Thursday, January 21, 2010

R1 සහ G1 ප්‍රමාණයේ සුලු සූර්ය කුණාටු තත්වයක් ඇතිවී ඇත.


මෙම නිසා විදුලි රැහැන් පද්දති වල සුලු උච්චාවචනය වීම් ඇතිවිය හැකි අතර චන්ද්‍රකා උපකැණ වලද සුලු සුලු දෝෂ ඇතිවිය හැක. සංක්‍රමණික සතුන් හට මින් විශාල කරදර සිදුවිය හැකි අතර සූර්ය සුලඟ නිසා ඇතිවන උතුරු එලි උතුරු ද්‍රැව ප්‍රදේෂ වල සුලභ වනු ඇත. G5 ප්‍රමාණයේ හෝ ඊට වැඩි සූර්ය කුණාටු තත්වයක් ඇතිවුවහෙත් විශාල ව්‍යවසණයක් ලොව පුරා ඇතිවිය හැක.

Tuesday, January 19, 2010

සූර්යක් ග්‍රහණයේ තවත් ඡයාරූප.......

පානදුර සිට සූර්යක් ග්‍රහණය ඡයාරූප ගතකල පීරිස් මහතාද අප වෙත ඔහුගේ ඡයාරූප එවා තිබිණි තවද අප සමග ඡයාරූපගත් රනිල් සුදර්ෂණ මහතාගේ ඡයාරූපද පහත දැක්වෙයි. තවත් තොරතුරු ඔහුගේ වෙබ් අඩවියෙන් ලබාගත හැක.
ඔහුගේ වෙබ් අඩවිය - http://www.ahasa.net/












Monday, January 18, 2010

2010 ජනවාරි මස 15 වැනිදා වලයාකාර සූර්යක් ග්‍රහණයේ නිරීක්ෂණ වාර්ථාව.


ලංකාව‍ට පූර්ණ සූර්යක් ග්‍රහණයක් අවසන් වරට දර්ෂණය වුයේ 1955 ජුනි 20 දා දහවල් 2.34 ටය. එවක‍ට අද තරම් ප්‍රචාරණ මාධ්‍යන් මෙන්ම රූපවාහිණි, දුරකථණ ආදියද තිබුනේ නැත. එවන් යුගයක මධ්‍යාහනයේ එකවරම සූර්යක් ග්‍රහණයක් සිදුවීම ගමේ ගෝඩේ ගැමියන්ට කුතුහලය දනවන සිදුවීමක් මෙන්ම බිය උපදවන සිදුවීමක්ද විය. කුරුල්ලන් බියවී කෑගසන විට බල්ලන් උඩු බුරන්නට විය, බියට පත්වු සමහරක් ගැමි ගැහැනුන් ගෙතුලට වී දොර ජනෙල් වසා අගුලුලා ගත්තෝය.

තවත් සමහර රුවැත්තියන් තවතවත් ලස්සන වීමට වදකහ සුදියක් ප්‍රමාණයටත් වඩා පානය කරමින් රෝගාතුරවු බව අදත් අපේ සීයලා ආච්චිල මතක් කරන්නේ අදටත් සිනාසෙන ගමන්ය.

නමුත් අද අප 20 වන සියවසේ සිදුවීම් දකින්නේ වඩාත් විද්‍යාත්මක ඇසකිනි. එසේම මෙවැනි නිරීක්ෂණ සඳහාම ඇති උපකරනද රාශියකි. පසුගිය 15 වෙනිදා ආධුණික තාරකාවිද්‍යා වේදීන්ගේ සංගමයේ ජේෂ්‍ඨතම සාමාජීකයින් වන වෛද්‍ය සුදර්ෂණ කුමාර පීරිස්, චමින්ද විද්‍යාරත්න, රනිල් සුදර්ෂණ සහ මම උදෑසනින්ම අප සංගමයේ ප්‍රථම සභාපති වන සමීර දෑසමන් මෙන්ඩිස් මහතාගේ කටුබැද්දේ නිවසට එකතුවුනෙමු. මෙම සූර්යක් ග්‍රහණය උදෑසන 11.20 සිට 3.30 පමන වනතෙක් පැය 4 පමන දීර්ඝ කාලයක් පවතින නිසා වඩා වැඩි ඡයාරූප ප්‍රමාණයක් අප දුරේක්ෂ මගින් හසුකර ගැනීම අපගේ බලාපොරෝත්තුව විය. ඉක්මනින්ම සියලුම ආම්පන්න සුදානම් කරගත් අප සූර්යක් ග්‍රහණය ආරම්භ වී සූර්යයා‍‍ගෙන් 1% වැසෙනවාත් සමගම අප සූදානම් කරගත් මෙගා පික්සල් 7 සහ 3 ඩිජීටල් කැමරාවලින් මෙන්ම එස්.එල්.ආර් වර්ඝයේ ක‍ැමරාවද ඡයාරූප ගැනීම ආරම්භ කරන ලදි. එදින අංක 1 අහසක් පැවතීම නිසා අපට වලාකුලකින් වත් බාධාවක් නොවීය. 1.20 වන විට 83% ක ප්‍රමාණයක් ආවරණය කරමින් කොළඹ‍ට පෙනෙන උපරිම අවස්ථාවට පත්ව්ය. මෙහිදී අප කන්ඩායම විසින් නිරීක්ෂණය සිදුකල කටුබැද්ද ප්‍රදේශයේ පවතින උසගස් ප්‍රමාණය අල්ප නිසා අප වට‍ා ප්‍රදේශයේ අහස අදුරු අලු පැහැයකට හැරෙනු අපට නිරීක්ෂණය කල හැකි විය.

මෙසේ නිරීක්ෂණයේදි සියලුම දෙනා උඩ බලාගෙන සිටින අවස්ථාවේදී අප අසල පිහිටි ගසක් මිදුල පුරා සූර්යක් ග්‍රහණ සිය ගනනක් ඇතිකර ඇති අපුරුව සුදර්ෂණ මාහතාගේ ඇසට හසුවිය. ගසේ පත්‍ර වල කෘමීන් විසින් ඇතිකර ඇති සිදුරු තුලින් සුර්ය කිරන පොලව මතට වැටෙද්දී සූර්යක් ග්‍රහණයේ ජායාව මිදුල පුරා ඉතා අලංකාර දර්ෂණයක් ඇතිකර තිබුනි. ඊතාම සාර්ථක නිරීක්ෂණයක් සේම සාර්ථක ඡයාරූපද සමුහයක් අපට ලබ‍ාගැනීමට මෙහිදී හැකිවිනි. දහවල් 3.30 පමන වනවිට නැවතත් සූර්යයා යතා තත්වයට පත් කරමින් සූර්යයා සහ අප අතරට ආ චන්ද්‍රයා ග්‍රහණය අවසන් කරමින් නික්ම යන ලදි ඉන් අනතුරුව සවස 5.30 පමන වන විට අප හසුකරගත් ඡයාරූපද නිරීක්ෂණයෙන් අනතුරුව දවස පුරා අපට නොයෙක් ලෙසින් සංග්‍රහ කරමින් අප‍ට උදවු කල සමීර මහතාගේ බිරිඳ ඉන්දිකා මෙන්ඩිස්ටද විශේෂ ස්තුතිය පිරිනමමින් අප සංගමයේ 2010 සුර්යක් ග්‍රහණ නිරීක්ෂණ කඳවුර සාර්ථකව නිමකලෙමු.

මෙවැනිම සුර්යක් ග්‍රහණයක් නැවතවරක් ලංකාව‍ට දර්ෂණය වන්නේ 2019 දෙසැම්බර් 26 වෙනිදාය. එහිදීද අපට සූර්යයාගෙන් 90% පමන ප්‍රදේෂයක් ග්‍රහණය වනවා දැකගත හැකි සේම නැවත වරක් පූර්ණ සූර්යක් ග්‍රහණයක් ලංකාවේ සිට දැකගැනීම‍ට අපගේ දරුවනට 2070 අප්‍රේල් මස 11 වන දින ඉරබැස යන්නට සුලු වේලාවකට කලින් සවස 6.16 හැකිවනු ඇත.
















Wednesday, January 13, 2010

කලකට පසු උදාවන වලයාකාර සූර්යක් ග්‍රහණය නිරීක්ෂණයට සියලුදෙනා සුදානම් වන්න!





2010 ජනවාරි 15 දින ලංකාවට දිස්වන සූර්යක් ග්‍රහණය කොළඹට, යාපණයට සහ ගාල්ලට දර්ෂණය වන ආකාරය පිලිවෙලින්

කොළඹට - 83%
යාපණයට - 84%
ගාල්ලට - 73%

මෙය ලංකාවේ පුරා සියලුම ප්‍රදේශ වලට දර්ෂණය වීමට නියමිත මෙම වලයාකාර සූර්යක් ග්‍රහණය එදින පෙ.ව 11.30 සිට ප.ව. 2.00 වන තෙක් පවතින අතර එදින අහස වලාකුලු වලින් තොර වුවහොත් අපට අලංකාර සූර්යක් ග්‍රහණයක් නැරඹීමට අවස්ථාව උදාවනු ඇත.

සූර්යයාගෙන් 84% වැසීයන නිසා සැලකිය යුතු ලෙස පරිසරය අදුර විසින් සුලු ‍වේලාවකට වෙලාගනු ඇත.

මෙම වලයාකාර සූර්යක් ග්‍රහණය නිරීක්ෂණයේදි කිසි විටෙකත් සූර්යයා දෙස පියවි ඇසින් කෙලින්ම නොබැලිය යුතුය. ප්‍රිස්ම දෙනෙති වලින්ද සූර්යයා දෙස නොබැලිය යුතුය. මෙවන් නිරීක්ෂණයකදි ඔබේ දෙඇස ගැන ඊතාම සැලකිලිමත් විය යුතුය. වතුර භාජනයකට සුර්යාලෝකය වැටෙන්නට සලස්වා එහි
ඇතිවන ජායාව නිරීක්ෂණය වඩාත්ම පහසු සහ සුදුසුම ක්‍රමය වෙයි.

නැවත වරක් ලංකාව‍‍ට සූර්යක් ග්‍රහණය දර්ෂණය වන්නේ 2019 දී බැවින් මෙම අනගි අවස්ථාව ප‍ැහැර නොහරින ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි. ඔබේ නිරික්ෂණයෙන් පසුව එහි අත්දැකීම අප බෝලෝග් කරුවන් සමග බෙදා ගැනීමට නැවත මෙහි සටහනක් තැබීමට අමතක නොකරන්න.


Tuesday, January 12, 2010

කිරිසයුර මණ්දාකිණිය මධ්‍යයේ අලංකාර දර්ෂණයක්! හබල්ගේ ජායාරූප 2304 ක එකතුවකින්


හබල් දුරේක්ෂය මගින් වාර 144 කදී ගනු ලැබූ ජායාරූප 2304 ක එකතුවක් මගින් අප මණ්දාකිණිය මධ්‍යය වඩ‍ාත් අලංකාරව විදහා දක්වයි. එසේම මෙම ජායාරූපය මාස හතරක කාලයක් පුරා ගනු ලැබූ ජායාරූප රාෂියක එකතුවකි.