශාල දු‍රේක්ෂයක්!


ෆින්ලන්තය, අයර්ලන්තය, ස්පාන්‍ය, ස්වීඩනය සහ බ්‍රිතාන්‍ය ඒකාබද්දව නිර්මාණය කරන මෙම විශාල දුරේක්ෂය, ඉයුරෝ 50 ලෙස නම්කර ඇත. කුඩ‍ා දර්පණ රාශියක් එකතු කිරීම මගින් නිර්මාණය කරන මෙම දුරේක්ෂය සකසා නිමකිරීවමෙන් පසු එය දැනට විශාලතම දුරේක්ෂය වන කේක් දුරේක්ෂය මෙන් 25 ගුනයක් විශාව වනු ඇත.

තවත් වැඩිදුර විස්තර
http://www.astro.lu.se/~torben/euro50/

Wednesday, July 1, 2009

සඳ මතට පසුගියදා කඩා වැටුණු කගායා යානය

සඳ මතට පසුගියදා කඩා වැටුණු ජපන් නිෂ්පාදනයක්වු කගායා යානය එහි තිබුනු කැමරා මගින් සටහන් කරගත් අවසන් දර්ෂණ පෙල!.

අලංකාර නෝත් ඇමරිකා සහ පිලිකන් නිහාරිකා වල ජායා රුපයක්

නිහාරිකා යනු හයිඩ්‍රජන් සහ හීලියම් වායුන්ගෙන් සමන්විත විශාල වායු වලාවන්ය මවා යම්කිසි හතුවක් නිසා සංකචණය වෙමින් බ්‍රමණය වීම අරබයි මේම ක්‍රයා වලිය අවසන් වන්නේ තරුවක් අලුතින් ඉපදීමෙන්ය.