Monday, January 18, 2010

2010 ජනවාරි මස 15 වැනිදා වලයාකාර සූර්යක් ග්‍රහණයේ නිරීක්ෂණ වාර්ථාව.


ලංකාව‍ට පූර්ණ සූර්යක් ග්‍රහණයක් අවසන් වරට දර්ෂණය වුයේ 1955 ජුනි 20 දා දහවල් 2.34 ටය. එවක‍ට අද තරම් ප්‍රචාරණ මාධ්‍යන් මෙන්ම රූපවාහිණි, දුරකථණ ආදියද තිබුනේ නැත. එවන් යුගයක මධ්‍යාහනයේ එකවරම සූර්යක් ග්‍රහණයක් සිදුවීම ගමේ ගෝඩේ ගැමියන්ට කුතුහලය දනවන සිදුවීමක් මෙන්ම බිය උපදවන සිදුවීමක්ද විය. කුරුල්ලන් බියවී කෑගසන විට බල්ලන් උඩු බුරන්නට විය, බියට පත්වු සමහරක් ගැමි ගැහැනුන් ගෙතුලට වී දොර ජනෙල් වසා අගුලුලා ගත්තෝය.

තවත් සමහර රුවැත්තියන් තවතවත් ලස්සන වීමට වදකහ සුදියක් ප්‍රමාණයටත් වඩා පානය කරමින් රෝගාතුරවු බව අදත් අපේ සීයලා ආච්චිල මතක් කරන්නේ අදටත් සිනාසෙන ගමන්ය.

නමුත් අද අප 20 වන සියවසේ සිදුවීම් දකින්නේ වඩාත් විද්‍යාත්මක ඇසකිනි. එසේම මෙවැනි නිරීක්ෂණ සඳහාම ඇති උපකරනද රාශියකි. පසුගිය 15 වෙනිදා ආධුණික තාරකාවිද්‍යා වේදීන්ගේ සංගමයේ ජේෂ්‍ඨතම සාමාජීකයින් වන වෛද්‍ය සුදර්ෂණ කුමාර පීරිස්, චමින්ද විද්‍යාරත්න, රනිල් සුදර්ෂණ සහ මම උදෑසනින්ම අප සංගමයේ ප්‍රථම සභාපති වන සමීර දෑසමන් මෙන්ඩිස් මහතාගේ කටුබැද්දේ නිවසට එකතුවුනෙමු. මෙම සූර්යක් ග්‍රහණය උදෑසන 11.20 සිට 3.30 පමන වනතෙක් පැය 4 පමන දීර්ඝ කාලයක් පවතින නිසා වඩා වැඩි ඡයාරූප ප්‍රමාණයක් අප දුරේක්ෂ මගින් හසුකර ගැනීම අපගේ බලාපොරෝත්තුව විය. ඉක්මනින්ම සියලුම ආම්පන්න සුදානම් කරගත් අප සූර්යක් ග්‍රහණය ආරම්භ වී සූර්යයා‍‍ගෙන් 1% වැසෙනවාත් සමගම අප සූදානම් කරගත් මෙගා පික්සල් 7 සහ 3 ඩිජීටල් කැමරාවලින් මෙන්ම එස්.එල්.ආර් වර්ඝයේ ක‍ැමරාවද ඡයාරූප ගැනීම ආරම්භ කරන ලදි. එදින අංක 1 අහසක් පැවතීම නිසා අපට වලාකුලකින් වත් බාධාවක් නොවීය. 1.20 වන විට 83% ක ප්‍රමාණයක් ආවරණය කරමින් කොළඹ‍ට පෙනෙන උපරිම අවස්ථාවට පත්ව්ය. මෙහිදී අප කන්ඩායම විසින් නිරීක්ෂණය සිදුකල කටුබැද්ද ප්‍රදේශයේ පවතින උසගස් ප්‍රමාණය අල්ප නිසා අප වට‍ා ප්‍රදේශයේ අහස අදුරු අලු පැහැයකට හැරෙනු අපට නිරීක්ෂණය කල හැකි විය.

මෙසේ නිරීක්ෂණයේදි සියලුම දෙනා උඩ බලාගෙන සිටින අවස්ථාවේදී අප අසල පිහිටි ගසක් මිදුල පුරා සූර්යක් ග්‍රහණ සිය ගනනක් ඇතිකර ඇති අපුරුව සුදර්ෂණ මාහතාගේ ඇසට හසුවිය. ගසේ පත්‍ර වල කෘමීන් විසින් ඇතිකර ඇති සිදුරු තුලින් සුර්ය කිරන පොලව මතට වැටෙද්දී සූර්යක් ග්‍රහණයේ ජායාව මිදුල පුරා ඉතා අලංකාර දර්ෂණයක් ඇතිකර තිබුනි. ඊතාම සාර්ථක නිරීක්ෂණයක් සේම සාර්ථක ඡයාරූපද සමුහයක් අපට ලබ‍ාගැනීමට මෙහිදී හැකිවිනි. දහවල් 3.30 පමන වනවිට නැවතත් සූර්යයා යතා තත්වයට පත් කරමින් සූර්යයා සහ අප අතරට ආ චන්ද්‍රයා ග්‍රහණය අවසන් කරමින් නික්ම යන ලදි ඉන් අනතුරුව සවස 5.30 පමන වන විට අප හසුකරගත් ඡයාරූපද නිරීක්ෂණයෙන් අනතුරුව දවස පුරා අපට නොයෙක් ලෙසින් සංග්‍රහ කරමින් අප‍ට උදවු කල සමීර මහතාගේ බිරිඳ ඉන්දිකා මෙන්ඩිස්ටද විශේෂ ස්තුතිය පිරිනමමින් අප සංගමයේ 2010 සුර්යක් ග්‍රහණ නිරීක්ෂණ කඳවුර සාර්ථකව නිමකලෙමු.

මෙවැනිම සුර්යක් ග්‍රහණයක් නැවතවරක් ලංකාව‍ට දර්ෂණය වන්නේ 2019 දෙසැම්බර් 26 වෙනිදාය. එහිදීද අපට සූර්යයාගෙන් 90% පමන ප්‍රදේෂයක් ග්‍රහණය වනවා දැකගත හැකි සේම නැවත වරක් පූර්ණ සූර්යක් ග්‍රහණයක් ලංකාවේ සිට දැකගැනීම‍ට අපගේ දරුවනට 2070 අප්‍රේල් මස 11 වන දින ඉරබැස යන්නට සුලු වේලාවකට කලින් සවස 6.16 හැකිවනු ඇත.
















No comments: