Tuesday, February 2, 2010

අතිතය විසින් අනාගතය බේරා ගැනිම!

යානාවේ වේලාව ලෙස සටහන් වී තිබුනේ පෙ.ව. 11.46 ලෙසය, වර්ෂය 2088ක්ද කාල යානය පිහිටා ඇති ස්ථාණය ලෙස පෙන්නුම් කලේ චීනයෙහි උතුරින් පිහිටි ගම්මාණයක් බවත්ය. යාන‍යෙහිවු රුපවාහිණි යන්ත්‍ර ක්‍රයාත්මක කල තිමානි ඒ වන විට විකාශණය වන රුපවාහිණී වැඩසටහන් හසුකර ගනිමින් වර්තමාණය ගැන යම් අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ දැරීය. යානයෙන් පිටතට යෑමට ප්‍රථමව වර්ථමාණය මදක් නිරීක්ෂණය කර බැලීම ඇයගේ පුරුද්දවී තිබින. පැය භාගයක් පමණ විවිධ වැඩසටහන් නැරඹුවද යමක් අඩු බවක් දැනුනද ඒ කුමක්ද යන්න තේරුම් ගැනීය‍ට ඇයට අපහසු විය, හිස පිරිමදිමින් ආසනයෙන් නැගීසිටි ඇය යානයෙන් පිටතට යෑමට තීරණය කලේය.

ගමන් කිරීමට පහසු ඇඳුමකින් සැරසුනු තිමානී, ඇයගේ හම් බෑගයට යානාවේ පිහිටීම පහසුවෙන් සොයාගත හැකි උපකරණයක්ද, දිශාව සොයා ගැනීමට මාලිමාවක්ද, තවත් උපකරණ කිහිපයක් මෙන්ම ආරක්ෂාවට සිහිසන් කල හැකි කුඩා පිස්තෝලයක්ද බෑගයට දමාගත් තිමාණි තමන් යානයෙන් පිටතට යන බවට පරිඝණකයෙහි මතකයෙහි වාච්ක සටහනක් තබා යානාවේ දෙරටුව වෙත ගියාය.

දොර විවෘත වනවාත් සමගම ඉතා දැඩි සීතලක් ක්ෂණිකව යානාව තුලට පැමිණියේය, නැවත යානාවේ පරිඝණක දෙස විමසිලිව බැලු තිමානි හිම කබ‍ායක් ද ඇඳ ගනිමින් යානාවේන් පිටතට පැමිණියේය,

කිරි සයුරකට ගොඩ බැස්සාක් මෙන් අවට ප්‍රදේෂයම ඝණ අයිස් තට්ටුවකින් වැසීගොස් තිබින, පැය භාගයක පමණ ගමනකින් පසුව ඇයට අයිස් වලින් ඝණව වැසී ගිය ගහ කොල වලින් යුතු ගම්මාණයක් ඇයට හැකි විය. එකින් එක ගෙවල් පසු කරමින් ඉදිරියට ගිය ඇයට තවමත් එකම මිනිසකු හෝ සත්වයකු දැකගත නොහැකි විය..... තවත් ගම්මානයේ ඇතුලට ගමන් කිරීමේදී එක් ගෙයක් තුල ආලෝකය තිමාණිට දැකගත හැකිවිය ඇය සෙමෙන් ගෙය දෙසට ගමන් කලාය.

නිවස තුල කිසිවකු සිටින බව ඇයට නිවස ආසන්න වත්ම දැනිනි. ඇය දොර‍ට තට්ටු කලාය. නිවස තුලින් දෙර දෙසට යම් අයකු ඇවිද එන හඩක් තිමානිට ඇසිනි, දෙර විවෘත වී ඉතා මහලු පෙනුමකින් යුත් සියා කෙනෙකු ඇය ඉදිරියේ ‍විශ්ම්තව ගල් ගැසී ඇය දෙස බලා සිටින්නට විය,

ඇය කට හඬ අවදි කලාය “සීයා ඇයි මන් දිහා පුදුමයෙන් බලන්නේ?”
“පුදුම නොවී කොහොමද දුවේ, මම හිතුවෙ මම මේ ලෝකෙ තනි වෙලා කියල”
“ඒ මොකද සීයේ එහෙම සීයා හිතුවෙ? ”
“මීට අවුරුදු දහයකට විතර ඉස්සර තමයි අපිට අධික විදියට හිම වැටිල අවුරුදු ගානක් මේ විදියට එක දිගට අල්ලල හිටිය දිගම හිම කාලය උදාවුනේ සීතල දරාගන්න බැරි වුන නිසා මුල් සති කිහිපය ඇතුලත මගේ නෑ හිත මිත්‍රාදීන් සියලුම දෙනා පරලොව ගිහිල්ලා”
“ඉතින් සීයා කොහොමද සීතලෙන් ‍බේරුනේ? ”
“මම පරිසරය සත්තු එක්ක නිතරම එකට ජීවත් වෙච්ච කෙනෙක්, සත්තුන්ගේ අමුතු හැසීරීම උන් ඉක්මනින් භූමිය අතහැරල යන බව මට දැනුන ඉතින් මට ඉවෙන් වගේ තේරුනා මහා විනාසයක් අත ලඟ කියලා.”
“මේ පලාතේ තියෙනවා ඊතාම පරණ ගල් ලෙන් වගයකුයි පෙලව යට ගුහා වගයකුයි, වේලපු දඩමස් ටිකටයි ඒ ගුහා වලටයි පින්සිද්ධ වෙන්න මගේ ජීවිතේ බේරුනා.”
“ඉතිං දුව මෙන පලාතෙද? දුවලට සීතල වැඩිය බලපෑවේ නැද්ද?.”
පෙරලා ප්‍රශ්ණ කලේය.
කුමක් කියන්නේ දැයි තිමාණි මද වේලාවක් කල්පනා කලාය අවසානයේ ඇත්ත කියන්නට ඇය තීරණය කර කටහඬ අවදි කලාය.
“මම මේ කියන දේ සමහර විට සීය‍ට ටිකක් විශ්වාස කරන්නත් අමාරු වෙයි ඒ ගැන එච්චර හිතන්න එපා මම අනාගතයේ ඉඳලයි ආවේ. මේ අයිස් යුගය අනාගතය පුදුමාකාර විදියට වෙනස් කලා, පෘථිවිය මත මීට ඉස්සරත් මේ වගේ අයිස් යුග ඇතිවෙලා තිබ්බත් මේ තරම් දරුනුවට මිනිස් ජීවිත සත්ව ජීවිත බිලිගත්තෙ නෑ!.”
“මොනවා, මට නම් මේක අදහ ගන්නවත් බෑ! නමුත් මම දන්නවා දුව මෙහෙට ආපු කාරනාව නම්.”
තීමාණි විශ්මයට පත් වුවාය
“අපේ අය අතර ගහකොල වල යුෂ, සත්ව තෙල් එහෙම එකතු කරල හදන තෙල් ජාතියක් තියෙනවා, අපි අපෙන් වෙන්වුනු මියගිය ආත්ම එක්ක කථාකරන්න පාව්චි කරන දුව ආවෙ ඒක හොයන්න නේද?.”
තිමාණි විශ්මයෙන් විශ්මයට පත් වුවාය
මොනවා මට නම් මේක අදහගන්නව වත් බෑ අනාගතයෙන් ආපු මම මෙකකට ආවද කියලා මේ සීයා දන්නේ කොහොමද තිමාණී විශ්මයෙන් ප්‍රශ්ණ කලාය
දුවේ අපේ මුතුන් මිත්තන් අපේ ජනප්‍රවාද වල කියලා තියෙන විදියට අප‍ට ‍මේ තෙල් සාස්තරය දීල තියෙන්නේ අපේ මේ මහ පොලවට ජීවීන් ගෙනෙල්ලා පෟථුවිය සම්පුර්ණ කරපු ඒ උත්තමයින්මයි.

අපේ මොලේට නිකම්ම බෑ මේ මහපොලව වටේ කැරකෙන ආත්ම වල සද්ද වලට ඇහුම්කන් දෙන්න නමුත් මේ තෙල් වලට පුලුවනි සුලු වේලාවකට අපි‍ව ඒ තැනට ගෙනියන්න, ඒක නිසාම තමයි ඒ උත්තමයින් අපේ වරිගෙට අණ කලේ අනාගතය බේරගන්න එන උත්තමයින් ඇවිත් මේ තෙල බාරගන්න කල් මේක පණ වගේ ආරක්ෂා කරන්න කියලා.

තිමාණිට කථා කරගන්නටත් නොහ‍ැකිසේය. මේ සීයාගේ සුලු වචන කිහිපය මුලු අනාගතයම වෙනස් කලා සේම සියවස් ගනනක් පුරා විශ්වය පුරා පීරමින් සෙවු ප්‍රශ්ණ රාෂීයකටද පිලිතුරු දී ඇත.

තිමාණී වයසක මේ සීයා දිහා නැවත නැවතත් පුදුමයෙන් බලා සිටියාය.


චානක ද සිල්වා
01 පෙබරවාරි 2010

4 comments:

budhajeewa said...

සිංහල බ්ලොග් අවකාශේ විද්‍යා ප්‍රබන්‍ධයක් කියවපු පළමුවැනි අවස්ථාව. දිගටම ලියන්න කියලා ආරාධනා කරනවා.

kkroxc said...

මමත් ඉතාමත් අසාවෙන් බලන් හිටපු දෙයක් දිගටම ලියන්න කියලා ඉල්ලා සිටිනවා සින්හල බ්ලොග් වලට අලුත් දෙයක් අපි දෙන්නම් ඕන සප් එකක් මාත් ලියපුවා තියනවා මාව සින්ඩියට වැ‍ටුන ගමන් පොස්ට් කරන්නම්

Unknown said...

මෙක දිගටම ලියන්න. මෙකෙ අනිත් කෙටසත් ලියනකන් බලන් ඉන්නවා. මෙක දිගටම කරගෙන යාමට මම සුබ පතනවා!

Thameera said...

නියමයි, දිගටම ලියන්න.