Tuesday, November 18, 2008

ලියොනිඩ්ස් උල්කාපාත වර්ෂාව මේ දිනවලදී නරබන්න



මේ දිනවල ඔබේ ප්‍රදේශයේ අහස පැහැදිලි නම් ලියොනිඩ්ස් උල්කාපාත වර්ෂාව නරබන්න. ඔබට පැයකට 10 – 20 අතර උල්කාපාත ප්‍රමානයක් සිංහ තාරකා රාශිය පසුබිම් කරගෙන දර්ෂණය වනු ඇත. මෙය සෑම වසරකම නොවැම්බර් මස 13 සි‍‍ට 21 දක්වා දැකගත හැකිය.

ලියොනිඩ්ස් ලෙස නම් කර ඇත්‍.තේ එය ලියෝ හෙවත් සිංහ රාශිය පසුබිම් කරගෙන සිදුවන නිසාය. මෙම උල්කාපාත වර්ෂාව ටෙම්පල්-ටෝටල් වල්ගාතරුව සූර්යා වට ගමන් කිරීම නිසා බිහිවී ඇති අතර සෑම වර්ෂයකම අපට අලංකාර උල්කාපාත වර්ෂාවක් ඇතිකරයි.

No comments: