Thursday, January 17, 2013

හඳට වඩා දීප්තිමත් වල්ගාතරුවක් නොවැම්බරයේදී!


ඉසොන් (ISON) ලෙස නම් කර ඇති මෙම වල්ගාතරුව මාර්තු මාසයෙන් පසුව කුඩා දුර දක්නයකින් වුවද දැකගත හැකි වන අතර, සැප්තැම්බර් ඔක්‍තෝම්බර් වන විට පියවි ඇසින්ද දැක ගත හැකිවන අතර, නොවැම්බර් 28 එහි උපරිම දීප්තිය ඇතිකරමින් සූර්යාගේ ලඟම ස්ථානයට පැමිනෙයි.

ඒ වනවිට දීප්තිය -16 පමන වනු ඇතැයි අනුමාන කර ඇති අතර එය -13 වන පූර්ණ චන්ද්‍රයාවද පරද වනු ඇති අතර දිවාකාලයේ දිද දර්ෂණය වනු ඇත.

මෙය නිරීක්ෂණයට ආධුණික තාරකා විද්‍යා‍ ‍ෙවිදීන්ගේ සංගමය දැනටමත් කටයුතු සුදානම් කරගෙන යන අතර, ඒ සඳහා උනන්දුවක් දක්වන ඔබ සැමටද සහබාගී වීමට හැකිවනු ඇත. 

2 comments:

චිත්‍රක said...

මේකත් මට පේන විදියට 'ලෝක විනාසේ ' වගේ තමා. බලන්නකෝ ආවේ නෑනේ. අපරාදේ නේද? ඔයාට තියෙන ආදරේටයි කියන්නේ 'අනාවැකි' නං කියන්න යන්න එපා . උනේ නැත්තං ඔයා අමාරුවේ . ඔයාට මතකද මංදා කාලේකට පෙර අපේ 'චන්දන ජයරත්න මහත්තයත් 'නෝන්ඩි ' උනා ඔයවගේ කාතාවක් කියල. එයා කිව්වා 'වල්ගාතරුවක්' ගැන ඒකේ නම, ගම, වයස, ඔක්කොමත් කිව්වා. පායන කාලේත් කිව්වා { මට ඒවානං මතක නෑ } තව එකදෙයක් කිව්වා 'වල්ගාතරුව කොච්චර විශාලද කියනවනං ඒකේ 'වලිගය' මැද්දෙන් අපේ " පෘතුවිය " ගමන් කරන බව. එය කොපමන 'දිප්තිමත්ද ' කියනවනම් ඒ ආලෝකයෙන් රාත්‍රී කාලේත් දවල් මෙන් 'එළිය ' වන බව. ඒ කාලේ 'පත්තර' වල ඔය කතාව 'පට්ට' ගැහුවා. අපිට ඉතිං 'පිස්සු'වගේ, දින ගණන් කර කර හිටියේ. විශ්වාස කරන්න ! 'වල්ගතරුවක් නෙමේ, "නැට්ටක්" වත් නෑ . ඔන්න ඔහොමයි උනේ . එදයින් පස්සේ මට 'තාරකා විද්යාව', වල්ග තරු ,හා 'ආචාර්ය චන්දන ජයරත්න' යන තුනම එපා උනා. දෙවියනේ ! ඔයාට නං එහෙම වෙන්න එපා .

Chanaka De Silva said...

Thank you