Wednesday, July 9, 2008

තාරකා විද්‍යා ගැටලු වලට පිලිතුරැ

ඔබ ගේ ඕනෑම තාරකා විද්‍යා ගැටලුවක් මා වෙත සිංහලෙන් හෝ English වලින් comments ලෙස යෙමු කරන්න, මම ඊට පිලිතුරැ සපයන්නම්.


නිලන්ත පියසිරි මහතාගේ පැනය

කළු කුහර හරහා වෙනත් මානයකට ගමන් කළ හැකි බැව් සැබෑද? එමගින් සමාන්තර විශ්ව ගැන කියැවෙන/ලියැවෙන දේ සැබෑ ද?


කළු කුහරයක් යනු විශාල ප්‍රමානයේ තාරකාවක් පිපිරී යෑම නිසා නිර්මාණය වීමක් එවැනි කළු කුහර විෂ්වයේ පවතින බව අද වනවිට තාරකා විද්‍යාව මගින් සනාත කොට ඇත. එහෙත් කළු කුහරයක් මගින් ඇතිකරන ප්‍රභල ගුරැත්වාකර්ෂන බලය නිසා ඒ වෙත ඇදී යන තාරකා වලින් පිටවන ආලෝකයට පවා ඉන් මිදී ඒමට නෙහැකි වෙයි. මෙම සීමාව ඉවෙන්ට් හොරයිසන් ලෙස නම්කර ඇත. එම සීමාවෙන් ඇතුලුවන දේ ගැන නිරීක්ෂණයට ප්‍රෘථුවිය මත තාක්ෂණය තවම දියුනු වී නොමැත. එබැවින් ඒ ගැන තවමත් ඇත්තේ අදහස් සහ මතවාද පමනකි. ස්ථිර විද්‍යාත්මක පිලිතුරක් තවම ඒ ගැන නොමැත. මගේ පෘද්ගලික අදහස නම් කළු කුහරයක් තුලදී පදාර්ත නැවත ශන්තිය බවට හරවා නැවත විශ්වයට මුදාහැර විශ්වයේ සමතුලිත බව ආරක්ෂා කරන විශ්වයේ එක් වස්තුවක් බවයි.

3 comments:

නිලන්ත පියසිරි said...

කළු කුහර හරහා වෙනත් මානයකට ගමන් කළ හැකි බැව් සැබෑද? එමගින් සමාන්තර විශ්ව ගැන කියැවෙන/ලියැවෙන දේ සැබෑ ද?

ච.ගු said...

දැනට වසර 10කට විතර පලමු මම දුටුව දෙයක්:

මහඉලුප්පල්ලම දි මාස කීපයක් පුරා දිනපතා රාත්‍රියෙ මම නිරීක්ශනය කලා මුදුන් අහසෙ නිවෙමින් දල්වෙන කුඩා තරුවක් වැනි දෙයක්. හැමදාම එකම තැන. චලනයක් නැහැ. නිවෙමින් දල්වෙනවා. චන්ද්‍රිකාවක් විය හැකියි ද ?

විකිපීඩියාවෙ මෙය කියෙව්වා : Geostationary orbit. නමුත් මට තාමත් මෙය ගැටලුවක්

Unknown said...

ගුරැත්වාකර්ෂන බලය අනුව එක් එක් ස්ථානයේ කිරන බර වෙනසක් වෙනවද පැදිලි කරන්න පුලුවන්ද