Saturday, December 3, 2016

අතීතය හා අනාගතය හරහා පාලමක්

මම පාර අසල සිටින විට වාහන වල ශබ්දය ගොෂාවක් ලෙසින් මගේ කන් දෙක අගුලු වට්ටවන්නට ඔන්න මෙන්න කියා තිබිණි, දැඩිව හමන සුළග, මහා වාදයක් ලෙසින් හමන්නට ව්ය.  කුරුල්ලන්ගේ හඩද වදයක් ලෙසින් දැනේ.

මට මේ ඇසෙන, දැනෙන සියලුම දේ කෘතීම බව දැනෙන විට මනසට දැනෙන්නේ සහනයක් නොව පීඩාවකි, මම දැන් සිටින්නේ මේ දේවල් පරිසරයේ ස්වභාවිකව පවතින පෘතුවියට ආලෝක වර්ෂ දහස් ගණනක් ඈතින් ගමන් කරන ෆයින්ඩර් 11 යානයේ මනස නිදහස් කරන කුටිය තුලයි.

යානයේ ඇති මේ කුටිය තුලදී  පෘතුවිය මත ඇති ඕනෑම ස්ථානායකට පහසුවෙන් පිවිසීමට පුළුවනි, අවශ්‍ය ස්ථානය පරිගණකය මත සකස් කල විට මුලූ කාමරයම එම ස්ථානායේ දර්ශනයෙන් පිරි යන අතර ඔබටරිසි ලෙස අවශ්‍ය දිශාවකට පහසුවෙන් ගමන් කල හැකිය. තවද ඔබට අවශ්‍ය ඕනෑම වර්ෂයකටද ගමන්කර ඉතිහාසයේ සිදුවූ සිදුවීම් ඕනෑම එකක් තමන්ගේම දෑසින් දැක බලා ගත හැකිය.


මම ගමන් කරතිබුනේ අදින් වර්ෂ දෙසීයකට පෙර සිදුවූ එක්තරා සිදුවීමක් නැවත දැක ගැනීමටය. සුපිරි පරිගණක සහ කෘතීම භුධිය මගින් කාල තරණය සොයා ගැනීමත් සමග ඉතිහාසයේ සිදුවූ සියලුම සිදුවීම් නිවරදිව දැන ගැනීම ඉතාම පහසු දෙයක් බවටපත් විනි. පිටසක්වළ සිට පැමිණි කෘතීම චන්ද්‍රිකාවක් ඔවුන්ගේ ග්‍රහලොව විනාශ වීමට මත්තෙන් ඔවුන් සතු සියලුම බුධියමෙම යානාවට දමා විශ්වයට මුදාහල නිසා. එයට පිං සිදු වන්නට පෘතුවි ජීවීන්ගේ තාක්ෂණය දහස් වරක් දියුණුවිය. 

No comments: