Monday, December 8, 2008

සරත් ගුණතුංග ගේ පැණයෙ පිළිතුර

සරත් ගුණතුංග ගේ පැණය,
තරහ වෙන්න එපා, මේ අදහසක් පමණයි.................ඔය සොයා ගන්නා වූ ග්‍රහයින්ගෙන් මිනිස් ප්‍රජාවට කිසියම් යහපතක් වෙයිද?මේ ලෝකයේ මෙතරම් ප්‍රශ්න තිබියදී නොයෙක් ආම්පන්න සහිතව ඔය ලෝක වලට, කෝටි ගනන් වියදම් කරගෙන යන්නේ යන්නන්ගේ උජාරුව පෙන්නනට නේද?

පිළිතුර
අනිවාර්යයෙන්ම ඔවු, විද්‍යාව වෙනුවෙන් වැය කරන හැම සතයක්ම වටිනවා ඒ වගේම මිනිසාට යහපතක් වන නව සෙයා ගැනීම් රාශියක් මේ වනවිටත් තාරකා විද්‍යාව හරහා මිනිසාට ලැබී තිබෙනවා. සැම දෙයකම අවසානයක්ද තිබෙනව‍ා මේ නිසා අපට යා හැකි තැන්, ඒවා ජය ගැනීම‍ට උත්සාහ කිරීම ඉතාම වැදගත් ඒ වායෙන් කවරදාක හරි මිනිසාට යහපතක් සිද්ද‍වේවි.

පෘථුවියත් තවත් එක් ග්‍රහයෙක් පමණයි විශ්වයෙන් අපට එල්ල විය හැකි අභියෝග බොහොයි, අප ලඟම සිටින සූර්යයාගෙන් එල්ල විය හැකි අභියෝග බොහොයි. අපි විමසිලිමත් නෙවුනහොත් අපේ අනාගතය ද ඩයිනසෝරයන්ගේ මෙන් ක්ෂනිකව මිහි මතින් ඉවත් වී යාහැක.

2 comments:

සරත් ගුණතුංග said...

සමාවෙන්න, ඔවු කියන්න තියෙන සාධක මොනවාද? මේ දේවල් පිලිබඳව ඇති දැනුම හැර,මානව සංහතියට දැනට වී ඇති යහපත කුමක්ද?
සටන් වලට අවශ්‍ය දේවල් නම් බොහොමයක් දැනට තිබෙනවා. ඒවායින් මානව සංහතිය විනාශ මුඛයට ගෙනයනවා මිස වෙන යමක් කල හැකි බවක් පිලිගන්න බැහැ.

ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පිරි මේ ලෝකයේ පිට සක්වල ගැන සොයනවාට වඩා ඔය අන්වීක්ෂ තමා තුලටම එල්ල කර ගත හොත් තමා පිළිබඳව අධ්‍යයනය කල හැකි නේද? බුදු රජානන් වහන්සේ අපට දේශනා කලෙත් සසර දුකෙන් ගැලවීමට නොවේද?

බුදුන් වහන්සේ වරක් ඇට්ටෙරිය වනයේදී, බිම වැටී තිබූ ඇට්ටේරියා කොල මිටක් අතට ගෙන "මහණෙනි උන්වහන්සේගේ අතේ තිබූ ඇට්ටෙරියා කොල මිට පෙන්වා, මේ වනයේ ඇති කොල ගොඩද, මගේ අතේ ඇති කොල මිටද විශාල වන්නේයැයි විමසුව සේක. භික්ෂූන් වන්සේලා " ස්වාමීනි මේ වනයේ ඇති කොල ගොඩ" යැයි වදාලහ. එවිට උන්වහන්සේ "මගේ ඥාණයත් එසේමය; ඔබට උගන්වා ඇත්තේ මේ සසර එතෙර වීමට අවශ්‍ය දැනුම පමණකි, දැනගැනීමට අවශ්‍ය එපමණකි" යැයි වදාල සේක. (සිම්සපා සූත්‍රය- සංයුක්ත නිකාය 56.31 ) තවත් අවස්ථාවක උන්වහන්සේ පිටසක්වල ඇති ලෝක හා සන්නිවේදනය කල හැකි ක්‍රම පිලිබඳව සාකච්ඡා කර ඇත. කිසිම විටෙක පිට සක්වල පිහිටි ලෝක වල යායුතුය යනුවෙන් සඳහන් කර නැත. බෞද්ධයෙක් හැටියට උන්වහන්සේ ධර්මය මමද පිලිගනිමි.

සරත් ගුණතුංග said...

I have given a reply in the newer blog