Sunday, August 3, 2008

තරිඳු ගේ පැණයට පිලිතුරු

තරිඳු ගේ පැණය

මම ප්‍රශ්ණයක් අහන්න කැමතියි.. මේ අඟහරැ ප්‍රශ්ණය පිළිබඳව. ඇයි තවම මිනිස්සු වතුරම තියන ග්‍රහලෝකයක් හොයන්නේ ජීවීන් ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්ඩ.මොකද මිනිස්සුන්ට පෘතිවිය මත ජීවත්වන සත්වයින්ට ජීවිත පැවැත්මට වතුර සහ ඔක්සිජන් ඕන වුනාට ඒක එහෙම වෙන්ඩ අවශ්‍යම නෑ නේද ජීවී විශේෂයක පැවැත්මට.සරල උදාහරණයක් විදිහට කියනවනං පැට්‍රල් ගහල වාහනයක් දුවවන්ඩ පුළුවන් වුනාට මිනිහෙකුට එහෙම දුවවන්ඩ බෑනේ...එහෙම නැත්තං තාම ඕව පස්සේම දුවන්නේ එතනින් එහාට දෙයක් හොයන්ඩ මිනිසුන්ට තාම දැනීමක් නැතිහින්දද? එහෙම නැත්තං මිනිස්සුන්ව රවට්ටන්ඩද?

අපි දන්න ජීවීන් සියල්ලටම එනම් කාබන් මූලික වෙලා සැකසුනු ජීවීන් සියල්ලටම පොදු ඒවගේම අත්‍යාවශ්‍යම දෙයක් ජලය, පෟථිවිය මත ජලය නෙවන්නට සංකීර්ණ රසායනික ක්‍රියා වලියන් සිදු වෙමින් විවිධ වූ ජීවීන් නිර්මානය වීම සිහිනයක් නමුත් පෟථිවිය මත වසර මිලියන ගනනක ප්‍රතිථලයක් විදියට අද අපි පෟථිවිය මත ඉන්නවා. ජීවීන් ගේ බිහිවීමට කාබන් ඊතාම වැදගත් මුලද්‍ර්‍යයක් මොකද ඒකට සංකීර්ණ රසායණීක සංයෝග සෑදීමේ හැකියාව තියෙනවා අපි කාබන් හැර වෙනත් දෙයක් පදනම් වෙච්ච ජීවීන් ගැන හිතුවොත් අපට හිතන්න වෙන්නේ සිලිකන් ගැන නමුත් කාබන් වගේ සිලිකන් වලට සංකීර්ණ සංයොග හදන්න බෑ මේ නිසා දැනට අපි දන්න විධියට හොයාගෙන තියෙන මුලද්‍රව්‍ය වලින් ජිවීන්ට වැදගත් කාබන්, ඉතිං කාබන් මූලික වෙලා තැනෙන ජීවීන්ට ජලය අත්‍යාවශයි. මේ නිසා ජලය සහිත ග්‍රහයකු සොයා ගැනීම ජීවීන් සොයාගැනීමට වඩා ලෙහෙසි ක්‍රමයක් බව පැහැදිලියි.

1 comment:

Kosala Atapattu said...

පෘථිවිය මත සිටින සෑම ජීවියෙකුම කාබන් සන්යෝග මත යැපෙන්නෙ නැ. සමහර ජීවීන් සල්ෆර් (sulfur) මත යැපෙනවා, ගිනි කදු ආශ්රිතව. එම නිසා වෙනත් සංයෝග වලින් සෑදුන ජීවීන් විය නොහැක්කක් නොවේ. (http://en.wikipedia.org/wiki/Alternative_biochemistry)