Wednesday, February 18, 2009

සූර්ය වන්දනාව, දේව වන්දනාව සහ විද්‍යාවත් සමග මිනිසාගේ බුද්ධිය පිරිහීම!

මීට වසර දහසකට පමන ඉහත මිනිසා අතර සුර්ය වන්දනාව, දේව වන්දනාව පැවති බව ඔබ අප කවුරුත් දන්නා සත්‍යකි. එකල මිනිසා පරිසරය සමඟින් ඉතා සමීපව සබඳ කම් පවත්වා ගනිම්න්
මිනිසාට ජීවත් වීමට අවශ්‍ය සියල්ල සැපයු පරිසර පද්ධතියට තමන් ගෙන් ඉටු ව්ය යුතු යුතුකම් සියල්ල කිසිඳු අඩුවකින් ‍ෙතාරව ඉටු කලහ.

බත බුලත, හුස්ම ටික මෙන්ම රෝගාතුර වූ විට අවෂ්‍ය බේත් හේත් ටික පවා සැපයූවේ පරිසර පද්ධතිය මගිනි. මේ බව තේරුම් ගත් අපේ පැරැන්නෝ පරිසරය දේවත්වයෙන් පුදා ඊට නිසි ගරු බුහුමන් ලබා දෙමින් ඒවා රැක බලා ගත්තෝය. කාලයාගේ ඇවෑමෙන් මීලඟට මිනිසා ලඟට දේව වන්දනාව පැමිනියේය. මිනිසා වෙත ලැ‍ෙබන දෑ සියල්ල දෙවියන්ගේ කැමැත්තට ලැ‍ෙබන බැවු අන්ද භක්තියක් ඇතිකර ගත් මිනිසා සියල්ල දෙවියන් ගෙන් ඉල්ලා ලබා ගැනීමට පෙලඹුනහ, අදද අප අතර ඔවුන් නැතුවාම නෙවෙයි.

ඉන්පසුව මිනිසා ගේ ගලවාගැනීමට පැමිනියේ විද්‍යාවය, පරීක්ෂණ, නිරීක්ෂණ වලින් පසුව නිගමණ වලට එල‍ෙබන එමඟින් මිනිසා තවත් ආගාධය‍‍ට ගෙන ගොස් තනිකර දමා ඇත. පරිසර විනාශය, වායුව දූෂණය පරිසර පද්ධතීන් විනාෂ කිරීම අද ලොව වටා මුදලට වඩ වඩා වේගවත් වී සිදුවෙයි. පරිසරය ලෙඩ කිරිම නිසා අද මිහිමත ඇති සමහර ලෙඩ වලට අද පරිසරයේද බෙත් හේත් සොයාගැනීම අසීරු වී ඇත.

මේ සියල්ලට වග කිව යුත්තේ මිනිසා විසින්ම නිර්මානය කර ගත් විද්‍යාවන් සහ මිල මුදල්ය! මේ කරුනු කාරණා ගැන වඩා පුලුල් නිරවුල් මණසකින් සිතා බැලීමේදී මිනිසා අන්ධවී බුද්ධිය පිරිහීම නිසා කරගන්නා විනාෂය ඊතාම ශොකජනකය එසේම අවසාණය ඊතාම භයංකාරය. සුර්යයාට වැන්ද අප වෙනුවෙන් පරිසරය ආරක්ෂාකල අපේ මුතුන් මිත්තන්ට බුදුන් දැක නිවන් දකින්නට හැකි‍වේවා.

2 comments:

H said...

ඇත්තම ඇත්ත කතාවක්. විද්‍යාව හරහා බිහි වෙන දේවල් නිවැරදිව භාවිතා නොවීම තමයි මේකට හේතුව. ඒකට මුකුත් කියන්නත් බෑ. මොකද බොහොමයක් දේවල් වල අතුර ඵල එනනෙ පසුව නිසා.

කොහොම හරි යම් දවසක් එයි විද්‍යාව තුලින්ම ඒකට විසඳුම් දෙන නේද?

Sam said...

ලස්සන සුන්දර කතාව. හැබැයී පරහකට තියෙන්නෙ සම්පූර්න ඇත්ත නොවෙයී.

එදා කාලෙ යායවල් පිටින් ගිනිතියලා හේන් වැව්වා වගේම අද කාලෙත් ආතාක් පාතක් නැති දේ කොරන අය ඉන්නවා. එදා කාලෙත් පරිසරය ගැන හිතලා වැඩ කටයුතු කොලා වගේ, අද කාලෙත් පරිසරය ගැන හිතන අය ඉන්නවා. ලෝක ඉතිහාසයෙන්ම ජීව විවිදත්වය වැඩිම කාලය තමයී අද කාලය.

මිට අවුරුදු දෙසීයකට ඉස්සෙල්ලා ලෝකයෙ ගෑනුන්ගේ පරම ජීවිත කාලය අවුරුදු තිස්පහකටත් අඩුයී. ඒ කියන්නෙ ඔය ගස් කොල බෙහෙතට ගත්තු කාලේ. දැන් අවුරුදු හැටටත් වැඩියී. ඒ කාලේ ලෙඩේ මොකැද්දැයී කියලා දන්නේ නැතිව යකා ගහල අඩු වයසෙන් මැරුන, ලමය් වද්න්න ගිහිලා මැරුන අපේ මුතුන් මිත්තන්ට නිවන් සැප ලැබේවා.