Wednesday, December 10, 2008

සරත් ගුණතුංග ගේ පැනය‍ට පිලිතුරු

පැනය‍
අපි මාතෘකාවෙන් පිට පැන ඇති බවක් හැඟෙයි. මම නැඟූ ප්‍රශ්නය තවම ඒ අන්දමටම පිළිතුරක් නොමැතිව පවතී. මම දන්නා ආකාරයට මම එය ඔබට පැහැදිලි කරන්නම්.".................ඔය සොයා ගන්නා වූ ග්‍රහයින්ගෙන් මිනිස් ප්‍රජාවට කිසියම් යහපතක් වෙයිද?මේ ලෝකයේ මෙතරම් ප්‍රශ්න තිබියදී නොයෙක් ආම්පන්න සහිතව ඔය ලෝක වලට, කෝටි ගනන් වියදම් කරගෙන යන්නේ යන්නන්ගේ උජාරුව පෙන්නනට නේද?"(ප්‍රශ්නය මෙසේය................)

පිලිතුර
සොයාගන්නා ග්‍රහයා අනුව අපට යම් දෙයක් ලැබෙයිද නැද්ද යන්න තීරණය වෙයි, ග්‍රහයකු වෙත යාම ඊතාම අසීරු කාර්යකි. එවන් ජයක් ලැබීමේදි ඊට ප්‍රථම ජයගත යුතු කුඩා කඩයිම් බොහොයි, එහිදී අතුරු නිර්මාණ ලෙස මිනිසාට ලැබී ඇති දෑ බෙහොයි. අසීරු ඉලක්කයන් ජය ගැනීමට හෝ උත්සාහ කිරීමට අප සියලු දෙනා කැමතිය. බලවත් රට වල්ද ග්‍රහයින් තරණය වන් අසීරු කටයුතු වලට තරඟ කාරීව දායක වී සිටියි. මගේ හැඟීම නම් එය ඉතා හොඳ දෙයක් බවයි, මන්ද ඉන් අපට වඩා ඉක්මනින් සාර්ථක ‍සෝයා ගැනීම් රාෂියකට එමඟින් ඉඩ ලැබෙන නිසාය.

6 comments:

සරත් ගුණතුංග said...

මෙලොව මෙතරම් නොවිසඳුණු ප්‍රශ්න තිබියදී, අහිංසක දසදහස් ගනන් දුප්පත් ජනයා කුසගින්නේ මිය යද්දී, ස්වාභාවික ව්‍යසනයන් සඳහා කටයුතු දෑ දහසක් තිබෙද්දී, විද්‍යාවේ නාමයෙන් කෝටි බිලියන ගණන් වැයකොට තමාගේම ආත්මාර්ථකාමී මුග්ධ අදහස් මුදුන් පමුණුවා ගැනීමට දඟලන විද්‍යාඥයා මානසික රෝගියෙකි, සමාජ පිළිලයකි.

Anonymous said...

Space science gave lot of benefits for human kind.Lot of day to day goods invent and improve because of the technology improvements used for space science. Also Now as humans we are in good positions to avoid /minimize damages from natural disasters because of the space science.

Kosala Atapattu said...

ඔබගෙ මතය මෙය නම්, ඔබ භාවිත කරන පරිඝණකයද එවැනි මානසික රොගියෙකුගෙ නිර්මානයක්... බොහෝමයක් අභ්‍යවකාෂ ව්‍යපෘති වානිජ පසුබිමකින් සහිතයි. අපිට මැතදී අසන්නට ලැබුනු ඉංදියන් චන්ද්‍ර යානයත් එවන් එක් ව්‍යපෘතියක්. ඔබ එහි ඇති උපකරන දෙස බැලුවොත්, එය චන්ද්‍රයාගෙ වානිජමය වටිනාකමක් ඇති ඛනිජ සෙවීමට දරන උත්සාහයක්. ඇතැම් විට ඉංදියාව ඛනිජ තෙල් අර්බුදයකට මුහුනදීමට සැරසෙනවා විය හැකිය.

මම දකින විදිහට, අනෙක් අභ්‍යවකාෂ ව්‍යපෘති මිනිසාගෙ කුතුහලයෙන් ඉපදෙන්නක්. අනාගතයේදි යම් දිනක මෙම ග්‍රහලෝකවලට යැම අත්‍යවෂ්‍ය කාර්‍යයක් වෙන්නට පුලුවන්. ලෝක ජනගහන වර්ඩනයත් සමග යම් දිනකදී අප පෘතිවිය මිනිස් වාසයට ඉඩ මදි වීමට හැකියාවක් තිබෙනවා...

සරත් ගුණතුංග said...

කෝසල මහත්මයා, සමාවෙන්න මම සඳහන් කර ඇත්තේ අජටාකාශ ගමන ගැන මිස පරිගණකයක් ගැන නොවේ. පරිගණකයක් ගැන මහත්මයා කොහෙන් ඇදල ගත්තද මමදන්නෙ නැහැ.
ඉන්දියාවෙ කොපමණ ප්‍රශ්න තියෙනවද? ඒවට අතේ තියෙන මුදල් වියදම් කරන්නෙ නැතිව වෙන දේවල් වලට මුදල් නාස්ති කරන්නාට මම නම් කියන්නෙ ආත්මාර්ථකාමී පිස්සෙක් කියල.

Tyronne said...

ඇත්තටම මාත් බොහොම කැමැත්තෙන් ඉන්නේ සරත් ගුණතුංග විසින් අසන ලද ප්‍රශ්ණයට නිසි පිලිතුර ලැබෙන තුරු. (මන්ද, මෙය මටත් මෙතෙක් පිළිතුරු නොලද ප්‍රශ්ණයක් වීමයි)

[snip]
"ඔය සොයා ගන්නා වූ ග්‍රහයින්ගෙන් මිනිස් ප්‍රජාවට කිසියම් යහපතක් වෙයිද?"
[/snip]

ඔබ තුමන් විසින් සරත් ගුණතුංගගේ පැණයට පිළිතුරු ලෙස සටහන් කිහිපයක් නිකුත් කලද ඉන් එකකින්වත් අසන ලද ප්‍රශ්ණයට නිසි පිළිතුරක් ලබාදීමට තරම් නිහතමානී නොවී තිබෙන බවයි මගේ හැඟීම.

ඔබ විසින් නිසි පිළිතුරක් ලබාදීම වෙනුවට "යන්නේ කොහෙද මල්ලෙ පොල්" මාදිලියේ පිළිතුරු සහ ප්‍රශ්ණයට පිළිතුරක් වෙනුවට තවත් ප්‍රශ්ණයක් අසමින් මඟ හැරී බවක් තමයි මට හැඟී යන්නේ.

මෙම ප්‍රශ්ණය නැවතත් අවධාරනය කර මෙසේ අසන්නේ ඔබව අමාරුවේ දැමීමට නොව මීට නිසි පිළිතුරක් නොලැබි හෙයින් දැනගැනීම සඳහා වන කැමැත්ත නිසා බැව්ද සලකන්න.

මීට තවත් එක් ප්‍රශ්ණයක් එකතු කරන්න කැමතියි:
1.[snip]
"ඔය සොයා ගන්නා වූ ග්‍රහයින්ගෙන් මිනිස් ප්‍රජාවට කිසියම් යහපතක් වෙයිද?"
[/snip]

2. අඟහරු ග්‍රහයා ගැන මේ දිනවල පරීක්‍ෂණ පැවැත්වෙනවා.. එහි ජීවය/ජලය තිබේද යන වග..
2.1. මෙම සොයා ගැනීමෙන් තිබෙන වැදගත් කම සහ එමඟින් මානව වර්ගයාගේ අභිවෘද්ධිය සඳහා හේතු සාධක වන කරුනු..
2.2. ග්‍රහලෝක වෙත විවිධ අගටාකාශ යානා මෙතෙක් යැවීමෙන් ලද ප්‍රතිලාභ

3. සඳ තරනය කිරීමෙන් ( සඳ මත පා තැබීමෙන් ) ලැබූ ප්‍රතිලාබ

සිඩ්නි පෙරේරා said...

රසත් සහ රිටෝන් හණමිටි විකුණමින් සිටියි. මොවුන් දෙදෙනා ඉදිරියට නාචක පැමිණේ.

රසත් - ආ නාචක කොහෙද යන්නෙ?
නාචක - මන් මේ පොල්ගහවෙලට යනවා
රිටෝන් - ‍මොනවා මල්ලෙ පොල්!