Tuesday, August 11, 2009

පර්සියස් උල්කාපාත වර්ෂාව අගෝස්තු 11-13 දක්වා





මේ දිනවල පෝය පසුවී දින කිහිපයක් වුවද 12 වෙනි දින අලුයම 3.00 – 5.00 ත් අතර පැහැදිලි අහසකදී පැයකට උල්කාපාත 80 පමන ඔබට දැකගත හැකි වනු ඇත. ඔබට පර්සියස් ත‍ාරකා රාශිය ‍සොයා ග‍ැනීමට අසීරු නම් මීට ඉහත මා නිර්මාණය කර පල කල තරු සිතියම ප්‍රයෝජනයට ගන්න (http://mageahasa.blogspot.com/2009/07/blog-post_23.html )

ඔබට පර්සියස් උල්කාපාත වර්ෂාව ගැන වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත වෙබ් පිටු වෙත යොමු වන්න.
http://www.ahasa.net/index.php?option=com_content&view=article&id=69:2009-&catid=31:top-stories&Itemid=46
http://news.nationalgeographic.com/news/2009/08/090810-perseid-meteor-shower.html
http://www.skyandtelescope.com/observing/highlights/36787804.html
http://www.earthsky.org/article/earthskys-meteor-shower-guide

Thursday, August 6, 2009

වසර 10 කින් සැතපුම් බිලියන 3 ක දුරක් ගමන් කරන නිවු හෝරයිසන් යානය ප්ලුටෝ වටා තවත් කුඩා චන්ද්‍රයින් දෙදෙනෙකු පිහිටා ඇති බව සනාථ කරයි!.



2006 ජනවාරි 19 දින පෘථිවියෙන් ප්ලුටෝ බලා යෑමට ගමන් ඇරඹූ නිවු හෝරයිසන් යානය මේ වන විට සෙනසුරු ග්‍රහයාගේ කක්ෂයද පසුකරමින් සිටියි. 2005 හබල් දුරේක්ෂය මගින් කල මෙම සෝයා ගැනීම මේ වනවිට නැවත වරක් නිවු හෝරයිසන් යානය මගින්ද සනාථ කොට ඇත. නිවු හෝරයිසන් යානය 2015 ජූලි 14 දින ප්ලුටෝ වෙත යැමට නියමිතය.

තවත් වැඩිදුර විස්තර
http://en.wikipedia.org/wiki/New_Horizons
http://www.nasa.gov/mission_pages/newhorizons/main/index.html

Tuesday, August 4, 2009

මෙම ජායා රෑපයේ මණ්දාකිණි කෙ‍ාපමන ඔබට පෙනෙනවාද?

හබල් අභ්‍යායකාශ දුරේක්ෂය මගින් ගනු ලැබු මෙම ජායා රෑපය විවිධ හැඩයේන් විවිධ ප්‍රමාණයේ මණ්දාකිණි 10,000 පමන ඇත. අප ජීවත් වන ක්ෂිරපථ මණ්දාකිණියේ තාරුකා බිලියන 100 – 300 අතර ප්‍රමාණයක් පවතී.

Friday, July 31, 2009

පොලව රැක ගැනීම උදෙසා නාසා ආයතනයෙන් නව වෙබ් අඩවියක්



සූර්යයා කේන්ද්‍ර කරගනිම්න් අපව පසු කරමින් විශ්වයේ සැරිසරණ ග්‍රහක දහස් ගනනක් වෙයි ඒවායේන් අප පොලවට හානියක් නැතැයි අපට සිතීමට කිසිදු ඉඩක් නැත. ඉතිහාසය පුරා වරින් වර පොලව හා ග්‍රහක ගැටුණු අවස්ථා එමටය. මේ නිසා අහස නිරීක්ෂණයට සක්‍රියව දායක වන සියලු දෙනාට වඩා නිවැරදි දත්ත ලබා දෙමින් පොලව ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා දායක කර ගැනීමට නව වෙබ් අඩවියක් ස්ථාපනය කර ඇත.

ලංකාවේද මෙවැනි විශ්වයේ සැරිසරණ ග්‍රහක නිරික්ෂණයට දුරේක්ෂයක් සවිකර තිබුනද ඊන් මේ දක්වා නිරීක්ෂණය කල ග්‍රහකයක් ගැන අසන්නටවත් නැත.

වෙබ් අඩවියේ ලිපිණය -

http://www.jpl.nasa.gov/asteroidwatch/

Wednesday, July 29, 2009

NGC1097 නම් ලද මේ අලංකාර සර්පිලාකාර මණ්දාකිණිය

අපට ආලෝක වර්ෂ මිලියන 50 පමන ඈතින් ෆෝර්නෙක්ස් තාරකා රාශිය පසුබිමින් පිහිටා ඇත. මෙහි මද්‍යයේ විශාල සුපිරි කලු කුහරයක් ඇති බව‍ට විශ්වාස කෙරේ. තරු සිතියමක් හා ප්‍රිස්මදෙනෙතියක් උපයෝගී කරගෙන තාරකා රාශිවල පිහිටි මෙවැනි ගැබුරු ආකාශ වස්තූන් ගේ පිහිටීම ඔබටද නිරීක්ෂණය කල හැක

Monday, July 27, 2009

බ්‍රහස්පති සමග ගැටීම හබල් අභ්‍යාටකාෂ දුරේක්ෂයේ ඇසින්



හබල් අභ්‍යාටකාෂ දුරේක්ෂය අලුත් කිරීමෙන් අනතුරුව තවමත් එහි ක්‍රියාකාරීත්වය පිලිබඳව පර්යේෂණ 100% අවසන්ව නැතත් එම පරීක්ෂණ මදකට පමා කොට හබල් අභ්‍යාටකාෂ දුරේක්ෂය නින්දෙන් අවදි කර බ්‍රහස්පති සමග ගැටුනු යම් දෙයක් නිසා හටගත් කලු පැහැ පැල්ලම නිරීක්ෂණයට කටයුතු යෙදිනි. ඒ විරල අවස්ථාව හබල් අභ්‍යාටකාෂ දුරේක්ෂය සටහන් කරගත්තේ මේ ආකාරයටය.

Friday, July 24, 2009

පසුගියදා බ්‍රහස්පති මතට කඩා වැටෙන්න‍ට ඇත්තේ කුමක් විය හැකිද?























ඔස්ට්‍රේලියානු ජාතික තාරකා නිරීක්ශකයකු වන ඇන්තනි වෙස්ලි පසුගිය ජූලි 17-19 දිනවලදී බ්‍රහස්පති මත පෙර නොවු ලපයක් නිරීක්ෂණය කලේය එය 1994 වසරේ බ්‍රහස්පති මතට කඩා වැටුනු ෂුමේකර් ලෙවී 9 වල්ගාතරුව බ්‍රහස්පති සමග ගැටුනු අවස්ථාවේ අප නිරීක්ෂණය කල ලප වලට බෙහෙවින් සමානය.

මේ පුවත සැලවීමත් සමග ලොව පුරා දුරේක්ෂ බ්‍රහස්පති වෙතට යොමුවිය. මෙහි විශේෂත්වයන් දෙකකි එකක් නම් මෙම වස්තුව කුමක් වුවද අපට එ ගැන කිසිම තෝරතුරක් කලින් හසු නොවීම සහ ඊතාම කෙටි කාලයක් දර්ෂණය වන මෙවැනි ලපයක් අධ්‍යයනයට නැවත වරක් අවස්ථාව ලබා දෙමින් එය ඇන්තනි වෙස්ලිගේ නෙතට හසුවීමය.






Thursday, July 23, 2009

රාත්‍රී අහස නිරීක්ෂණය කරන්නට මෙන්න ඔබට සිංහල තරු සිතියමක්


මේ දිනවල රාත්‍රී අහස පැහැදිලියි, තරු සිතියමක් අරගෙන රාත්‍රී අහස නිරීක්ෂණය ඇරඹුවහොත් ඹ්නම ආධුනිකයකුට තරු රාශි කිහිපයක් ලේසියෙන්ම හදුනාගත හැකියි. මගේ උපදෙස ආධුනිකයකුට නම් මේ දිනවල රාත්‍රී 8.00 ට පමන ඹරයන් තාරකා රාශිය බටහිර අහසෙහි පහසුවෙන්ම හදුනාගන්න පුලුවනි, එතැන් සිට ඒ වටා ඇති තාරකාවන් සහ තාරකා රාශි ඹබට එකින් එක හදුනා ගැනීමට හැකිවනු ඇත. යම් කිසිවක් ඹබට මගෙන් දැනගැනීමට අවශ්‍යනම් මෙහි සටහනක් තබන්න.

මෙම තාරකා සිතියම 2003 වසරේ අප පිහිටවු ආධුණික තාරකා විද්‍යා ඇකඩමියෙහි ප්‍රථම තාරකා විද්‍යා පාසැල සඳහා මම සකස් කල තාරකා විද්‍යා සිතියමක්. ඔබ සියලු දෙනා මෙයින් යම් අලුත් දෙයක් ඉගෙන ගනු ඇතැයි මම බලාපොරෝත්තු වෙමි.

Wednesday, July 22, 2009

අර්ධ සූර්ය ග්‍රහණය නිරීක්ෂණය කලෙමි.








උදෑසනින්ම අවදි වු මම ඔබ සියලු දෙන‍ාගේ ආශ්වාදය පිනිස ජායාරෑප කිහිපයක් ගැනීමේ අරමුනින් දුරේක්ෂයද කැමරා උපකරනද රැගෙන 5.30 ට පමන මා ජීවත් වන හොරණ කනන්විල ප්‍රදේෂයේ සැරිසැරුවෙමි. ඉර උදාවත් සමග අර්ධ සූර්ය ග්‍රහණය ආරම්භවී තිබීම නිසා ජායාරැප ගැනීම සඳහා තිබුනේ ඉතාම ස්වල්ප කාලයකි.
මෙම ජායාරෑප ගැනීම සඳහා ඊතාම සුදුසු මනස්කාන්ත වෙල්යායක් තෝරගත්තද ඊතාම ඝන කලු වලා පටලයකින් නැගෙනහිර ක්ෂිතිජය වැසී තිබිනි. නමුත් වරින් වර අර්ධ සූර්ය ග්‍රහණය නිරීක්ෂණය කිරීමට මට අවස්තාව උදා උනද එය ජායාරෑප ගැනීමට තරම් ප්‍රමානවත් නොවීය. ඒ අවස්තාව මගේ ජංගම දුරකථනයේ කැමරාව සටහන් කරගත්තේ මෙසේය.