Monday, August 4, 2008

ජීවිතය සහ ග්‍රහයෝ

සූර්යයා කේන්ද්‍ර කොට ගෙන ග්‍රහයින් ඒ වටා බ්‍රමණය වෙමින් අප සෘරග්‍රහ මණ්ඩලය නිර්මානය වී ඇත. එසේම ඒවායේ ගුරුත්වාකර්ෂණ බලපෑම් ද එකිනෙකා අතර වෙයි. සූර්යයා ගෙන් අපට ලැබෙනුයේ නොමද සහයකි පෟථිවිය මත සියලුදේ සිදුවන්නේ සුර්යයා නිසාය. සඳ ද අපට රාත්‍රී අහස ආලෝකමත් කරමින් සහය දක්වයි. පෟතුවිය මත සිදුවන බෝහෝ දේ සඳහා වගකිව යුත්තේ මේ දෙදෙනාය, බූමි කම්පා, ගිනිකඳු පිපිරීම් මෙන්ම කාලගුණය හා දේශගුනයටද කෙලින්ම බලපාන්නෙ මේ දෙදෙනාය එසේනම් මිනිසාගේ සියලු ක්‍රියාකාරකම් වලට එනම් එදිනෙදා ජන ජීවිතයට මෙම ග්‍රහයින් බලපාන බව දැන් ඔබට පැහැදිලිය, නමුත් අප සෘරග්‍රහ මණ්ඩලයේ තවත් ප්‍රබල ග්‍රහයින් කීප දෙනෙකුම වෙයි එසේ නම් ඒවායින්ද අපට යම් බලපෑමක් තිබිය යුතුමය නමුත් මේ ගැන විද්‍යාත්මකව කරුනු සෙවීම සිදුනෙවීම අපට පෟථිවිය මත සිදුවන දෑ තේරුම් ගැනීමට භාදාවක් බව මගේ හැඟීමයී.

අපි යමක් ගැන නිරීක්ෂණය කරන විට ඒ ගැන සියලූම කරුනු සොයාගෙන මුලු චිත්‍රයම හොදින් අධ්‍යයනය කර නිගමණයකට එලඹිය යුතුය. කරුනු හරිහැටි තේරුම් නෙගෙන කාලගුන විපර්යාස, දේශගුණික වෙනස්වීම්, බූමි කම්පා ආදිය ගැන ආනාවැකි පලකීරීමට යාම නිෂ්ඵල කාර්යකි.

No comments: