Wednesday, December 31, 2008

මාස තුනක් පර්යේෂණ සඳහා අඟහරුවෙත ගිය ස්පිරිට් සහ ඔපචුනටි වසර 5 කටත් ලංව තවමත් වැඩ!



2004 වර්ෂයේ ජනවාරි මස අඟහරුවෙත ගිය ස්පිරිට් සහ ඔපචුනටි අඟහරු ගවේෂකයින් දෙදෙනා අඟහරුමත එහා මෙහා යමින් තොරතුරු සෙවීම ප්‍රධාණ අරමුණ විය. එහි සියලුම පර්යේෂණ කටයුතු මාස 3 කට සකස් කර තිබිණි. ඒ ප්‍රධාණ වශයේන් සුර්ය කෝෂ මගින් ක්‍රයාකරණ ගවේෂකයින් දෙදෙනා මාස 3 කට පසු ක්‍රයා විරහිත වනු ඇතැයි නිෂ්පාදකයින් සිතූ නිසාය, නමුත් තවමත් ස්පිරිට් සහ ඔපචුනටි අඟහරු මත එහා මෙහා යමින් අපට විස්තර සපයයි.

තවත් වැඩිදුර විස්තර
http://www.astronomy.com/asy/default.aspx?c=a&id=7782
http://marsrovers.nasa.gov/gallery/press/opportunity/20040818a.html

Wednesday, December 24, 2008

අප මිහිතලයේ අලංකාර ජායාරුප එකතුවක්

නාසා ආයතනයේ අර්ත් ඔබ්සවෙට්රි (Earth Observatory) මගින් ගනුලැබූ හෙදම ජායාරුප එකතුවක් සී.එන්.එන් වෙබ් අඩවියේ පලවී තිබිණි. ඔබේ රසාස්වාදය වෙනුවෙන් එය මෙසේ උපුටා පල කරමි.











Tuesday, December 23, 2008

එන්සෙල්ඩස් චන්ද්‍රයාගේ සමීපතම ජායා රැපයක්


කැසිනි යානාව මගින් ගනුලැබූ සෙනසුරු ග්‍රහයා ගේ එක් චන්ද්‍රයක්‍ර වන එන්සෙල්ඩස් (Enceladus) ග්‍රහයාගේ ජායා රැපය මෙහි දැක්වෙයි.

Friday, December 19, 2008

පැනය‍ට පිලිතුරු

ගේ පැනය‍ට පිලිතුරු
නිහාරිකාවක් කියන්නේ මොකද්ද?

පිලිතුර

සරලම විධියට කිවුවොතින් හයිඩ්‍රජන් හීලියම් වායුන් පිරුනු විශාල වායු වලාවක්. ‍මේවා සංකොචනය වීම නිසා නිහාරිකා මගින් තරකා මිලියන ගනනක් බිහිවෙනවා. විශ්වයේ සෑම අතම අපට දැකිය හැකියි.

1870-1939 අතර කාලයේදී ජායාරැප ගතකර ඇති පියාඹන පීරිසි







Thursday, December 18, 2008

අලංකාර නිහාරිකා දෙකක්

M27(වම් ජායාරූපය) සහ M76 නිහාරිකා දෙක ජායාරූපයේ දැක්වෙයි මෙම නිහාරීකා දෙකම සූර්යයා වන් තරු බිහිකිරීමට හැකි විශාල වායුවලාවන්ය. මෙම නිහාරිකා දෙකම ආලෝක වර්ෂ 1200 සහ 3000 පමන අපට ඈතින් පිහි‍ටා ඇත.

Tuesday, December 16, 2008

මිනිස‍ාගේ ප්‍රථම ගුවන් ගමන සිහිපත් කරමු



මිනිසකු සහිතව උඩුගුවනට එසවුනු ප්‍රථම ගුවන් යානය 1903 දෙසැම්බර් 17 උදෑසණ 10.35 ට ඔලිවර් රයිට් සමගින් අඩි 120 ඉහල නැගුනු ඒ අවස්ථාව, එතැන් සිට අද දක්වා ගතවු සියවස තුල ‍කොතරම් නම් දියුනු වී ඇත්ද, ඒ වෙන කිසිවක් නිසා නොව ඒදා විල්බර් සහ ඔලිවර් රයිට් සහෝදරයින් ගේ නෙපසුබට උත්සාහය නිසාය. එබැවින් අද දින අප ඔවුන් සිහිපත් කර ස්තූති කරන ගමන් අනාගතය වෙනස් කලහ‍ැකි නව සොයා ගැනීම් සිදුකිරීමට අපේ සහෝදර සහෝදරියන්ට ධ්‍යෛර්ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

Monday, December 15, 2008

ආතර් සී ක්ලාක් විද්වතානන්ගේ 91 වන ජන්ම දිනය හෙටයි

ආතර් සී ක්ලාක් මහතා අප අතර සිටියා නම් හෙටට අවුරුදු 91 සපිරෙයි. ඒ මහතා ගැන ලිපියක් න‍ාලක ගුණවර්ධන මහතා විසින් ලියා මොන්ටාජ් සඟරාවේ පලකර ඇත ඔබත් කියවන්න

http://www.montagelanka.com/?p=913

තුන්වන ලෝකයේ ර‍‍ටවල් වල අධ්‍යාපන මට්ට‍ම සහ ලංකාවේ තත්වය!

තුන්වන ලෝකයේ ර‍‍ටවල් වල අධ්‍යාපන මට්ට‍ම සසඳා බලන විට ලංකාවේ තත්වය ඊතාම සතුටු දායකය අප ලබන නිදහස් අධ්‍යාපනය නිසා ලොවටම වැඩදායී පුද්ගලයින් රාශියක් ලංකාවෙන් බිහිකර අවසානය නමුත් අප තව තවත් ඉදිරියට යා යුතුයි විද්‍යාව දිනෙන් දින දියුනු වන ආකාරය‍ට ම අපේ අධ්‍යාපනයද තව තවත් උසස් මට්ටමකට ඉදිරියට ගෙන ආ යුතුය.

විශ්වය ගැන හදාරන පැරණිතම සහ විද්‍යාවන්ගෙන් මව් විද්‍යාව වන තාරකා විද්‍යාවට ලැ‍ෙබන ස්ථාණය ලංකාවේ ඉතාම ශෝකජනකය සිංහල භාෂාවෙන් ලියවුනු පොත් පත් නැති තරම්ය, තිබෙන ඒවයේද ඇත්තේ අද වන විට වැරදි පැරනි දත්තයන්ය නමුත් මෙය අප හදා ගතයුතුය ස්වාභාවික විව්‍යසනයන් යටතට සුර්යයාගෙන් අපට යම් කරදරයක් ඉදිරියේදී සිදුවුව හොත් සුනාමිය ලෙස සිදුවීමෙන් අනතුරුව ඇස් ඇරී වැඩක් නැත කරන දෙයක් ඊට පෙර කල යුතුය ලංකාව එවැනි හදිසි අවස්ථාවකට සුදානම් කල යුතුය එවැනි අවස්ථාවකදී එය මුලු ‍ලෝවටම එය එකලෙස බලපාන බැවින් අපගේ උදවුවට එන්නටද කිසිවකුටද ඉඩ නෙලැබෙනු ඇත. අප තාරකා විද්‍යාව තව ඉදිරියට ගෙන යමු අප රටේ තාරකා විද්‍යාවට ඇලුම් කරන සියලුදෙනාගේ බුද්ධිය තව තවත් පුලුල් කිරීමට හැකි උපරිමයෙන් දායකවෙමු.

Thursday, December 11, 2008

මේ කුමක්දැයි ඔබ දන්නවාද? හැකිනම් විස්තර කරන්න.


විශාල කර හෙඳින් බලන්න


ජේමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව මේ දිනවලදී නරඹන්න



මිථුන තාරකා රාෂිය පසුබිම් කරගෙන ඇතිවන ජේමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව මේ දිනවලදී ඔබට අලුයම කාලයේදී නැරඹිය හැකිය. පැයකට 50-80 අතර උල්කා ප්‍රමාණයක් නැරඹිය හැකි මෙම උල්කාපාත වර්ෂාව වසරේ අවසාන උල්කාපාත වර්ෂාවයි. තාරකා විද්‍යාවට ආධුණික අයකුට මෙය කදිම නිරීක්ෂණ අත්දැකීමක් වනු ඇත. දෙසැම්බර් 6 සි‍ට 18 පමන නිරීක්ෂණය කල හැකි මෙම උල්කාපාත වර්ෂාව 13-14 දින වලදී උච්ච අවස්ථාවට පැමිනෙයි, මෙම දිනයන් නිරීක්ෂණයන් සඳහා ඉතාම සුදුසුය.

තාරකා විද්‍යාවෙන් වෛද්‍ය විද්‍යාවට සිදුවූ යහපත ??

Astronomy helps advance medical diagnosis techniques
While developing devices to capture X-rays from objects in space, scientists at the European Space Agency have designed a camera that could become a powerful new weapon in the fight against cancer.

තවත් වැඩිදුර විස්තර
http://www.spaceref.com/news/viewpr.html?pid=6719

Astronomy Helps Optic Perfection
The device is based on technology borrowed from the world of astronomy. It is the product of pioneering research that could have a profound impact on everything from eye surgery to contact lenses, and could ultimately improve vision even for people who already have good eyesight.
තවත් වැඩිදුර විස්තර
http://articles.latimes.com/2000/aug/07/business/fi-97
ADAPTIVE OPTICS BRING SHARPER
IMAGES TO ASTRONOMY AND MEDICINE


තවත් වැඩිදුර විස්තර
http://www.mda.mil/mdaLink/pdf/ada97.pdf

Tyronne ගේ පැනය‍ට පිලිතුරු

1. "ඔය සොයා ගන්නා වූ ග්‍රහයින්ගෙන් මිනිස් ප්‍රජාවට කිසියම් යහපතක් වෙයිද?"- අනිවාර්යයෙන්ම ඔවු, විශ්වය ගැන සෙවීම තුලින් මිනිසා ඉගෙනගත් දේ බොහොමයි.

2. අඟහරු ග්‍රහයා ගැන මේ දිනවල පරීක්‍ෂණ පැවැත්වෙනවා.. එහි ජීවය/ජලය තිබේද යන වග..
- එහි ජීවයක් ඇති බවට නම් තවම සොයාගෙන නෑ, ඝණ ජලය ද්‍රව ප්‍රදේෂ වල සහ ආවාට පතුල් වල ඇති බවට පැහැදිලිවම කිව හැකියි.


2.1. මෙම සොයා ගැනීමෙන් තිබෙන වැදගත් කම සහ එමඟින් මානව වර්ගයාගේ අභිවෘද්ධිය සඳහා හේතු සාධක වන කරුනු..
- මනිස‍ා සඳ ජය ගත්තේය, එනිසා ඊට නැවත වරක් ඉගෙන ගතයුතු නැත. අපට අඟහරු ජය ගැනීය ඊට වඩ‍ා සියගුනයකින් අසීරු කරුනකි, නමුත් අප එයද ජය ගත යුතුමය යම්කිසි දිනෙක වල්ගාතරැවක් හෝ විශාල උල්කාවක් පෙලව හා ගැටීමට ඇති හැකියාව ඉතා ඉහලය. මීට ප්‍රථමද එසේ සිදුවී ඇත විශ්වයේ ආශ්චර්යක් වන ජීවය අපට රැක ගැනීමට මෙම සූදානම ඊතාම වැදගත්ය.

2.2. ග්‍රහලෝක වෙත විවිධ අජටාකාශ යානා මෙතෙක් යැවීමෙන් ලද ප්‍රතිලාභ
- අපේ කුතුහලයට ඉන් පිලිතුරු රාෂියක් ලැබී ඇත. අපේ බුද්ධිය ‍මේ නිසා වඩා පුලුල් වී ඇත. මෙම අජටාකාශ ගමන් සඳහා නිපදවු බෙහෝ උපකරණ වෛද්‍ය විද්‍යාවට අද කෙලින්ම සම්බන්ද වෙමින් මිහිමත ජීවය පවත්වාගෙන යෑමට මහඟු දායකත්වයක් දක්වයි.

3. සඳ තරනය කිරීමෙන් (සඳ මත පා තැබීමෙන්) ලැබූ ප්‍රතිලාබ
- සඳට හෝ වෙනත් ග්‍රහයකු ජය ගැනී‍මේදි අප විසින් මුහුන දිය යුතු සියලූම ප්‍රශ්ණ අප සඳ ජය ගැනීම මගින් උගත්තෙමු. එනිසා සඳ මත තත්වය සහ එහි පාෂාන මෙන්ම එහි ජීවයකට පැවතීමට ඇති භාදාවන්ද මේ නිසා උගත්තෙමු මේ ආකාරයේ අසිරු පිම්මක් පැනීම මඟින් මිනිසාය වු යහපත ප්‍රථම වරට සඳ මතුපිටට පා තැබු නිල් ආම්ස්ට්‍රෝන් ගේ ප්‍රකාශයේන්ම පැහැදිලිය.
“That's one small step for (a) man, one giant leap for mankind.”

Wednesday, December 10, 2008

හබල් අභ්‍යාවකාෂ දුරේක්ෂය මඟන් ගනු ලැබූ ගෝලීය තරු පෙකුරක කේන්ද්‍රය දැක්වෙන ජායා රුපයක්


සරත් ගුණතුංග ගේ පැනය‍ට පිලිතුරු

පැනය‍
අපි මාතෘකාවෙන් පිට පැන ඇති බවක් හැඟෙයි. මම නැඟූ ප්‍රශ්නය තවම ඒ අන්දමටම පිළිතුරක් නොමැතිව පවතී. මම දන්නා ආකාරයට මම එය ඔබට පැහැදිලි කරන්නම්.".................ඔය සොයා ගන්නා වූ ග්‍රහයින්ගෙන් මිනිස් ප්‍රජාවට කිසියම් යහපතක් වෙයිද?මේ ලෝකයේ මෙතරම් ප්‍රශ්න තිබියදී නොයෙක් ආම්පන්න සහිතව ඔය ලෝක වලට, කෝටි ගනන් වියදම් කරගෙන යන්නේ යන්නන්ගේ උජාරුව පෙන්නනට නේද?"(ප්‍රශ්නය මෙසේය................)

පිලිතුර
සොයාගන්නා ග්‍රහයා අනුව අපට යම් දෙයක් ලැබෙයිද නැද්ද යන්න තීරණය වෙයි, ග්‍රහයකු වෙත යාම ඊතාම අසීරු කාර්යකි. එවන් ජයක් ලැබීමේදි ඊට ප්‍රථම ජයගත යුතු කුඩා කඩයිම් බොහොයි, එහිදී අතුරු නිර්මාණ ලෙස මිනිසාට ලැබී ඇති දෑ බෙහොයි. අසීරු ඉලක්කයන් ජය ගැනීමට හෝ උත්සාහ කිරීමට අප සියලු දෙනා කැමතිය. බලවත් රට වල්ද ග්‍රහයින් තරණය වන් අසීරු කටයුතු වලට තරඟ කාරීව දායක වී සිටියි. මගේ හැඟීම නම් එය ඉතා හොඳ දෙයක් බවයි, මන්ද ඉන් අපට වඩා ඉක්මනින් සාර්ථක ‍සෝයා ගැනීම් රාෂියකට එමඟින් ඉඩ ලැබෙන නිසාය.

Tuesday, December 9, 2008

සරත් ගුණතුංග ගේ පැනය‍ට පිලිතුරු

සූර්යයාගේ විද්‍යුත් චුම්බක තරංග මීට කලින් ඉහල ගියේ නැද්ද?

- පසුගිය වසර බිලියන 4.5 පුරාවටම එය ඉහල පහල යන්නට ඇත, එය සෑම වසර 11 කටම වරක් ඉහල අවස්ථාවට පැමිනේ.

නොගියා බව දන්නෙ කොහොමද?
- අද තරම් විද්‍යුත් චුම්බක තරංග මගින් හානි වියහැකි ඉලෙක්ට්‍රොණික පරිපථ ආදි උපකරණ අතීතයේ භාවිතා නෙවුනු නිසා සූර්ය සුලඟ වැඩිවුවද එය මිනිසාට තදින් දැනෙන්නට නොමැත. නමුත් අද තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.

අහස් යානා වලට වුන බාධක මොනවද?
- අහස් යානා පොලව හා සම්බන්ධ වන්නේ රේඩියෝ තරංඟ හරහාය මේ නිසා විද්‍යුත් චුම්බක තරංග ප්‍රමාණය ඉහල අයන ගෝලයට දරාගත නෙහැකි තරම් වු විට ඒවා පෙලව වෙත පැමිනීම ඉහල යයි, මේ නිසා පණිවුඩ හුවමාරැවට භාධා මෙන්ම පරිපථ දැවී යාමට උවද ඉඩ ඇත.

2012 සූර්යයා උච්ච අවස්ථාවකට එනව නම් එය නවතන්න පුලුවන්ද?
- නොහැක, එය දැනගත් වහා අප සතු උපකරණ ආරක්ෂා කරගැනීමට උත්සාහයක් ගත හැක.

එකිනෙකට ඇති ගුරුත්වාකර්ෂණය නිසා අවකාශයේ රැඳී පවත්නා එක් එක් ග්‍රහ ලෝකවල ගුරුත්වාකර්ෂණයට බාධා කලොත් සියලුම ග්‍රහ ලෝක වලට එය බලපාවි නේද?

- ඔවු නමුත්. විද්‍යුත් චුම්බක තරංග ප්‍රවාහය සහ ගුරුත්වාකර්ෂණය යනු දෙකකි. මෙමඟින් ගුරුත්වාකර්ෂණයට භාධාවක් ඇති නොවෙන බව මගේ අදහසයි.


විනාඩි 45 කට පෙර සූදානම් වන්නේ කුමක් සඳහාද?
- පරිගණක නිවා දමා, සියලු ඉලෙක්ට්‍රොණික පරිපථ නිවා තැබීමෙන් ඒවා ආරක්ෂා කරගත හැකිවනු ඇත.


මේ ගැන දවස් ගනන් කථා කලත් එයින් අපට වන සෙතක් නැත්නම් කථාකිරීමෙන් ඇති ඵලය කුමක්ද?
- සියලුම පරිගණක, දුරකථන, මාර්ඝ වල ආලෝක සංඥ පද්ධති, රේඩියෝ පද්ධති, රෝහල් වල උපකරණ, විදුලි බලය නිපදවන ස්ථාන.......... ආදිය ක්ෂනිකව ලොව වට‍ා අක්‍රීය උවහෝත් මිනිසාට වන විපත ඔබට සිතා ගත හැකිවනු ඇත.

ඩනිෂ්ක ගේ සහ සරත් ගුණතුංග ගේ පැනය‍ට පිලිතුරු

ඩනිෂ්ක ගේ පැනය‍

ලංකාවේ අය මෙම ක්‍ෂේත්‍රයේ සොයාගැනිම් කර තිබේ ද?* නාසා හි සිටන ශ්‍රී ලාංකිකයින් නොව වෙනත් අය.

පිලිතුර

ඔවු, චන්ද්‍රා වික්‍රමසිංහ - ජීවය මිහිපිටට ගෙන ආවේ වල්ගාතරු මගින් බව‍ට අදටත් පර්යේෂණ කරන ඉතා වැදගත් මතයක් ඉදිරිපත් කල ශ්‍රී ලාංකිකයේක් තවද රේ විජේවර්ධණ - ග්‍රහ පද්ධතියක් සොයා ගැනීමට දායක වූ අයෙක් බවට මට මතකයි අපට අමතක තවත් අය සිටිය හැක.

සරත් ගුණතුංග ගේ පැනය‍

සමාවෙන්න, ඔවු කියන්න තියෙන සාධක මොනවාද? මේ දේවල් පිලිබඳව ඇති දැනුම හැර,මානව සංහතියට දැනට වී ඇති යහපත කුමක්ද?සටන් වලට අවශ්‍ය දේවල් නම් බොහොමයක් දැනට තිබෙනවා. ඒවායින් මානව සංහතිය විනාශ මුඛයට ගෙනයනවා මිස වෙන යමක් කල හැකි බවක් පිලිගන්න බැහැ.ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පිරි මේ ලෝකයේ පිට සක්වල ගැන සොයනවාට වඩා ඔය අන්වීක්ෂ තමා තුලටම එල්ල කර ගත හොත් තමා පිළිබඳව අධ්‍යයනය කල හැකි නේද? බුදු රජානන් වහන්සේ අපට දේශනා කලෙත් සසර දුකෙන් ගැලවීමට නොවේද? බුදුන් වහන්සේ වරක් ඇට්ටෙරිය වනයේදී, බිම වැටී තිබූ ඇට්ටේරියා කොල මිටක් අතට ගෙන "මහණෙනි උන්වහන්සේගේ අතේ තිබූ ඇට්ටෙරියා කොල මිට පෙන්වා, මේ වනයේ ඇති කොල ගොඩද, මගේ අතේ ඇති කොල මිටද විශාල වන්නේයැයි විමසුව සේක. භික්ෂූන් වන්සේලා " ස්වාමීනි මේ වනයේ ඇති කොල ගොඩ" යැයි වදාලහ. එවිට උන්වහන්සේ "මගේ ඥාණයත් එසේමය; ඔබට උගන්වා ඇත්තේ මේ සසර එතෙර වීමට අවශ්‍ය දැනුම පමණකි, දැනගැනීමට අවශ්‍ය එපමණකි" යැයි වදාල සේක. (සිම්සපා සූත්‍රය- සංයුක්ත නිකාය 56.31 ) තවත් අවස්ථාවක උන්වහන්සේ පිටසක්වල ඇති ලෝක හා සන්නිවේදනය කල හැකි ක්‍රම පිලිබඳව සාකච්ඡා කර ඇත. කිසිම විටෙක පිට සක්වල පිහිටි ලෝක වල යායුතුය යනුවෙන් සඳහන් කර නැත. බෞද්ධයෙක් හැටියට උන්වහන්සේ ධර්මය මමද පිලිගනිමි.

පිලිතුර

රාෂියක්ම තිබෙනවා වසර කිහිපයකට පෙර සූර්යයාගේ විද්යුත් චුම්භක තරංඟ වල අගය සැලකිය යුතු ලෙස ඉහල ගියා චන්ද්‍රකා, ගුවන් යානා, ආදියට මින් භාධා එල්ල වුනා මේ නාසා දැන් සුර්යයා අප ත්‍රිමාණව නිරීක්ෂණය කරනවා 2012 දී සුර්යයා ගේ උච්ච අවස්ථාවට එලඹීමට නියමිතයි මේ නිසා යම් කරදරයක සේයාවක් දුටුවහොත් විනාඩි 45 ප්‍රථම ඊට සූදානම් වීමට ඉඩ ලැබේවී, ඒ තාක්ෂණයට හා තාරකා විද්‍යාවට පින්සිදු වන්නටයි. මෙවැනි කරුනු දහස් ගනනක් දින ගනනක් පුරා කථා කල හැකි පැණයකි.

මමද බෞද්ධයෙක්මි නමුත් සියල්ලෝම උන්වහන්සේගේ ධර්මය ගැන කථා කරනවා මිස නිසිලෙස පිලිපදින බවක් හෝ අනුගමනය කරන බවක් නෙපෙනේ, මිනිසා කුතුහලය නිසා විවිධ වු සෙ‍ායා ගැනීම් මෙන්ම තරණය කල තැන්ද ඉමහත්ය. බුදුන් වහන්සේද පිටසක්වල ඇති ලෝක හා සන්නිවේදනය කල හැකි ක්‍රම පිලිබඳව සාකච්ඡා කර ඇත්තේද උන්වහන්සේගේ කුතුහලය සහ මිනිසාට ඒ ගැන සොයා බලා කරුනු පැහැදිලි කිරීම අවශ්‍ය බව උන්වහන්සේට හැගුනු නිසා විය යුතුය. විද්‍යාවද කරුනු සෙයමින් කරන්නේද ඊට සමාන කටයුත්තක්මය. එක්දෙයක් මතම හෝ එක් අයකුගේ ඉගැන් වීමක් මතම නෙපිහිටා තමන්ගේ මාවත තමන්ම සකස්කර ගැනීම වඩා යෝග්‍ය බව මගේ ‍ෙපෟද්ගලික මතයයි.

Monday, December 8, 2008

සරත් ගුණතුංග ගේ පැණයෙ පිළිතුර

සරත් ගුණතුංග ගේ පැණය,
තරහ වෙන්න එපා, මේ අදහසක් පමණයි.................ඔය සොයා ගන්නා වූ ග්‍රහයින්ගෙන් මිනිස් ප්‍රජාවට කිසියම් යහපතක් වෙයිද?මේ ලෝකයේ මෙතරම් ප්‍රශ්න තිබියදී නොයෙක් ආම්පන්න සහිතව ඔය ලෝක වලට, කෝටි ගනන් වියදම් කරගෙන යන්නේ යන්නන්ගේ උජාරුව පෙන්නනට නේද?

පිළිතුර
අනිවාර්යයෙන්ම ඔවු, විද්‍යාව වෙනුවෙන් වැය කරන හැම සතයක්ම වටිනවා ඒ වගේම මිනිසාට යහපතක් වන නව සෙයා ගැනීම් රාශියක් මේ වනවිටත් තාරකා විද්‍යාව හරහා මිනිසාට ලැබී තිබෙනවා. සැම දෙයකම අවසානයක්ද තිබෙනව‍ා මේ නිසා අපට යා හැකි තැන්, ඒවා ජය ගැනීම‍ට උත්සාහ කිරීම ඉතාම වැදගත් ඒ වායෙන් කවරදාක හරි මිනිසාට යහපතක් සිද්ද‍වේවි.

පෘථුවියත් තවත් එක් ග්‍රහයෙක් පමණයි විශ්වයෙන් අපට එල්ල විය හැකි අභියෝග බොහොයි, අප ලඟම සිටින සූර්යයාගෙන් එල්ල විය හැකි අභියෝග බොහොයි. අපි විමසිලිමත් නෙවුනහොත් අපේ අනාගතය ද ඩයිනසෝරයන්ගේ මෙන් ක්ෂනිකව මිහි මතින් ඉවත් වී යාහැක.

ශීෂ්‍යයින් තිදෙනෙකු විසින් තවත් ග්‍රහ පද්දතියක් සෙයා ගනී.


නෙදර්ලන්තයේ උපාදිය සඳහා ඉගෙනුම ලබන ශීෂ්‍යයින් තිදෙනෙකු විසින් බ්‍රහස්පතිමෙන් පස් ගුණයක් පමන විශාල ග්‍රහයකු සෙයා ගනී.

තවත් වැඩිදුර විස්තර
http://www.astronomy.com/asy/default.aspx?c=a&id=7711

Thursday, December 4, 2008

ආලෝක දූෂණය!

නගරවල ආලෝක දූෂණය ඊතාමත් ඉහලයි. අද කොලඹ නගරයේදී පැහැදිලි අහසක් දැකිය නොහැකි තරම්ය. මෙම ජායා රෑප‍ය ඇමරික‍ාවේ ලෝස් ඇන්ජලීස් නගරයේ දර්ෂණයක්.