Monday, May 25, 2009

චීනය මීටර 500 ක විශාල රේඩියෝ දුරේක්ෂයක් නිර්මාණය කරයි

ඩොලර් මිලියන 100 ක වියදමින් ඉදිවන මෙම රේඩියෝ දුරේක්ෂය නිර්මාණය අවසන් වීමෙන් පසුව, එනම් 2014 දීලොව ඇති විශාලම රේඩියෝ දුරේක්ෂය වනු ඇත. දැනට ලෝව විශාලම රේඩියෝ දුරේක්ෂය පොටරිකෝ හි පිහිටි ඇරිසීබෝ දුරේක්ෂය එය විවිධ තරංග ආයාම යටතේ විශ්වයේ වෙනත් ජීවීන් සිටින තැනකින් ලබෙන පණිවුඩ පිළිබඳව සෙවිල්ලේන් පසුවිය.

Sky & Telescope - May 2009 ඇසරෙනි.

Friday, May 22, 2009

දුරේක්ෂය ප්‍රතිසංස්කරණය කරමින්

හතරවන වරට හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය ප්‍රතිසංස්කරණය කරන මචෙල් ගුඩ් ජායාරැයෙන් දැකවෙයි.

Tuesday, May 12, 2009

හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය ප්‍රතිසංස්කරණයට පියවර


වසර 19 පුරා පෘතුවිය වෙත විශ්වය ගැන තොරතුරු සැපයු හබල් අභ්‍යාවකාශ දුරේක්ෂයට නව තාක්ෂණයෙන් යුත් කොටස් කිහිපයක් එක් කර නැවත වරක් පෘතුවි වාසීන්ට සේවය කිරීම‍ට හැකි පරිදි සකස් කිරීමට පසුගිය 11 වන සදුදා ගගනගාමීන් හත් දෙනෙකු සමගින් ඇ‍ට්ලෑන්ටිස් යානය සාර්ථකව ගුවන් ගතවිය.

Monday, April 27, 2009

හබල් අභ්‍යාවකාශ දුරේක්ෂයට දැන් වයස 19යි

පසුගිය 24 වෙනි දිනට හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය ගුවන් ගත කර වසර 19 සපිරෙයි, පසුගිය ක‍ාලය පුරා හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය මිනිසාට කල සේවය අති මහත්ය.

හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය මගින් මෙතෙක් ගනු ලැබු ජායා රුප පහත වෙබ් පිටුවෙන් ඔබ‍‍ට දැක බලා ගත හැකිය.


http://hubblesite.org/gallery/

තවත් වැඩිදුර විස්තර
http://www.skyandtelescope.com/news/43616982.html
http://en.wikipedia.org/wiki/Hubble_Space_Telescope

Friday, April 10, 2009

අඟහරු තරණය‍ට පෙර..........


අඟහරු තරණය‍ට සිහිණ දකින මිහිපිට ජීවීන් මිනිසා අඟහරු වෙත යන ගමනේදි එයට දායක වන පිරිසට කුමණ ආකාරයේ ශාරීරික සහ මාණසික ගැටලු වලට මුහුන දීමට සිදුවනු ඇත්දැයි පරීක්ෂා කිරීමට එම තත්ව වලට සමාන පරිසරයක් සකසා නියමුවන් හය දෙනෙකු එතුලට දමා අගුලු දැමීය. දින 105 එනම් මාස 3 ½ ගතවන මෙම ගමන මෙන්ම මෙම පර්යේෂණයද ඔවුනට වඩා කටුක මෙන්ම දැනුමද එකතුවන නව අත්දැකීමක් වනු ඇත.

තවත් මණ්දාකිණි ගැටුමක් !!

කන්‍යා තාරකා රාශිය මුල් කරගෙන පිහිටි කන්‍යා මණ්දාකණි පෝකුර තුල සිදුවෙමින් පවතින තවත් මණ්දාකිණි ගැටුමක් මෙම ජායා රුපයෙන් දැක්වෙයි. ආලෝක වරෂ 200,000 පමණ විශ්කම්භයෙන් යුත් මෙම මණ්දාකණි මධ්‍යයේ පිහිටි කලු කුහර ද ඒ සමඟින් එකිනෙකා සමග ගැටෙමින් වඩ‍ා බලවත් කලු කුහරයක් බවට පත්වනු ඇතැයි විශ්වාස කෙරේ.

Monday, April 6, 2009

බ්‍රහස්පති ග්‍රහයා ගේ රතු ලපය කුඩා වී!

බ්‍රහස්පති ග්‍රහයා මත ඇති විශාල කුණාටුවක් වන යෝධ රතු ලපය ක්‍රමයෙන් තරමක් කුඩා වී ඇති බව සොයා ගෙන ඇත.

තවත් වැඩිදුර විස්තර
http://edition.cnn.com/2009/TECH/space/04/02/jupiter.red.spot.shrinking/index.html