Sunday, July 13, 2008

අද තාරකා විද්‍යාව සහ එහි ආනාගතය

අද වනවිට හැමදෙයක්ම වගේ වානිජමය මුහුනුවරක් අරගෙන. තාරකා විද්‍යාවත් අද ධනවතුන්ට මුදල් ගෙවා අභ්‍යාවකාශ සංචාරයක් ලබාගත හැකිතරම් දියුනු තත්වයකට පත් වෙලා, එය ඉක්මනින්ම සාමාන්‍ය ගුවන්ගමනක් තත්වයට වැඩිකල් නෙගොස්ම පත්වේවි. මුලින් සෝවියට් රැසියාව හා ඇමරිකාව අභ්‍යාවකාෂය ජයගන්න තියුනු තරඟයක හිටියත් අද වනවිට ජපානය, යුරෝපා එකමුතුව වගේම චීනය ඉන්දියාව වගේ රටවලුත් අභ්‍යාවකාෂ යුගයට පිවිසිලා. සඳ ජයගැනීමට එක් රටක් උත්සාහ කරන විට තව රටක් අඳහරැ ජයගැනීමට සැරසෙනවා, මේනිසාම ඉක්මනින් නැවතවරක් හොඳ තරඟයක් ඇතිවේවි. මම හෝඳ තරඟයක් කිවුවෙ සෑම විටම තාරකා විද්‍යාව ජයගන්නා විට එයට සම්බන්ද අනෙක් සියලුම විද්‍යාවන් ජයග්‍රහන රාෂියක්ම ලබාගෙන තියේවි. තාරකා විද්‍යාව විද්‍යාවන්ගේ මවු විද්‍යාව වෙන්නෙත් මෙන්න මේනිසාමයි.

අද ලංකාවෙ තරැණයෙක් ජලයේන් ක්‍රියාකරන වාහනයක් නිපදවුවා සේම, හෙට තවත් අයකු ආලෝකය ශක්තිය බවට හරවන අලුත් ක්‍රමයක් සොයා ගනීවි. අභ්‍යාවකාෂ යානා වලට න්‍යෂ්ථික ශක්තිය භාවිතයට ගැනීමත් සමගම සඳට මෙන්ම අඟහරැටත් පැය කිහිපයකින් ගිහින් එන්න හැකියාව ලැබේවි. මේ හැම දෙයක්ම සඳහා සියලුම දෙනාගේ සහය මෙන්ම කැපවීමත් අවෂ්ශම කාරනාවකි. නව සොයා ගැනීම් වගේම නව අදහස් මිනිසා ජයග්‍රහනය තෙක් රැගෙන යාවි, ඔබත් අදම සිතට ගෙන තමන් නියැලෙන කාරණය කුමක් වුවත් එය වඩා හෙඳින් ඉටු කරන්න, එවිට ඔබත් ජයග්‍රහණයේ කොටස් කරැවකු වනවා නෙඅනුමානයි.

1 comment:

Kasun said...

ඔබ කියන දේ ඇත්ත.
මිනිසාගේ දියුණුව රදා පවතින්නේ නව සොයාගැනිම් එක්ක.

බොහෝ නව සොයාගැනීම් ගැන බැලුවහොත් පෙනි යන කරුණක් තමයි. එය සමහර විට අහම්බෙන් නැතිනම් වෙනත් ක්ෂේත්‍රයකට අදාල හේතුවක් නිසා බිහිවූ ඒවා බව. මුල් යුගයේ අභ්‍යාවකාශ ගමන් වලට ගාමක බලය සැපයුයේ යුද්ධමය හේතූන් හා ඒ වෙනුවෙන් බිහිවූ නිපදවීම්.
ඒ වගේම තමයි තාරකා විද්‍යාවේ ප්‍රගමනය හා ඒ වෙනුවෙන් කල පරීක්ෂණ හා නිපදවීම් නිසා අනෙකුත් ක්ෂේත්‍රයන් වෙත ලැබුණු දේ අපමණයි. වැඩි දුර යා යුතු නැහැ දුරේක්ෂය සොයාගැනීමම....