Wednesday, September 10, 2008

පැනයට පිලිතුරු

fossurgeon පැනය

ඇත්තටම. නමුත් බොහෝ අය ට ගැටඵ නැඅ වගේ. ළමුනට මේ බ්ලොගය හරහා නොයෙක් දේ දැන ගත හැකිවේවි. මට දැනගන්න ඕන, කොමට් ( සිංහල වදන?) එකක් මත කිසියම් යානාවක් පතිත කර තිබෙනවා ද? නැති නම් ඇයි?

පිලිතුර

කොමට් නම් වල්ගාතරුව යන්නයි. මීට වසර කිහිපයකට පෙර 1985 දී පිටත් වු ජියෝටෝ යානය හේලිගේ වල්ගාතරුව මත ගොඩ බැස්සවීමට සැලසුම්කර තිබුනද එය සාර්ථක වුනේ නැත. ඉන් පසු 1994 දී ගැලිලීයෝ යානයද ෂුම‍ාකර් 9 වල්ගාතරුව දුරසිට අධ්‍යයනය කරන ලදි. 2005 දී ඩීප් ඉම්පැක්ට් යානයහි කොටසක් ටෙම්පල් 1 වල්ගාතරුව මතට කඩ‍ා වැටෙමින් පොලව වෙත සාර්ථකව තොරතුරු එවීමට සමත් විය. නමුත් මෙය ඊතාම සංකීර්න, අමාරු කටයුත්තක්.


Kosala Atapattu පැනය
තරු පොකුරු එක මත එක කඩා වැටීම නවතින්නෙ කෙසේද? ඒවා බ්‍රමනය වනවාද? නැතිනම් කවදා හරි එක මත එක කඩා වැටෙයිද?

පිලිතුර

තරු පොකුරු එක මත එක කඩා වැටීම පිලිබඳව මා අසා නැති තරම්ය, නමුත් මන්දාකිණි එක මත එක කඩා වැටීම නම් සත්‍යය. ඒවා සනාථ කරන ජායාරැප රාශියක් හබල් දුරේක්ෂය මගින් ගනුලැබ ඇත. තවද හබල් දුරේක්ෂය මගින් මන්දාකිණි තුනක් එකට ගැටෙන අවස්ථාවන් 24 ද, මන්දාකිණි 5 පමන ගැටෙන අවස්ථාවන්ද ජායාරැප ගනුලැබ ඇත.

තවත් විස්තර
http://hubblesite.org/newscenter/archive/releases/1999/45

No comments: