Tuesday, July 15, 2008

තරුවක් සමග වරුවක්

අපි කාගෙන් හරි දවල්ටත් තරු පේනවාදැයි අහන්නේ කාටහරි කරදරයක් වුනහමයි. නමුත් සත්‍යනම් අපි හැමෝම දවල් තරු දකිනවා, නැත්තම් දැකලා තියෙනවා. මම එහෙම කිවුවෙ අපිට දවල්ට පේන තරුව වෙන කවුරුවත් නෙවෙයි අපේ සූර්යයා. එයා නිසා තමයි පෟථිවිය මත සියලුම ජීවීන් ඇතිවුනේ අදටත් පවතින්නේ මේ ගැන තේරුම් ගත්ත අපේ අතීතයේ හිටපු ඊතාම දියුනු මිනිස්සු සූර්ය වන්දනාව කලා. නමුත් අද සියල්ල නොමිලයේම ලැබෙන නිසා ඒ ගැන කිසීම තැකීමක් ගරුකිරීමක් නෑ, ඒකම මිනිසුන්ගේ අවසානයටත් කවදා හරි හේතු වේවි.

ගහ කොළ, සතා සිවුපාවුන්ට අයිති වෙලා තිබුනු මේ ලෝකය අද එක් සත්වයින් කොටසක් විතරක් තම අයිතියට අරගෙන. සතුන් ගහ කොළ අපට වඩා බුද්ධිමත්, අපට වඩා දියුනුයි, අපට වඩා ඒ අයව හදා වඩා ගෙන පෝෂණය කරන මහ පෝලවට ආදරෙයි. ඒ නිසා තමයි ගහ කොළ හිරු එලිය අරගෙන ඒ වෙනුවට වාතය පිරිසිදු කරලා මුදාහරින්නේ. සතා සිවුපාවනුත් ගහ කොළ වල පැවැත්මට වගේම විකාෂණයටත් කරන මෙහෙය අති මහත්.

නමුත් මහ පෝලෝවට, විශ්වය කියන පරිසරය විසින් හැදුව පෟථිවියට අපි මොනවද දීල තියෙන්නේ?, අපි මොනවද දෙන්නේ? මේ ටික අපි ප්‍රමාද නොවී තේරුම් ගත්තොතින් අපේ දරුවන්ටත් කියල දීල ආනාගතයටත් යම්දෙයක් ඉතිරි කරන්නට හැකි වේවි, ඉතින් අපි කියා නෙසිතා මම යමක් කරමි යැයි සිතා කටයුතු කරන්න, අනේකා ඔබව නිතැතින්ම අනුගමණය කරාවි. එවිට ඔබත් අප තරුවෙන් ආශීර්වාද ලැබුවකු බවට පත්වෙවි.

4 comments:

Aravinda said...

මට පොඩි ගැටලුවක් තියනවා. සමහර විට මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්.
තාරකා විද්‍යාවේ හැටියට පෘථිවිය තමන්ගේ අක්ෂය වටා කැකෙනවා වගේ ම සඳත් පෘථිවිය වටේ කැරකෙනවා. මම අහලා තියෙන හැටියට පෘථිවියේ භ්‍රමණ කාලයත් චන්ද්‍රයාගේ පරිභ්‍රමණ කාලයත් බොහෝ දුරට එක හා සමාන යි. එහෙම නම් චන්ද්‍රයා පෘථිවියට සාපේක්ෂ ව නිශ්චල වස්තුවක් වෙන්න ඕනෙනෙ. ඒත් එහෙම වෙලා නෑනේ.
මේක මට බොහෝ කාලයක ඉඳලා තිබුණු ප්‍රශ්නයක් කවුරුවත් මේකට උත්තරේ දැනගෙන හිටියේ නෑ. ඒකයි ඔබෙන් අහන්නේ

රාජිත උඩවල්‍‍පොල said...

සඳේ තම අක්‍ෂය වට භ්‍රමණ කාලය සමාන වන්නේ පෘථිවියේ භ්‍රමණ කාලය සමඟ නොවෙයි. සමාන වන්නේ සඳේ තම අක්‍ෂය වටා භ්‍රමණ කාලය හා සඳ පෘථිවිය වටා යාමට ගත වන කාලයයි.(දින 27.3 ක්) එවිට ආසන්න වශයෙන් අපට සඳේ එකම කොටස අප දෙසට යොමු වී පවතිනවා.

අපගේ ළමා කතා හා සින්දු වල තිබෙන හඳේ හාවා ගැන බලන්න. හාවා ලෙස අපට පෙනෙන්නේ හඳේ ඇති ආවාටයි. එනිසා ඉතා ඈත කාලයක සිට හාවා හඳේ ඉඳ ඇත. අපිට හැමදාම හාවා පෙනෙන්නේ සෑම විටම හාවා හා සමාන කොටස අප දෙසට යොමු වී තිබෙන නිසාය.

මෙය සිදු වන්නේ කෙලෙසද යන්න පැහැදිලි කිරීමට නිව්ටන් මහතාගේ ගුරුත්වාකර්ශනය නැමති ප්‍රවාදය යොදා ගැන ඇත.

Aravinda said...

ඕ හරි හරි වැටහුණා. මමනේ පටලවලෙන ඉඳලා තියෙන්නේ.

Anonymous said...

අරවින්දට පිංසිදු වන්න මටත් තේරුනේ දැනුයි!
මට මතකයි ඉංග්‍රීසි චිත්‍රපටයක, "unknown dark side of the moon" ගැන කතාවක්....