Tuesday, September 30, 2008

ඔබේ නමත් අභ්‍යාවකාශයට......

පොලව ව‍ටා කක්ෂගත වීමට නියමිත නාසා ආයතනයේ ග්‍ලෝරි (NASA's Glory satellite) චණ්ද්‍රකාව ඔබේ නමත් අභ්‍යාවකාශයට ගෙන යෑමට සූදානමින් සිටියි. ඔබත් ඒ සඳහා සහබාගි වීමට කැමති නම් පහත වෙබ් අඩවියට යොමු වන්න.

http://polls.nasa.gov/utilities/sendtospace/jsp/sendName.jsp

තවත් විස්තර
http://www.astronomy.com/asy/default.aspx?c=a&id=7434

Friday, September 26, 2008

පැනයට පිළිතුරු

අරවින්දගේ පැනය

මේ නිසා පෘථිවියටයි ජීවින්ටයි වෙන බලපෑම මෙකද්ද?

පිළිතුර

මේ නිසා කෙටි කාලීනව මොනවගේ බලපෑමක් වෙයිද කියල හරියටම කියන්න බෑ මොකද මේක සුනාමිය වගේ තත්වයක් මෙහෙම දෙයකට අපි කලින් මුහුන දීල නෑනෙ. නමුත් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය අඩු වීම නිසා අහිතකර කිරණ සූර්යයා දෙසට එන්න බලාවි, උත්තරාර්ධ ‍ගෝලයේ ඕසෝන් වියනේ පලුද්දක් තිබෙන නිසා එහි ජීවත් වන සතුන්ට මෙමඟින් බලපෑමක් විය හැකියි, අහිතකර කිරණ පොලව‍ට ලඟා වුනොතින්. සමහර විට සූර්ය ඉක්මනින් අසණීපය සුවවී ප්‍රකෘති තත්වයට ඉක්මනින් ලඟාවේවි.

Thursday, September 25, 2008

වසර 50 ක‍ට පසු සූර්යා ‍ගේ සූර්ය සුලඟ, සහ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය ව‍ාර්තාගත පහත අගයක් ගනී.

සූර්ය සුලඟ, සහ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය ව‍ාර්තාගත පහත අගයක් පවතින බව සූර්ය නිරීක්ෂණයේ යේදෙන යුලිසීස් යානය මගින් සනාථ කර ඇත. එය නිරීක්ෂණය ආරම්භ කල 1990 වස‍රේ සිට මේ දක්වා පැවති අගයන් ගෙන් සූර්ය සුලඟ, 20% ද ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය 36% පහත බැස ඇති බව නාසා හා යුරෝපිය අභ්‍යාවකාෂ ඒජන්සිය මගින් එක්ව දියත් කල යුලිසීස් යානය පෙන්වා දී ඇත.

තවත් විස්තර:
http://www.astronomynow.com/080924solarwindat50yearlow.html

Tuesday, September 23, 2008

පැනයට පිළිතුරු

Kosala Atapattu පැනය

මේ සම්බන්දයෙන් කතා ක්රද්දි අපට අදුරු පදාර්ත (Dark Matter) ගැන දැන ගන්න වෙනවා. ඔබට ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද?

පිළිතුර

විශ්වයේ අප‍ට නිරීක්ෂණය කල හැකි පදාර්ථ ප්‍රමාණය මහා පිපුරුම් න්‍යායට අනුව තිබිය යුතු පදාර්ථ ප්‍රමාණය මෙන් 1% පමනය, ඉතිරි 99% අපට නෙපෙනෙන ශක්තීන් හෝ අදුරු පදාර්ත ලෙස විශ්වයේ පවතින බව‍ට විශ්වාසයක් ඇත. ඒවා මන්දාකිණි ව‍‍ටා පිහිටන බව‍ හා ඒ මගින් ගුරුත්වාකර්ෂන බලයක් මණ්දාකිණිය වෙතට හා මන්දාකිණි ගැටුම් වලටද ඉවහල් වන බව විශ්වාස කෙරේ.

Thursday, September 11, 2008

පර්සිඩිස් උල්කාපාත වර්ෂාව

පර්සිඩිස් උල්කාපාත වර්ෂාව රු‍මේනියාවේ අඩි 2,507 උඩ සිට ගනු ලැබූ ජායා රුපයකි.

Wednesday, September 10, 2008

පැනයට පිලිතුරු

fossurgeon පැනය

ඇත්තටම. නමුත් බොහෝ අය ට ගැටඵ නැඅ වගේ. ළමුනට මේ බ්ලොගය හරහා නොයෙක් දේ දැන ගත හැකිවේවි. මට දැනගන්න ඕන, කොමට් ( සිංහල වදන?) එකක් මත කිසියම් යානාවක් පතිත කර තිබෙනවා ද? නැති නම් ඇයි?

පිලිතුර

කොමට් නම් වල්ගාතරුව යන්නයි. මීට වසර කිහිපයකට පෙර 1985 දී පිටත් වු ජියෝටෝ යානය හේලිගේ වල්ගාතරුව මත ගොඩ බැස්සවීමට සැලසුම්කර තිබුනද එය සාර්ථක වුනේ නැත. ඉන් පසු 1994 දී ගැලිලීයෝ යානයද ෂුම‍ාකර් 9 වල්ගාතරුව දුරසිට අධ්‍යයනය කරන ලදි. 2005 දී ඩීප් ඉම්පැක්ට් යානයහි කොටසක් ටෙම්පල් 1 වල්ගාතරුව මතට කඩ‍ා වැටෙමින් පොලව වෙත සාර්ථකව තොරතුරු එවීමට සමත් විය. නමුත් මෙය ඊතාම සංකීර්න, අමාරු කටයුත්තක්.


Kosala Atapattu පැනය
තරු පොකුරු එක මත එක කඩා වැටීම නවතින්නෙ කෙසේද? ඒවා බ්‍රමනය වනවාද? නැතිනම් කවදා හරි එක මත එක කඩා වැටෙයිද?

පිලිතුර

තරු පොකුරු එක මත එක කඩා වැටීම පිලිබඳව මා අසා නැති තරම්ය, නමුත් මන්දාකිණි එක මත එක කඩා වැටීම නම් සත්‍යය. ඒවා සනාථ කරන ජායාරැප රාශියක් හබල් දුරේක්ෂය මගින් ගනුලැබ ඇත. තවද හබල් දුරේක්ෂය මගින් මන්දාකිණි තුනක් එකට ගැටෙන අවස්ථාවන් 24 ද, මන්දාකිණි 5 පමන ගැටෙන අවස්ථාවන්ද ජායාරැප ගනුලැබ ඇත.

තවත් විස්තර
http://hubblesite.org/newscenter/archive/releases/1999/45

Tuesday, September 9, 2008

තාරකා විද්‍යා‍‍ව සහ ලංකාවේ අධ්‍යාපණ ක්‍රමය,

ලංකාව අධ්‍යාපණය ඉතා ඉහල බව කාගේත් පිලිගැනීම වුවද එහිද යම් යම් අඩුපාඩු පවතී. පාසැල් පෙල පොත් වලට තාරකා විද්‍යාව ඇතුලු වුනේද මෑතකදීය, තවම උසස් අධ්‍යාපනය‍ටද තාරකා විද්‍යාවේ ප්‍රවේෂය ඉතාම සෙමින් සිදුවන බව පෙනේ. මේ කරුනු සැලකිල්ලට ගැනීමේදී ලංකාවේ අධ්‍යාපණ ක්‍රමය මගින් බිහිකරන තාරකා විද්‍යාධාරයකු බිහිවීම තව බොහෝ කලකට සිදු නොවනු ඇත.

නමුත් ලංකාවේ ඉපිද අධ්‍යාපණය ලබා පිටරට වලදී තාරකා විද්‍යාව පිලිබඳ උපාධිය ලැබූවන් කිහිප දෙනෙකු නිසා ලංකාවේ නම තරමක් හෝ ඉදිරිය‍ට ගෙනයෑමට සමත් වී ඇත. නමුත් ඔවුන්ද ලංකාවේ සුදුසු රැකියාවන් නොමැති බැවින් අප මවු බිමින් ඈත්වී සිටිති. තවම ලංකාව තුල සියලු දෙනාට භාවිතා කල හැකි නිරීක්ෂනාගාරයක් වත් නෙමැත, මෙය තාරකා විද්‍යාව‍‍ට ඇලුම් කරන පාසැල් සිසුනට කරන දරුනු අපරාධයකි, අනාගතය වෙනුවෙන් නිසි බලධාරීන් සිතා බලා කටයුතු කිරීම රටේ අනාගතයටද සුභදායි වනු ඇත.

Thursday, September 4, 2008

පැනයට පිලිතුරු

fossurgeon පැනය
milky way තරු පොකුරක් ද?

පිලිතුර

නැත මිල්කි වේ හෙවත් ක්ෂිරපථ මණ්දාකිනිය යනු අප ජීවත් වන මණ්දාකිනියයි. එය ආ.ව 100,000 පමන විශ්කම්භයෙන්ද ආ.ව 1000 පමන ඝනකමින්ද යුක්තය. ඔබට සජ‍ටේරියස් තාරකා රාෂිය පසුබිමින් අප ක්ෂිරපථ මණ්දාකිනි‍යෙහි මධ්‍ය දැකගත හැක. දැනට ගෝලීය තරු පොකුරු 158 අප ක්ෂිරපථ මණ්දාකිනිය තුල පිහිටා ඇති බව සොයාගෙන ඇත.

Wednesday, September 3, 2008

පැනයට පිලිතුරු

fossurgeon පැනය
මේවා තාවකාලිකව ඇතිවනවා ද? නැතිනම් දිගටම පවතිනව ද?

පිලිතුර

මේවා තාවකාලිකව ඇතිවනවා නොවෙයි, මෙව‍ායේ ඇතිවීම තරමක් ගැටලු සහගත උනත් විශ්වය තුල ගෝලීය තරු පොකුරු රාශියක් සෝයාගෙන තිබෙනවා.


haresh පැනය
ගෝලීය තරු පොකුරක් සාමාන්‍ය මන්දාකිනියකට වඩා වෙනස්ද? ඒව බිහිවෙන්නෙ මොන හේතු හින්දද?

පිලිතුර


ඔවු, ගෝලීය තරු පොකුරු පිහිටන්නේ මණ්දාකිනි ඇතුලතයි. ඒවායේ ගුරුත්වාකර්ෂනය වැඩි නිසා වඩා ලංව ගෝලීයව පිහිටනවා. ඇන්ඩ්‍රෙමීඩා හි ගෝලීය තරු පොකුරු 500 පමනද විශාල එම්87 මණ්දාකිනිය තුල 10,000 පමන ගෝලීය තරු පොකුරු ඇති බව සෙයා‍ෙගන තිබෙනවා.

Monday, September 1, 2008

ගෝලීය තරු පොකුරක්

ග්ලොබියුලා ක්ලස්ටර් හෙවත් ගෝලීය තරු පොකුරක් ඉහත රැපයෙන් දැක්වෙයි. පෟථිවියට ආලෝක වර්ෂ 13000 ඈතින් පිහිටා ඇති මෙම ගෝලීය තරු පොකුර දීප්තියෙන් දෙවන විශාලතම පොකුරයි.