Monday, April 27, 2009

හබල් අභ්‍යාවකාශ දුරේක්ෂයට දැන් වයස 19යි

පසුගිය 24 වෙනි දිනට හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය ගුවන් ගත කර වසර 19 සපිරෙයි, පසුගිය ක‍ාලය පුරා හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය මිනිසාට කල සේවය අති මහත්ය.

හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය මගින් මෙතෙක් ගනු ලැබු ජායා රුප පහත වෙබ් පිටුවෙන් ඔබ‍‍ට දැක බලා ගත හැකිය.


http://hubblesite.org/gallery/

තවත් වැඩිදුර විස්තර
http://www.skyandtelescope.com/news/43616982.html
http://en.wikipedia.org/wiki/Hubble_Space_Telescope

Friday, April 10, 2009

අඟහරු තරණය‍ට පෙර..........


අඟහරු තරණය‍ට සිහිණ දකින මිහිපිට ජීවීන් මිනිසා අඟහරු වෙත යන ගමනේදි එයට දායක වන පිරිසට කුමණ ආකාරයේ ශාරීරික සහ මාණසික ගැටලු වලට මුහුන දීමට සිදුවනු ඇත්දැයි පරීක්ෂා කිරීමට එම තත්ව වලට සමාන පරිසරයක් සකසා නියමුවන් හය දෙනෙකු එතුලට දමා අගුලු දැමීය. දින 105 එනම් මාස 3 ½ ගතවන මෙම ගමන මෙන්ම මෙම පර්යේෂණයද ඔවුනට වඩා කටුක මෙන්ම දැනුමද එකතුවන නව අත්දැකීමක් වනු ඇත.

තවත් මණ්දාකිණි ගැටුමක් !!

කන්‍යා තාරකා රාශිය මුල් කරගෙන පිහිටි කන්‍යා මණ්දාකණි පෝකුර තුල සිදුවෙමින් පවතින තවත් මණ්දාකිණි ගැටුමක් මෙම ජායා රුපයෙන් දැක්වෙයි. ආලෝක වරෂ 200,000 පමණ විශ්කම්භයෙන් යුත් මෙම මණ්දාකණි මධ්‍යයේ පිහිටි කලු කුහර ද ඒ සමඟින් එකිනෙකා සමග ගැටෙමින් වඩ‍ා බලවත් කලු කුහරයක් බවට පත්වනු ඇතැයි විශ්වාස කෙරේ.

Monday, April 6, 2009

බ්‍රහස්පති ග්‍රහයා ගේ රතු ලපය කුඩා වී!

බ්‍රහස්පති ග්‍රහයා මත ඇති විශාල කුණාටුවක් වන යෝධ රතු ලපය ක්‍රමයෙන් තරමක් කුඩා වී ඇති බව සොයා ගෙන ඇත.

තවත් වැඩිදුර විස්තර
http://edition.cnn.com/2009/TECH/space/04/02/jupiter.red.spot.shrinking/index.html