Saturday, August 2, 2008

අඟහරු මත ජලය ඇති බව තහවූරු වෙයි.


අඟහරු මත පර්යේෂන වල නියැලෙන ෆීනික්ස් යානය පසුගියදා අඟල් 2 ගැඹුරින් හාරා ගෙන පර්යේෂනයට භාවිතා කල පස් සාම්පලය දහනය වීමේදි ජල අනු ඇතිවුනු බවට තහවුරු වී ඇත.
මෙය නැවත වරක් අඟහරු මත ජීවීන් සිටිය හැකි බවට ඉඟිකරන කාරනාවකි මේ නිසා අඟහරු මත ජීවින් ඇත්දැයි සෙවීමට නැවත වරක් විද්‍යාඥයින් උනන්දුවනු ඇත.

මෙම ජායාරැපය සති කිහිපයක් පුරා ෆීනික්ස් යානය මගින් ගනු ලැබූ ජායාරැප 400ක එකතුවකින් සැකසුනකි. http://www.astronomy.com/ ඇසුරෙනි (විශාල කර බැලීමට click කරන්න)

1 comment:

Anonymous said...

මම ප්‍රශ්ණයක් අහන්න කැමතියි.. මේ අඟහරැ ප්‍රශ්ණය පිළිබඳව. ඇයි තවම මිනිස්සු වතුරම තියන ග්‍රහලෝකයක් හොයන්නේ ජීවීන් ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්ඩ.
මොකද මිනිස්සුන්ට පෘතිවිය මත ජීවත්වන සත්වයින්ට ජීවිත පැවැත්මට වතුර සහ ඔක්සිජන් ඕන වුනාට ඒක එහෙම වෙන්ඩ අවශ්‍යම නෑ නේද ජීවී විශේෂයක පැවැත්මට.
සරල උදාහරණයක් විදිහට කියනවනං පැට්‍රල් ගහල වාහනයක් දුවවන්ඩ පුළුවන් වුනාට මිනිහෙකුට එහෙම දුවවන්ඩ බෑනේ...
එහෙම නැත්තං තාම ඕව පස්සේම දුවන්නේ එතනින් එහාට දෙයක් හොයන්ඩ මිනිසුන්ට තාම දැනීමක් නැතිහින්දද? එහෙම නැත්තං මිනිස්සුන්ව රවට්ටන්ඩද?