Thursday, December 11, 2008

Tyronne ගේ පැනය‍ට පිලිතුරු

1. "ඔය සොයා ගන්නා වූ ග්‍රහයින්ගෙන් මිනිස් ප්‍රජාවට කිසියම් යහපතක් වෙයිද?"- අනිවාර්යයෙන්ම ඔවු, විශ්වය ගැන සෙවීම තුලින් මිනිසා ඉගෙනගත් දේ බොහොමයි.

2. අඟහරු ග්‍රහයා ගැන මේ දිනවල පරීක්‍ෂණ පැවැත්වෙනවා.. එහි ජීවය/ජලය තිබේද යන වග..
- එහි ජීවයක් ඇති බවට නම් තවම සොයාගෙන නෑ, ඝණ ජලය ද්‍රව ප්‍රදේෂ වල සහ ආවාට පතුල් වල ඇති බවට පැහැදිලිවම කිව හැකියි.


2.1. මෙම සොයා ගැනීමෙන් තිබෙන වැදගත් කම සහ එමඟින් මානව වර්ගයාගේ අභිවෘද්ධිය සඳහා හේතු සාධක වන කරුනු..
- මනිස‍ා සඳ ජය ගත්තේය, එනිසා ඊට නැවත වරක් ඉගෙන ගතයුතු නැත. අපට අඟහරු ජය ගැනීය ඊට වඩ‍ා සියගුනයකින් අසීරු කරුනකි, නමුත් අප එයද ජය ගත යුතුමය යම්කිසි දිනෙක වල්ගාතරැවක් හෝ විශාල උල්කාවක් පෙලව හා ගැටීමට ඇති හැකියාව ඉතා ඉහලය. මීට ප්‍රථමද එසේ සිදුවී ඇත විශ්වයේ ආශ්චර්යක් වන ජීවය අපට රැක ගැනීමට මෙම සූදානම ඊතාම වැදගත්ය.

2.2. ග්‍රහලෝක වෙත විවිධ අජටාකාශ යානා මෙතෙක් යැවීමෙන් ලද ප්‍රතිලාභ
- අපේ කුතුහලයට ඉන් පිලිතුරු රාෂියක් ලැබී ඇත. අපේ බුද්ධිය ‍මේ නිසා වඩා පුලුල් වී ඇත. මෙම අජටාකාශ ගමන් සඳහා නිපදවු බෙහෝ උපකරණ වෛද්‍ය විද්‍යාවට අද කෙලින්ම සම්බන්ද වෙමින් මිහිමත ජීවය පවත්වාගෙන යෑමට මහඟු දායකත්වයක් දක්වයි.

3. සඳ තරනය කිරීමෙන් (සඳ මත පා තැබීමෙන්) ලැබූ ප්‍රතිලාබ
- සඳට හෝ වෙනත් ග්‍රහයකු ජය ගැනී‍මේදි අප විසින් මුහුන දිය යුතු සියලූම ප්‍රශ්ණ අප සඳ ජය ගැනීම මගින් උගත්තෙමු. එනිසා සඳ මත තත්වය සහ එහි පාෂාන මෙන්ම එහි ජීවයකට පැවතීමට ඇති භාදාවන්ද මේ නිසා උගත්තෙමු මේ ආකාරයේ අසිරු පිම්මක් පැනීම මඟින් මිනිසාය වු යහපත ප්‍රථම වරට සඳ මතුපිටට පා තැබු නිල් ආම්ස්ට්‍රෝන් ගේ ප්‍රකාශයේන්ම පැහැදිලිය.
“That's one small step for (a) man, one giant leap for mankind.”

12 comments:

සරත් ගුණතුංග said...

වෛද්‍ය විද්‍යාවට සිදුවූ යහපතක් නැත.
වෛද්‍ය විද්‍යාවට සිදුවූ යහපතක් නැත.
සත්තකින්ම නැත.
මම වෛද්‍යවරයෙක් නිසා මම ඒ බව හොඳාකාරව දනිමි.

හඳෙන් ගල් කිලෝ ග්‍රෑම් 200 ගනණක් පෘථුවියට රැගෙන ඒම ජයගැනීමක් නොවේ.

ඊට වියදම් වූ මුදල් සලකා බලන විට ගල් කිලෝගෑම් එක ක් මිල කල නොහැකි තරම්ය. එවැනි ගල් ප්‍රථිවියේ ඕනෑ තරම් ඇත. ඒ බව NASA ප්‍රකාශ කොට ඇත. ඒ ගමනින් සිදු වූයේ මුදල් විනාශය පමණය.
ඒ මුදලින් අප්‍රිකාවේ සාගින්නේ මිය යන ලක්ෂ සංඛ්‍යාත ජනකායකට සංඛ්‍යාවකට ආහාර සැපයිය හැකිව තිබුණි.

ශිෂ්ටාචාර සම්පන්න ලෝකයක, අන් පුරවැසියෙකුගේ අත්‍යාවශ්‍ය උවමනාවක් නොසලකා හැර තමන් ගැන පමණක් බලන්නාට ආත්මාර්ථකාමී යයි කියනු ලැබේ.

මා පැනයක් අසා නැත. මෙය ප්‍රකාශයක් පමණයි. සත්‍යය වසන් කර තම මතයම හරි බව පෙන්වන්නට තැත් කරන්නාද එක්තරා අන්දමක මානසික රෝගියෙකි.

නිලන්ත පියසිරි said...

රැයෙහි අහස දෙස බලා සිටීමට මම මහත් කැමැත්තෙමි. තරුණ තාරකාවේදීන් ගේ සංගමයෙහි පවා මම සාමාජිකයෙක්ව සිටියෙමි. අහස පිරිසුම/නිරුක්සුම විටෙක බවුන් වැඩීමක් මෙනි. කෙසේ නමුදු සරත් ගුණතුංග මහතා මතුකරන කාරණය තුල යම් ඇත්තක් තිබේ. එනම් කෝටි ගණන් ජනයා හාමතේ මිය යන කල ඇත අහසේ ඇති ග්‍රහ වස්තු වල ජීවය ඇතිදැයි සෙවීම කෙතරම් සාධාරණද? වෙනත් ග්‍රහ ලෝක වලින් ඉන්ධන ලබා ගැනීම, ඒවායේ පදිංචි වීම, වගේ සුඛෝපභෝගී දේවල් තමයි ඔය දියුණු රටවල් වල පැතුම.

Anonymous said...

අප සියලුම විද්‍යාවන් ගැන සොයා බැලිය යුතුය, එසේම අන්තගාමී නෙවිය යුතුය. අන් රටවල අය කොතරම් වියදම් කරනවාද අප ගැටලුවක් කරගතයුතු නැත. ඔවුන්ගේ දේශපාලණය, හා වියදම් ඔවුන්ටම බාරදී අප යන ගමන අප යා යුතුය. අපේ චේතණාව යහපත් නම් අපටද යහපතක්ම අත්වනු ඇත.

Anonymous said...

මගේ පුද්ගලික මතය වන්නේද ඔය සොයා ගන්නා වූ දේ වලින් මිනිසාට සිදුවන යහපතට වඩා යහපතක් ඒ සඳහා නාස්ති කරන මුදල් වලින් කළ හැකි බවය. යම්කිසි දිනෙක වල්ගාතරැවක් හෝ විශාල උල්කාවක් පෙලව හා ගැටීමට ඇති හැකියාව ගැන සොයා බල බල සල්ලි වියදම් කරනව‍ට වඩා හොඳ නැද්ද ඒ සල්ලිවලින් දැන් ජීවත් වෙන අයගේ බඩගිනි නිව්ව නම්?
දැන් ඉන්දියාවත් මේ වැ‍ඩේට අත ගහල නේ. ඉන්දියාවේ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද?

Dasun Sameera - දසුන් සමීර said...

සරත් මහතානණි.
ඔබට පෙනෙන ලෙස කෙලින්ම යහපත්ක් නොවුනද වක්‍රාකරයෙන් සිදුවූ යහත් හෝතු බොහෝමයක් ඇත. ඔබ සහ අප අද මෙසේ අන්තර්ජාලය හරහා කථා කිරීමට තරම් අන්තර් ජාලය වර්ධනය වීමට චන්ද්‍රිකා තාකෂණය උපකාරී වුන බව අමතකද? ‍වෛදය විද්‍යව හෝ වෙනත් ඕනෑම බටහිර විද්‍යාවක් සව්‍යාත්තව දියුනු වන බවක් මට ‍හිතාගන්න බෑ. වැරදිනම් පහදා දෙන්න. සමහර වෛද්‍ය පරීක්ෂණ සඳහා අනාගතයේ දී ප්‍රතිකාර සෙවීමට මෙය රුකුලක් විය හැකි බව මගේ අදහසයි. උදා හරණයක් ලෙස ශූන්‍ය ගුරුත්වය යටතේ කළ යුතු පරීක්ෂණ කිරීමට අභ්‍යව කාෂය තුල සදු කිරීම හැර අන් ක්‍රමයක් නැත. අනික අනාගතේයේ පැමිණිය හැකි සූරුය සළඟක් වැනිදෙයක් වියසනයක් ගැන පූරුව දැනුවත් වීමකද මේවැනි සොයා ගැනීම් උපකාරී වන්ට පුළුවන්. ඔබ කියන මුදල් නාස්තිය සැබෑවකි. නමුත් ඒ සියල්ල එකම ගිණුමකට බැර කිරීමට තරම් අපි සාහසික නොවෙමු. සෑම දේකම වැරදි පමණක් දකින්නේ ඇයි!

Dasun Sameera - දසුන් සමීර said...

@Anonymous
කොහොමද ඉන්දියාවෙන් යවනු ලැබූ සන්නිවේදන චන්ද්‍රිකාවක් මගින් අපට ලාභදායි සන්නිවේදන හැකියවක් ලැබුනොත් එපා කියනවද? :D

සරත් ගුණතුංග said...

සමීර මහත්මයා
මේ බ්ලොග් එක අයිති කරු මගේ මුල් ප්‍රශ්නය කර කවා ගෙන වෙන ප්‍රශ්න මතුකර ඇත. අලුත් බ්ලොග් ලියා මුල් ප්‍රශ්නය යට කර ඇත. මුල් ප්‍රශ්නය, ග්‍රහ ලෝක තරණයයි. චන්ද්‍රිකා ගැන කිසිම ප්‍රශ්නයක් මම නගා නැත. මම කියා සිටියේ ග්‍රහ ලෝක තරණය ඉතා වියදම් සහිත බවත්, ඒ විනාශ වන මුදලින් ලොවේ ඇති වෙනත් ප්‍රශ්න විසඳිය හැකි බවත්ය. නමුත් බ්ලොග් එක හිමි මහත්මා සිය මතයම නිවැරදි බවත්, ඒ සඳහා නොයෙක් නොයෙක් අදාල නොවන මත පල කොට අපි සැවොම දඟරයකට පටලවා ඇති බවක් පෙනී යයි.
මහත්මයා මෙතැන බලන්න.

http://mageahasa.blogspot.com/2008/12/blog-post_192.html

සරත් ගුණතුංග said...

Mr Dasun Sameera, Sir please read this too.

http://mageahasa.blogspot.com/2008/12/blog-post_10.html

සරත් ගුණතුංග said...

Mr Dasun Sameera,
I would strongly suggest to read one particular book " Structure of scientific Revolutions - Thomas Kuhn".

What it says is, 'we live in a scientific paradigm' there are scientific theories which predominate in this period of time. Our outlook of the world, what we believe as science during this paradigm would be valid only for this paradigm. when new things are found, with time the older theories would change and these are called anomalies. Then the scientific thinking, will change and new theories would emerge and new scientific instruments would be manufactured.

Therefore if you are scientific, what you see now as true would be wrong in time to come.

Dasun Sameera - දසුන් සමීර said...

සරත් මහතාණෙනි,
පෙන්වා දුන්නාට තුති. ඔබ කී කථාව ඇත්ත. මා කියවූයේ සරත් ගුණතුංග ගේ පැනය‍ට පිලිතුරු සහ Tyronne ගේ පැනය‍ට පිලිතුරු යන මාතෘකා දෙක යටතේ පලවූ ලිපිය පමණයි. ඇත්තවශයෙන්ම් නොමගයවීමක් සිතාමතා හෝ නොහිතා හෝ සිදුවෙළා තියෙනවා. ඔබ කියන කථාව ඇත්ත කෙසේ වෙතත් මා දන්නා පරිදි අඟහරු තරනයට වැනි කාරණාව තවමත් සිහිනයක් පමණයි. ඇමරිකනු රජය වුවත් මේවගේ දේකට මුදල් යට කරයි කියලා හිතන්න බෑ. නාසා ආයතනයේ ව්‍යාපෘති ගණනාවක් සඳහාම මුදල් රජය මුදල් ලභාදීම ප්‍රතික්ෂේප කර ඇති බව කවරුත් දන්නා දෙයක්. ඔබ නිවැරදිය.

බ්ලොග් එක අයිති කරු පවසන ලෙස ලඟලඟම සිදුවන වල්ගාතරැවක් හෝ විශාල උල්කාවක් මගින් ලොකය විනාශ වන බව විහිළුවට මෙන් සිතුවත්. දැනට ඇති තාකෂණය හා පහසුකම් මගින් මිනිසුන් කියයක් කොපමණ කලක් අඟහරුලෝකේ තියා ගන්න පළුවන්ද කියල හිතුවොත් ඔය කියන උත්තරය නිකම්ම උපහාසයට ලක්වෙනවා.

Dasun Sameera - දසුන් සමීර said...

"Therefore if you are scientific, what you see now as true would be wrong in time to come."

True. That is the quote always in my mind.

Anonymous said...

සරත් මහත්තයා බොරුවට උඩ පැන්නට ඔය කීපදෙනෙක්ට එකතුවෙලා ‍ලෝකය වෙනස් කරන්න බෑ, කියවන්න විතරයි පුලුවන්. ඉතිං අධ්‍යාපණිකව අප සෑම දෙනාටම අලුත් තොරතුරු ගෙනෙන මෙවැනි වටිනා බ්ලොග් අඩවියකට ඔ‍ෙබ් දේශපාලණය ඔබන්න උත්සාහ කරන්න එපා! ඔබ විහිලුකාරයෙක් බවට පත්වේවි. ඔබ අප මෙලෙස හමුවන්නේද, දුරකථන ආදිය භාවිතා කරන්නේද තාරකා විද්‍යාව නිසයි. තාරකා විද්‍යාවට මෙන්ම ලංකාවටද මහත් සේවාවක් කල ආතර් සී ක්ලාක් වැනි උත්තමයින් මුලු ලොවම පිලිගත් වැඩදායි පුද්ගලයින් මිස පිස්සන් නොවෙයි. වැරදි සහ නරක කථා කිරීමට ඕනෑතරම් දෙනා සිටියි, නමුත් වටිනාකම ගැන කිසිවකුත් කථා නොකරයි!! බුදුන්ගේද හිසට ගල් පෙරලුවන් සිටිය බව අමතක නොකරන්න!