Tuesday, December 9, 2008

සරත් ගුණතුංග ගේ පැනය‍ට පිලිතුරු

සූර්යයාගේ විද්‍යුත් චුම්බක තරංග මීට කලින් ඉහල ගියේ නැද්ද?

- පසුගිය වසර බිලියන 4.5 පුරාවටම එය ඉහල පහල යන්නට ඇත, එය සෑම වසර 11 කටම වරක් ඉහල අවස්ථාවට පැමිනේ.

නොගියා බව දන්නෙ කොහොමද?
- අද තරම් විද්‍යුත් චුම්බක තරංග මගින් හානි වියහැකි ඉලෙක්ට්‍රොණික පරිපථ ආදි උපකරණ අතීතයේ භාවිතා නෙවුනු නිසා සූර්ය සුලඟ වැඩිවුවද එය මිනිසාට තදින් දැනෙන්නට නොමැත. නමුත් අද තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.

අහස් යානා වලට වුන බාධක මොනවද?
- අහස් යානා පොලව හා සම්බන්ධ වන්නේ රේඩියෝ තරංඟ හරහාය මේ නිසා විද්‍යුත් චුම්බක තරංග ප්‍රමාණය ඉහල අයන ගෝලයට දරාගත නෙහැකි තරම් වු විට ඒවා පෙලව වෙත පැමිනීම ඉහල යයි, මේ නිසා පණිවුඩ හුවමාරැවට භාධා මෙන්ම පරිපථ දැවී යාමට උවද ඉඩ ඇත.

2012 සූර්යයා උච්ච අවස්ථාවකට එනව නම් එය නවතන්න පුලුවන්ද?
- නොහැක, එය දැනගත් වහා අප සතු උපකරණ ආරක්ෂා කරගැනීමට උත්සාහයක් ගත හැක.

එකිනෙකට ඇති ගුරුත්වාකර්ෂණය නිසා අවකාශයේ රැඳී පවත්නා එක් එක් ග්‍රහ ලෝකවල ගුරුත්වාකර්ෂණයට බාධා කලොත් සියලුම ග්‍රහ ලෝක වලට එය බලපාවි නේද?

- ඔවු නමුත්. විද්‍යුත් චුම්බක තරංග ප්‍රවාහය සහ ගුරුත්වාකර්ෂණය යනු දෙකකි. මෙමඟින් ගුරුත්වාකර්ෂණයට භාධාවක් ඇති නොවෙන බව මගේ අදහසයි.


විනාඩි 45 කට පෙර සූදානම් වන්නේ කුමක් සඳහාද?
- පරිගණක නිවා දමා, සියලු ඉලෙක්ට්‍රොණික පරිපථ නිවා තැබීමෙන් ඒවා ආරක්ෂා කරගත හැකිවනු ඇත.


මේ ගැන දවස් ගනන් කථා කලත් එයින් අපට වන සෙතක් නැත්නම් කථාකිරීමෙන් ඇති ඵලය කුමක්ද?
- සියලුම පරිගණක, දුරකථන, මාර්ඝ වල ආලෝක සංඥ පද්ධති, රේඩියෝ පද්ධති, රෝහල් වල උපකරණ, විදුලි බලය නිපදවන ස්ථාන.......... ආදිය ක්ෂනිකව ලොව වට‍ා අක්‍රීය උවහෝත් මිනිසාට වන විපත ඔබට සිතා ගත හැකිවනු ඇත.

5 comments:

සරත් ගුණතුංග said...

මේ ගැන මා දනුවත් කලාට ඔබට බොහොම ස්තුතියි.
මේ වගේම මේ සහශ්‍රය ලබන අවස්ථාවේදිත් විද්‍යාඥයින් අනාවැකි පහල කලා නේද?

නමුත් කිසිම දෙයක් සිදුවූයේ නැහැ නේද?

එවන් අවිනිශ්චිත පරිසරයක ජීවත් මන අපි කුමක් විශ්වාස කරම්ද?

සරත් ගුණතුංග said...

අපි මාතෘකාවෙන් පිට පැන ඇති බවක් හැඟෙයි. මම නැඟූ ප්‍රශ්නය තවම ඒ අන්දමටම පිළිතුරක් නොමැතිව පවතී. මම දන්නා ආකාරයට මම එය ඔබට පැහැදිලි කරන්නම්.
".................ඔය සොයා ගන්නා වූ ග්‍රහයින්ගෙන් මිනිස් ප්‍රජාවට කිසියම් යහපතක් වෙයිද?මේ ලෝකයේ මෙතරම් ප්‍රශ්න තිබියදී නොයෙක් ආම්පන්න සහිතව ඔය ලෝක වලට, කෝටි ගනන් වියදම් කරගෙන යන්නේ යන්නන්ගේ උජාරුව පෙන්නනට නේද?"
(ප්‍රශ්නය මෙසේය................)

ලෝකයේ සිටි විද්‍යාඥයින් අතුරෙන් ජර්මානු යුදෙව්වන් ඉතාමත්ම දක්ෂ අය වූහ. හිට්ලර්ගේ යුදෙව් සංහාරයෙන් පසු (1939 - 1945) යුදෙව් උගතුන් ස්වල්ප දෙනෙක් ඉතිරි වූහ. හිට්ලර් පරාද කොට ප්‍රථමයෙන් බර්ලින් නගරයට කඩා පැන්නේ රුසියන් වරුය. රුසියන් වරු ජර්මනියේ ඉතිරිව තිබූ වස්තුව කොල්ල කෑහ. විද්‍යාඥයින් පැහැර ගෙන ගියහ. ඊළඟට පැමිණියේ ඇමෙරිකානුවෝය. ඉතිරි විද්‍යාඥයෝ ඔවුන් පැහැර ගෙන ගියහ. එකල රුසියන්වරු තදබල කොමියුනිස්ට්වරුය. හොර රහසේම රොකැට්ටුවක් නිපදවා 1957 ඔක්තොබර් මස මුලදී එය අජටාකාශ ගත කලහ. ඔක්තෝබර් 4 වැනි දින ලංකා ගුවන් විදුලියෙන් ඒ අජටාකාශ යානාවෙන් නිකුත් වූ පීප්, පීප් යන ශබ්දය විකාශනය කෙරිනි. ඒ හඬට ආනන්ද විද්‍යාලයේ ශිෂ්යයෙක් හැටියට මමද සවන් දුන්නෙමි. මෙයින් ලෝක බලවතුන් දෙදෙනෙක් අතර තරඟයක් හටගත්තේය. ඇමෙරිකාව නිපදවූ අජටාකාශ කිහිපයක් පෘථිවියේ වායුගෝලය තුලදීම දැවී ගියේය. රුසියාවේ දෙවන අජටාකාශ යානය ලයිකා නමැති බැල්ලියක් සමග ගුවන් ගත විය. ඒ බැල්ලියට අවසන් කෑම වේලට වස මිශ්‍ර කර ඇය මරා දමන ලදී. ඇමෙරිකාව ඒ අවස්ථාවේදී බැල්ල මරා දැමීම ගැන තදින් දොස් කීවේය. ඒ බැල්ලට ආදරේ නිසා නොව ඔවුන් අතර ඇති තරඟය නිසාය. ඔය පසුබිම මම හොඳින් දන්නා නිසා තමයි මගේ ප්‍රකාශය කලේ. ඉන්පසු චන්ද්‍රිකා ආදී නොයෙක් ලොවට කී නොකී දේවල් රටවල් දෙකෙන්ම අජටාකාශ ගත කොට ඇත. ඉතා ස්වල්ප වශයෙන් යැවුනු සන්නිවේදන චන්ද්‍රිකා හැරුනු විට බොහෝ චන්ද්‍රිකා යුද උපකරණ මෙහෙයවන අති රහසිගත දේවල්ය. එයින් මිනිස් සංහාරයක් මිස යහපතක් බලාපොරොත්තු විය නොහැකිය. මේ ලෝක බලවතුන් එකිනෙකා විශ්වාස නොකරති. ඔවුන් එකිනෙකාට බයය. ඒ බය නිසා නොයෙක් විනාශ කාරී උපකරණ අටවා ගෙන මර බියෙන් ජීවත් වෙති. ඔවුන්ට සතුරන් වැඩිය. 9/11 අවස්ථාවේදී බුෂ් මහත්මයා තුෂ්ණීම්භූතව බොහෝ වේලාවක් සිටිබව ඔවුන්ගේම රූපවාහිනිය පවසයි. ඒ ඔවුන්ගේම බූමරංගය ඔවුන්ටම කරකැවී ආ නිසාය.

එමනිසා ඔවුන්ගේ අජටාකාශ තරණයන් ඔවුන්ගේම උජාරුවට මිස අපට හාල් ගේන්න නොවේය. (හාල් ගේන කථාව - සිරිමාවෝ බන්ඩාරනායක මැතිණියගේ ප්‍රකාශයක්1970 මැතිවරණය - අපි හඳෙන් හරි හාල් ගේනව!)

සරත් ගුණතුංග said...

For me it is 10th December 12.50 am.
I had a hectic day.

I am going to sleep

Anonymous said...

මම මේ කියන්නෙ ව්ශ්වය ගැන හොයන එක හොදයි.ඔහොම හොයද්දී නිකන් හරි බුදු‍ කොනෙකුත් ඉන්න අපේ වගේම ග්‍රහලෝකයක් හම්බවුනා.මොකද කියන්නෙ...
අපිට නිවන් යන්න මාර්ගය දෙසන්න බුදුහාමුදුරැවෝ කෙනෙක් නැති නිසා එම ලෝකයෙන් හරි බැරිය උදව් ගන්න.........

Anonymous said...

කලින් අදහස් දක්වපු කෙනා බුද්ධාගම දැනගෙන නෙවෙයි ඒක කියලා තියෙන්නේ. බුදු කෙනෙකුන් ගේ පහළ වීම ගැන සරත් ගුණතුංග මහතා අපිට කියලා දුන්නොත් හොඳයි