පසුගිය 15 වනදා නාසා ආයතනය නිකුත් කල මෙම සොයාගැනීම නැවත වරක් අඟහරු මත ජීවින් සිටියිද යන්න ගැන ප්‍රශ්ණ මතු කරයි. කෙසේ වෙතත් ග්‍රහයා මත සිදුවන අජීවී ක්‍රියාවලියක් නිසා මෙම මීතේන් ඇතිවීමටද ඉඩ කඩ පවතී.
හවායි පිහිටි කෙක් නිරීක්ෂණාගාරයේ අධොරක්ත කිරන උපයෝගී කරගනිමින් කරන ලද පර්යේෂණ වලදී මෙම කරුණු හෙලිකරගැනීමට නිරීක්ෂකයින් සමත් වී ඇත. එයට සහබාගි වුනු දොස්තර ගාර්නිමෝ පවසන්නේ ඔවුන් අඟහරුගේ උනුසුම් සමයේ වඩාත් වැඩ් මිතේන් වලාවන් අඟහරු මත නීරික්ෂණය කල බවයි. පෙලව මත සිදුවන මිතේන් නිෂ්පාදනයට බෙහෝ සෙයින් දායක වන්නේ ජීවී ක්‍රියාවන් නිසා අඟහරු මත නිපදවෙන මීතේන් කෙසේ ඇතිවේදැයි කුතුහලය වැඩිකරවන පැනයකි. තවත් වැඩිදුර විස්තර
Chanaka Aruna Munasinghe ගේ පැනයඅඟහරු වල ඉර බහින්නෙ මොන පැත්තෙන්ද?
පිලිතුරු
අඟහරු බ්‍රමණය වන්නේත් පෟථීව්ය බ්‍රමණය වන දිශාවටමයි. මේ නිසා ඉර නැගීම බැසීම පෟථීව්ය මතදී වගේමයි.
ක්ෂිර පථ මන්දාකිණිය තම කක්ෂය වටා පැයට සැතපුම් 100,000 පමන වේගයෙන් බ්‍රමණය වන බව දැන් තරවුරු වී ඇත එය කලින් සිතා සිටි අගයට වඩා වැඩි වීමකි.
ක්ෂිර පථ මන්දාකිණියහි ස්කන්ධය 50% කින් පමන වැඩිබව සොයා ගැනීමත් සමග ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයද ඉහල යන අතර එම නිසා මණ්දාකිණියේ වේගයද, එසේම ඇන්ඩ්‍රොමීඩා හෝ වෙනත් මණ්දාකිණියක් සමග ගැටීමට ඇති හැකියාවද ඒ සමගම ඉහල යයි.
අප සිටින ස්ථානය එනම් මණ්දාකිණියේ මධ්‍යයයේ සිට ආලෝක වර්ෂ 28,000 පමන ඇතින් උවද අපගේ වේගයද ඒ අනුව පැයට සැතපුම් 600,000 පමන වන බව විශ්වාස කෙරේ.
තවත් වැඩිදුර විස්තර
http://www.astronomy.com/asy/default.aspx?c=a&id=7791
2009 ඔබ සෑමට සුබම සුබ නව වසරක් වේවා...!