Monday, February 16, 2009

"මතකය"

සීමා අවදි වන විට පරිසරය නිසංසලය කිසිඳු ගෝෂාකාරී හඩක් නොවීය ඇයගේ හිස තදින් රිදෙන බව ඇයට දැනේ, අවසන් වර‍ට ඇය සිටියේ කොහිදැයි මතක් කිරීමට උත්සාහ ගත්තද හිස තුල හිස්බවක් ඇයට දැනේන්න‍ට විය.

ආ ඔයා පියවි සිහියට ඇවිත් දැන් ගොඩක් වෙලාද? යැයි අසමින් සුදු ලෝගුවක් ඇඳගත් පුද්ගලයකු සීමා වෙතට ලංවිය.
මම දෝස්තර වික්‍රම ලංකාවේ වෛද්‍ය වරයෙක් ඔයා සමහරවිට එහෙම රටක් ගැන අහලත් නැතුව ඇති යැයි පවසමින් මුවඟ‍ට සිනහවක් නගා ගත්තේය.

සීමාට කතා කිරීමට උවමනා උවද යම්කිසිවක් ඇයට බාධා කරන ලෙසක් ඇයට දැනෙන්නට විය එවිට නැවතත් වෛද්‍යවරයා දොඩමලුවිය.

සීමා ඔයා දැන්ම කතාකරන්නට උත්සාහ කරන්න එපා! ටිකක් විවේක ගන්න ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්ණවලට මම ඉක්මනින්ම උත්තර දෙන්නම්. දැන් ටිකක් නිදාගන්න.

සීමා නැවත අවදිවූයේ වෛද්‍යයවරයා ගේ හඬටය "සීමා ඔයා අවදි උනාද, ඔයාට මතකද ඔයාට මොකද උනේ කියලා, සීමාට කිසිවක් මතක නැත ඔයාව අපට හමුවුනේ ඔයා වැඩ කරපු න්‍යෂ්ථික බලාගාරයට එල්‍ලවුනු ප්‍රහාරයේන් පස්සේ අනිත් අය වගේම වැටිලා ඉන්නකොට නමුත් ඔයා විශේෂයි මොකද ඔයා හමුවුන වෙලාවෙත් ඔයාට ඔයාගේ නම මතක තිබුන නිසා"

වෛද්‍යය වරයාගේ කතාවට සවන් දුන් සීමාට තවමත් බෝහෝදේ අපැහැදිලිය, ප්‍රශ්ණ රාෂියක් එකවරම සිතට නැ‍ෙගන්නට විය වෛද්‍යය වරයාගේන් කුමක් මුලින් අසන්නදැයි සිතු සීමා මම ව‍ැඩ කලේ කොහේදැයි මුලින් ඇසීය? ඔයා වැඩ කලේ න්‍යෂ්ථික බලාගාරයක පාලන මධ්‍යස්ථාණයකයි ඔයාලට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙනකෙ‍ාට විස්සක් විතර එතන ඉඳල තියෙනව‍ා. මෙම ත්‍රස්තවාදීන් පාවිච්චි කරන ප්‍රබල විස වායුව කෙලින්ම පහර දෙන්නේ මෙලයේ මතකය තියේන කොටසයයි. ඉතින් සීමා ‍මේ වෙනකම් අපට හමුවුනු අයගෙන් තමන්ගේ නම මතක තිබුනු එකම එක්කෙනා ඔයයි. අපට ඔයාව ඊතාම වැදගත් ඒකයි!.

වෛද්‍යය වරයාගේ වදන් වලින් ගල් ගැසී සිටි සීමා "ඉතින් ටික කලකට පස්සේ මතකය නැවත ලැබෙනවා නේද?" ඇසීය.

"කනගාටුයි සීමා අපට තවම මතකය නැවත ලැබුනු එක් අයේක් වත් හමුවුනේනම් නෑ" වෛද්‍යය වරයා පිලිතුරු දුන්නේය.
විද්‍යාව දිනෙන් දින දියුනුවට පත් වුනද එහිම තවත් නරක නිර්මාණයකට මතකය සදහටම මකන වායුවකට අද සීමාද හසුවී ඇත. වසර විසි හයක සීමාගේ සුන්දර මතකයන් සියල්ල සිම‍ාගේ මතකයන්ගේන් සදහටම ඉවත්ව ගොස්ද? ඇය තමන් කවුදැයි කවදාවත් නැවත සොයාගනීද?

No comments: