Tuesday, May 6, 2008

පියාඹණ පීරීසි හෙවත් හදුනා නොගත් පියාඹණ වස්තූන්.

හදුනා නොගත් පියාඹණ වස්තූන් ගැන කථා කරන විට සිතාබැලිය යුතූ කාරනා රාෂියකි. ඒ අතරට මේ පිලිබඳව ඇති සාක්ෂි කෙතරමි දුරට නිවැරදිද යන්න හා තීරණයකට පැමිණීමට ඒවා කොතරමි දුරට සෑහේද යන්න සිතිය යුතූය.

මා මේපිලිඹඳව බොහෝදේ කියවා ඇතිමුත් අවසාන තිරණය ඹබට බාර කරමි. පියාඹණ‌ පීරීසි ගැන අද්‍යයනයේදි ලෙවවටා ලියවී ඇති වාර්ථා කොටස් කිහිපයකට බෙදා අද්‍යයනය කලහැක.

මිනිසා විසින් ගූවන්යානා නිපදවිමට පෙර ඉතිහාසය පුරා ලියවී ඇති සාක්ෂි.
අභ්‍යාවකාෂ චන්දිකා මගින් කර ඇති නිරික්ෂන.
ගූවන් නියමුවන් විසින් කර ඇති නිරික්ෂන.
රේඩාර් නිරීක්ෂකයින් සිදුකර ඇති නිරික්ෂන.
උසස් නිලධාරින් හා ආරක්ෂක අංෂ මගින් සිදුකර ඇති නිරික්ෂන.
පුද්ගල කන්ඩායම් වශයේන් සිදුකර ඇති නිරික්ෂන.
ලොව වටා වාර්ථා වී ඇති තනි පුද්ගල වාර්ථා.
පුත්ගල හා සතූන් පැහැර ගැනීමි පිලිඹඳ වාර්ථා.


ඉහත එක් එක් කෙටස යටතේ දැක්විය හැකි කරැනු අනන්තය, නමුත් මාහට ඇති පැනය වන්නේ මේවායේ සත්‍යථාවය පෙන්විමට උත්සාහ ගන්නවාට වඩා විශාල පැනය වන ඔවුන් වරින්වර පෘථුවියට එන්නේ කූමක් බලාපොරොත්තූවෙන්ද යන්න තේරැමි ගැනිමට උත්සාහ කිරිමයි.

ඒ පිලිබඳව කලහැකි නිරික්ෂණයන් මෙසේය,

පියාඹන පීරිසි වලින් වරින්වර පැමිනෙන පිටසක්වල ඡීවීන්ගේ වාර්ථා අනුව ගම්‍ය වන්නේ අප සතූ සමිපත්, බලෂක්තීන්, ආහාර ගැන ඇල්මක් නැත යන්නයි. ඒ ඔවුන් අපට වඩා තාක්ෂණයෙන් මේන්ම ඉහත කරැනු වලින්ද අපට වඩා ඉදිරියෙන් සිටින නිසා වියයුතූය. පිටසක්වල ජීවීන් පෘථූවිය මත දැක ඇති අවස්ථා වලදී මෙන්ම ඔවුන්ගේ යානා පොලවට කඩාවැටුනු අවස්ථා වලදීද අපට පැහැදිලි වන්නේ අප මෙන්ම ඔවුන්ද විශ්ව සංචාර සඳහා යමිකිසි දිලිසෙන ඇදුමි වර්ගයක් භාවිතා කරන බවයි, එසේනමි කෙතරමි දියුනු වූවද ඔවුනටද ජය ගැනීමට කරැනු ඇතිබවයි. මෙනිසා මේවාට විසදුමි සෙයමින් විශ්වයේ සංචාරය කරනවා වියහැක. එසේනැතිව පෘථුවිය ආක්‍රමණය කිරිමට මානබලනවා විය නෙහැක. කෙසේ වේතත් මේ මගේ අදහසයි, මෙගැන වෙනත් අදහසක් ඔබට ඇතොත් කමෙන්ටි එකක් ලෙස සටහන් කරන්න අපි මේ මත සංවාදයක් ගෙඩනගමු.

4 comments:

kasun said...

"..... නමුත් මාහට ඇති පැනය වන්නේ මේවායේ සත්‍යථාවය පෙන්විමට උත්සාහ ගන්නවාට වඩා විශාල පැනය වන ඔවුන් වරින්වර පෘථුවියට එන්නේ කූමක් බලාපොරොත්තූවෙන්ද යන්න තේරැමි ගැනිමට උත්සාහ කිරිමයි." - මගේ අහස

මේ අදහස ගැන එකඟවිය නොහැක. මන්ද පිටසක්වල ජීවීන් පෘතුවියට එන්නේ කුමක් සඳහා දැයි තේරුම්ගැනීමට පෙර සැබෑ ලෙසම ඔවුන් එසේ එන්නේදැයි සොයා බැලිය යුතුය. ඒ සඳහා අදාල සාක්ෂි සහ වාර්තාවන් සම්බන්ධයෙන් යම් කතිකාවතක් ගොඩනැගීම වඩා උචිත යැයි සිතමු.

nidhahasa said...

මෙවැනි මාතෘකාවක් ගැන සංවාදයක
ගොඩ නැගීම ගැන තුති. හැබැයි ඇහැට ටිකක් අමාරුයි කියවන විට කලු පාට පසුබිම නිසා. ඒ ගැන පොඩ්ඩක් බලන්න කාල වේලාව තියේ නම්.

ඔහේ said...

UFO හෙවත් හඳුනා නොගත් ආකාශ වස්තු ගැන වැඩියෙන්ම විශ්වාස කරන්නේ ඇමරිකානුවන්, ඒ වගේම සුපර්මෑන්, ස්පිඩර්මෑන්, බැට්මෑන් ආදි වීරයන් මනුෂ්‍යාත්වය දුකෙන් ගලවා ගන්නා තුරු කටබලියන් ඉන්නෙත් ඔවුන්. ඇත්ත නැත්ත කෙසේ වෙතත් මෙවන් සිදුවීම් කටකතා ඉපදෙන රටවල ජීවත් වන මිනිසුන්ගේ සාමාන්‍යා ජීවිත දැනුම ගැන සොයාබැලීමෙන් ඉහත ප්‍රශ්ණ වලට පිළිතුරු සොයාගත හැකි බව මාගේ හැඟීමයි.

ඔහේ said...

සමාවිය යුතුයි.
ඉහත හඳුනා නොගත් ආකාශ වස්තු යන්න "හඳුනා නොගත් පියාඹණ වස්තු" යනුවෙන් නිවැරදි විය යුතුයි.