Tuesday, September 9, 2008

තාරකා විද්‍යා‍‍ව සහ ලංකාවේ අධ්‍යාපණ ක්‍රමය,

ලංකාව අධ්‍යාපණය ඉතා ඉහල බව කාගේත් පිලිගැනීම වුවද එහිද යම් යම් අඩුපාඩු පවතී. පාසැල් පෙල පොත් වලට තාරකා විද්‍යාව ඇතුලු වුනේද මෑතකදීය, තවම උසස් අධ්‍යාපනය‍ටද තාරකා විද්‍යාවේ ප්‍රවේෂය ඉතාම සෙමින් සිදුවන බව පෙනේ. මේ කරුනු සැලකිල්ලට ගැනීමේදී ලංකාවේ අධ්‍යාපණ ක්‍රමය මගින් බිහිකරන තාරකා විද්‍යාධාරයකු බිහිවීම තව බොහෝ කලකට සිදු නොවනු ඇත.

නමුත් ලංකාවේ ඉපිද අධ්‍යාපණය ලබා පිටරට වලදී තාරකා විද්‍යාව පිලිබඳ උපාධිය ලැබූවන් කිහිප දෙනෙකු නිසා ලංකාවේ නම තරමක් හෝ ඉදිරිය‍ට ගෙනයෑමට සමත් වී ඇත. නමුත් ඔවුන්ද ලංකාවේ සුදුසු රැකියාවන් නොමැති බැවින් අප මවු බිමින් ඈත්වී සිටිති. තවම ලංකාව තුල සියලු දෙනාට භාවිතා කල හැකි නිරීක්ෂනාගාරයක් වත් නෙමැත, මෙය තාරකා විද්‍යාව‍‍ට ඇලුම් කරන පාසැල් සිසුනට කරන දරුනු අපරාධයකි, අනාගතය වෙනුවෙන් නිසි බලධාරීන් සිතා බලා කටයුතු කිරීම රටේ අනාගතයටද සුභදායි වනු ඇත.

3 comments:

Times Eye said...

Nice blog...hop u continue

Danishka said...

පසුගිය මස 27 දින තිබු උසස් පෙළ ගුරු වැඩසටහනකදි ඔබේ බ්ලොග් අඩවිය උදාහරණයක් ලෙස ගෙනහැර පැවේ ඔවුන්ටත් ලියන්නට ඇරයුම් කරමින්, දිරිමත් කරමින්.

දැන් මේ හෙට සිදුකිරීමට නියමිත දෙවැනි වැඩ මුලුවයි..

හෙටත් ඔබේ බ්ලොග් එක ඔවුන් ඉදිරියේ දිගැහෙරෙනු ඇත. :)

දිගටම ලියන්න, සුබ පැතුම්!

fossurgeon said...

ඇත්තටම. නමුත් බොහෝ අය ට ගැටඵ නැඅ වගේ. ළමුනට මේ බ්ලොගය හරහා නොයෙක් දේ දැන ගත හැකිවේවි.

මට දැනගන්න ඕන, කොමට් ( සිංහල වදන?) එකක් මත කිසියම් යානාවක් පතිත කර තිබෙනවා ද? නැති නම් ඇයි?