Tuesday, December 9, 2008

ඩනිෂ්ක ගේ සහ සරත් ගුණතුංග ගේ පැනය‍ට පිලිතුරු

ඩනිෂ්ක ගේ පැනය‍

ලංකාවේ අය මෙම ක්‍ෂේත්‍රයේ සොයාගැනිම් කර තිබේ ද?* නාසා හි සිටන ශ්‍රී ලාංකිකයින් නොව වෙනත් අය.

පිලිතුර

ඔවු, චන්ද්‍රා වික්‍රමසිංහ - ජීවය මිහිපිටට ගෙන ආවේ වල්ගාතරු මගින් බව‍ට අදටත් පර්යේෂණ කරන ඉතා වැදගත් මතයක් ඉදිරිපත් කල ශ්‍රී ලාංකිකයේක් තවද රේ විජේවර්ධණ - ග්‍රහ පද්ධතියක් සොයා ගැනීමට දායක වූ අයෙක් බවට මට මතකයි අපට අමතක තවත් අය සිටිය හැක.

සරත් ගුණතුංග ගේ පැනය‍

සමාවෙන්න, ඔවු කියන්න තියෙන සාධක මොනවාද? මේ දේවල් පිලිබඳව ඇති දැනුම හැර,මානව සංහතියට දැනට වී ඇති යහපත කුමක්ද?සටන් වලට අවශ්‍ය දේවල් නම් බොහොමයක් දැනට තිබෙනවා. ඒවායින් මානව සංහතිය විනාශ මුඛයට ගෙනයනවා මිස වෙන යමක් කල හැකි බවක් පිලිගන්න බැහැ.ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පිරි මේ ලෝකයේ පිට සක්වල ගැන සොයනවාට වඩා ඔය අන්වීක්ෂ තමා තුලටම එල්ල කර ගත හොත් තමා පිළිබඳව අධ්‍යයනය කල හැකි නේද? බුදු රජානන් වහන්සේ අපට දේශනා කලෙත් සසර දුකෙන් ගැලවීමට නොවේද? බුදුන් වහන්සේ වරක් ඇට්ටෙරිය වනයේදී, බිම වැටී තිබූ ඇට්ටේරියා කොල මිටක් අතට ගෙන "මහණෙනි උන්වහන්සේගේ අතේ තිබූ ඇට්ටෙරියා කොල මිට පෙන්වා, මේ වනයේ ඇති කොල ගොඩද, මගේ අතේ ඇති කොල මිටද විශාල වන්නේයැයි විමසුව සේක. භික්ෂූන් වන්සේලා " ස්වාමීනි මේ වනයේ ඇති කොල ගොඩ" යැයි වදාලහ. එවිට උන්වහන්සේ "මගේ ඥාණයත් එසේමය; ඔබට උගන්වා ඇත්තේ මේ සසර එතෙර වීමට අවශ්‍ය දැනුම පමණකි, දැනගැනීමට අවශ්‍ය එපමණකි" යැයි වදාල සේක. (සිම්සපා සූත්‍රය- සංයුක්ත නිකාය 56.31 ) තවත් අවස්ථාවක උන්වහන්සේ පිටසක්වල ඇති ලෝක හා සන්නිවේදනය කල හැකි ක්‍රම පිලිබඳව සාකච්ඡා කර ඇත. කිසිම විටෙක පිට සක්වල පිහිටි ලෝක වල යායුතුය යනුවෙන් සඳහන් කර නැත. බෞද්ධයෙක් හැටියට උන්වහන්සේ ධර්මය මමද පිලිගනිමි.

පිලිතුර

රාෂියක්ම තිබෙනවා වසර කිහිපයකට පෙර සූර්යයාගේ විද්යුත් චුම්භක තරංඟ වල අගය සැලකිය යුතු ලෙස ඉහල ගියා චන්ද්‍රකා, ගුවන් යානා, ආදියට මින් භාධා එල්ල වුනා මේ නාසා දැන් සුර්යයා අප ත්‍රිමාණව නිරීක්ෂණය කරනවා 2012 දී සුර්යයා ගේ උච්ච අවස්ථාවට එලඹීමට නියමිතයි මේ නිසා යම් කරදරයක සේයාවක් දුටුවහොත් විනාඩි 45 ප්‍රථම ඊට සූදානම් වීමට ඉඩ ලැබේවී, ඒ තාක්ෂණයට හා තාරකා විද්‍යාවට පින්සිදු වන්නටයි. මෙවැනි කරුනු දහස් ගනනක් දින ගනනක් පුරා කථා කල හැකි පැණයකි.

මමද බෞද්ධයෙක්මි නමුත් සියල්ලෝම උන්වහන්සේගේ ධර්මය ගැන කථා කරනවා මිස නිසිලෙස පිලිපදින බවක් හෝ අනුගමනය කරන බවක් නෙපෙනේ, මිනිසා කුතුහලය නිසා විවිධ වු සෙ‍ායා ගැනීම් මෙන්ම තරණය කල තැන්ද ඉමහත්ය. බුදුන් වහන්සේද පිටසක්වල ඇති ලෝක හා සන්නිවේදනය කල හැකි ක්‍රම පිලිබඳව සාකච්ඡා කර ඇත්තේද උන්වහන්සේගේ කුතුහලය සහ මිනිසාට ඒ ගැන සොයා බලා කරුනු පැහැදිලි කිරීම අවශ්‍ය බව උන්වහන්සේට හැගුනු නිසා විය යුතුය. විද්‍යාවද කරුනු සෙයමින් කරන්නේද ඊට සමාන කටයුත්තක්මය. එක්දෙයක් මතම හෝ එක් අයකුගේ ඉගැන් වීමක් මතම නෙපිහිටා තමන්ගේ මාවත තමන්ම සකස්කර ගැනීම වඩා යෝග්‍ය බව මගේ ‍ෙපෟද්ගලික මතයයි.

2 comments:

සරත් ගුණතුංග said...

තරහ වෙන්න එපා, මේ අදහසක් පමණයි.................ඔය සොයා ගන්නා වූ ග්‍රහයින්ගෙන් මිනිස් ප්‍රජාවට කිසියම් යහපතක් වෙයිද?මේ ලෝකයේ මෙතරම් ප්‍රශ්න තිබියදී නොයෙක් ආම්පන්න සහිතව ඔය ලෝක වලට, කෝටි ගනන් වියදම් කරගෙන යන්නේ යන්නන්ගේ උජාරුව පෙන්නනට නේද?

මහත්මයා, කලබල වෙන්න එපා. මගේ පැනය ඉහත දක්වා ඇත. ඔබ ගැටලුවට පමණක් පිලිතුරු දෙන්න. විද්‍යාව පිලිබඳවත් බුද්ධාගම පිලිබඳවත් ලොව තතු පිලිබඳවත් යම් දැනුමක් මටද ඇත.

ජීවය මිහිපිටට ගෙනාවේ වල්ගා තරු? ඒ බව ඔප්පු කර ඇත්ද? සාදක මොනවාද? කිසිවකුගේ මතයක් පිලිගැනීමට නොහැකිය. ජීවය මිහිපිටට ගෙනාවේ කවුරුන්දැයි සෙවීමට ගියහොත් මානසික රෝගියෙක්ව කෙලවර වන බව බුදුරදුන් දක්වා ඇත. තවද, උන්වහන්සේ පුබ්බේනිවාසානුස්සති ඥාණයෙන් කල්ප ගනණක් ඈතට විමසා බලා, එකල්හිත් මිනිස් වාසයක් තිබුණු බවට සඳහන් කර ඇත. විපස්සි බුදුරදුන් සමයෙහි සාමාන්‍ය මිනිස් ආයුෂ අවුරුදු 84000 බවත් බුදු රජානන් වහන්සේ සඳහන් කර ඇත.

"බුදුන් වහන්සේද පිටසක්වල ඇති ලෝක හා සන්නිවේදනය කල හැකි ක්‍රම පිලිබඳව සාකච්ඡා කර ඇත්තේද උන්වහන්සේගේ කුතුහලය සහ මිනිසාට ඒ ගැන සොයා බලා කරුනු පැහැදිලි කිරීම අවශ්‍ය බව උන්වහන්සේට හැගුනු නිසා විය යුතුය. "

ඔබ මෙසේ කීවද මෙවන් දෙයක් කිසිම සූත්‍රයක සඳහන් වී නැත. බුදුන් වහන්සේ සියල්ල දත් සේක. එව්න් උත්තමයෙකුට අගෞරව නොකරන මෙන් මම ඔබතුමාගෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි. උන්වහන්සේ වදාල හැම දෙයක්ම පැහැදිලිවම, ඉතා පිරිසිදුවම් වදාල සේක.

විද්‍යාවත් බුදුවරු අතරත් ඇතේ විශාල පරතරයකි.
මෙලොව පහලවූ බුදුවරු විසිහතර දෙනාම දෙසුවේ එකම ධර්මයකි. එනම් ලොව තූල සදා පවත්නා ආර්ය සත්‍යයන් සතරය. ඒ ආර්ය සත්‍යයන් එදත් අදත් එසේමය. විද්‍යාව එසේ නැත. ඔබ්තුමා වැනි නවකයෙකුට ඔබින ග්‍රන්ථයක් ඇත. මේ නම් Structure of the scientific revolutions - Thomas Kuhn මෙහි ඉංග්‍රිසි ටිකක් බරපතලය, නමුත් කියවීමෙන් විද්‍යාව ගැන සෑහෙන අවබෝධයක් ලබාගත හැකිය. එහි සඳහන් වන්නේ, In a scientific society, the scientific discoveries are put to test by the scientific people and find the anomalies. Then they put forward another theory. A period of time where one set of scientific discoveries are tested is called a paradigm. අපිත් සිටින්නේ එවන් පැරඩයිමකය. තව අවුරුදු කිහිපයකින් මිහිපිටට ජීවය ගෙනාවේ වෙන තැනකින් බව තව විද්‍යාඥයෙක් පවසනු ඇත. විද්‍යාඥයින්ගේ සොයාගැනීම් සහ මිනිස් මනැස දෙස විචාරාත්මකව බලනවිට විද්‍යාඥයෝ ඇත්ත වශයෙන්ම සියලුම කරුනු නොදන්නා, දන්න සුලු ප්‍රමානයෙන් සිය මහන්තත්වය විදහා දක්වන්නට තැත්කරන විද්‍යා අඥ්‍යයින් බව කිව හැක.

ඔබට තෙරුවන් සරණයි

සරත් ගුණතුංග said...

"රාෂියක්ම තිබෙනවා වසර කිහිපයකට පෙර සූර්යයාගේ විද්යුත් චුම්භක තරංඟ වල අගය සැලකිය යුතු ලෙස ඉහල ගියා චන්ද්‍රකා, ගුවන් යානා, ආදියට මින් භාධා එල්ල වුනා මේ නාසා දැන් සුර්යයා අප ත්‍රිමාණව නිරීක්ෂණය කරනවා 2012 දී සුර්යයා ගේ උච්ච අවස්ථාවට එලඹීමට නියමිතයි මේ නිසා යම් කරදරයක සේයාවක් දුටුවහොත් විනාඩි 45 ප්‍රථම ඊට සූදානම් වීමට ඉඩ ලැබේවී, ඒ තාක්ෂණයට හා තාරකා විද්‍යාවට පින්සිදු වන්නටයි. මෙවැනි කරුනු දහස් ගනනක් දින ගනනක් පුරා කථා කල හැකි පැණයකි."

සූර්යයාගේ විද්‍යුත් චුම්බක තරංග මීට කලින් ඉහල ගියේ නැද්ද? නොගියා බව දන්නෙ කොහොමද? අහස් යානා වලට වුන බාධක මොනවද? 2012 සූර්යයා උච්ච අවස්ථාවකට එනව නම් එය නවතන්න පුලුවන්ද? එකිනෙකට ඇති ගුරුත්වාකර්ෂණය නිසා අවකාශයේ රැඳී පවත්නා එක් එක් ග්‍රහ ලෝකවල ගුරුත්වාකර්ෂණයට බාධා කලොත් සියලුම ග්‍රහ ලෝක වලට එය බලපාවි නේද?

විනාඩි 45 කට පෙර සූදානම් වන්නේ කුමක් සඳහාද?
මේ ගැන දවස් ගනන් කථා කලත් එයින් අපට වන සෙතක් නැත්නම් කථාකිරීමෙන් ඇති ඵලය කුමක්ද?